ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ අදාළ නියෝග නිකුත් කර ඇති අතර, දැනට පවතින විධිවිධාන යටතේ මාස 06ක හෝ මාස 12ක කාල සීමාව සහිත විශේෂ තැන්පතු ගිණුම් නැවත ආයෝජනය කිරීමටත්, එවැනි විශේෂ තැන්පතු ගිණුම් සඳහා අතිරේක පොලියක් ප්‍රදානය කිරීමටත් හැකියාව පවතී.
Read Moreමෙරටට ලබාගත හැකි සමස්ත ප්‍රතිලාභය සැලකිල්ලට ගෙන, ඇතැම් කොන්දේසිවලට යටත්ව, ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර/ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිල දී ගැනීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවලට, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සහ අවස්ථානුකූලව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි මූල්‍ය නොවන සමාගම් සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එකඟතාව පළ කර ඇත.
Read Moreවිදේශ මුදල් ප්‍රවාහ අඩුවීම මධ්‍යයේ වුව ද, මෙම අසීරු කාර්යභාරය ඉටු කිරීමට හැකි වන ආකාරයට, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන ආනයන මත සීමා පැනවීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ය. මෙම සමහර සීමාවන් ක්‍රමයෙන් ඉවත් කෙරෙමින් තිබුණ ද, COVID-19හි රැළි කිහිපයක් ඔස්සේ දිගින් දිගටම මතුවන අභියෝග හමුවේ, අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ආනයන තවදුරටත් සීමා කර තබා ගැනීමේ අවකාශය පවතින බව මහ බැංකුවේ අදහසයි.
Read More2021 අංක 02 දරන විදේශ විනිමය නියෝග අනුව, විදේශීය මුදලින් නිකුත් කරනු ලබන ණයකර හෝ මූලික කොටස් නිකුතුව හෝ ලාභාංශ ගෙවීම හෝ විදේශ මුදල් බෙදා හැරීමෙන් ලැබෙන මුදල්, ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට (Business Foreign Currency Account) බැර කිරීමට හෝ අවසර නොමැත.
Read Moreනීතිය කඩ කරන්නන්ට විරුද්ධව පොලිසිය විසින් ක්‍රියා කිරීමේදී එය අත්තනෝමතික හෝ පුද්ගලයාගේ අනන්‍යතාව හෝ සමාජ තත්ත්වයට හානි නොවන අයුරින් සාධාරණව හා අපක්ෂපාතීව සිදුවිය යුතු බව සංවිධාන 19ක් ප්‍රකාශ කරයි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදී පාලනය, වගකිවයුතු බව, සහයෝගීතාවය මෙන්ම ව්‍යවස්ථාදායක යන්හි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම තරුණ සහභාගිත්වය සවිබල ගැන්වීම ආදී තිරසර ඉලක්කයන් සුරැකීමට දායකත්වය සැපයීමයි.
Read Moreවෙනස සැපද?” ඔය වචනය දැන් අපට පුරුද්දට ගිහිල්ලා. මේක මුලින්ම ඇහුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එය ඇහුවේ එවකට හිටපු ආණ්ඩුවේ කෙරුවාව ගැන කියන්න. සාමාන්‍යයෙන් මේ කතාව මුලින්ම කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා කියනවා නෙවෙයි. ගමේ ගොඩේ මිනිස්සු ඕන තරම් කිව්වා. වරද්දගත්තට පස්සේ ඒ මිනිසුන්ගෙන් “දැන් සැපද?” කියලා අහනවා.
Read Moreදැන් බංගලිදේශයෙන් ණයක් ගන්නවා ඩොලැර් මිලියන 20ක් වුවමනා නැති දේකට හාල් ගෙන්වන්න අපි ඩොලර් මිලියන 48.6ක් අපි ඉන්දියාවට යවනවා. මේක අපරාධයක්. ගරු ජනාධිපතිතුමනි මේ ගැන හිතන්න.
Read More2020 අප්‍රේල් මස සිට 2021 අප්‍රේල් දක්වා කාලය තුළ අත්අඩංගුවේ පසුවෙද්දී හා නීතියට පරිබාහිර ක්‍රියාදාමයන් තුළ දී සිදුවු මරණ 27ක් හඳුනාගෙන ඇත.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සතුව තිබිය යුතු සුදුසුකම් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති හා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පසුගිය මහමැතිවරණයට සති කිහිපයකට පෙර ප්‍රකාශයක් කළේය. ව්‍යවස්ථා සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම හා ජනතාව නියෝජනය කිරීම යන කටයුතුවලට දායක වීමේ හැකියාව ඉදිරිපත් කළ සුදුසුකම් විය.
Read More