මේ ඇතිව තිබෙන තත්වයට වසර හැත්තෑ දෙකක් රට පාලනය කළ සියලු දෙනාට චෝදනා එල්ල කර තමන්ගේ අසාර්ථකභාවය සාමාන්‍යකරණය කිරීමට ආණ්ඩුව දරන උත්සාහය ලැජ්ජාසහගතයි. පවතින ආර්ථික අර්බුදය මහා පරිමාණ අර්බුදයක් බවට පත්ව එය දැවැන්ත කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් ඇත.
Read Moreමේ මස 4 දා සිට ඊයේ (28) වනවිට රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් පිපිරීම්, ගිනි ගැනීම් සිදුවීම් අටක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේ පමණක් සිදුවීම් තුනක් වාර්තා වී තිබේ. මේ නිසා තම නිවසේද කොයි මොහොතක හෝ එවැනි පිපිරීමක්, ගිනි ගැනීමක් සිදුවනු ඇතැයි හැමදෙනාම බියෙන් සිටියත් වගකිවයුතු කිසිවකු මෙම තත්ත්වය එතරම් බරපතළ ලෙස සලකා ඇති බවක් පෙනෙන්නට නැත.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල විණි. එම බලපෑම කොතෙක්ද යත් 2020 වසරේදී ගෝලීය ආර්ථික වර්ධන වේගය සටහන් වූයේ ඍණ 4ක් වශයෙනි. කෙසේ වෙතත් වසංගතය මධ්‍යයේ වුවද 2021 වසරේදී ලෝකයේ බොහෝ රටවල් ඍණ ආර්ථික වර්ධනවල සිට ධන ආර්ථික වර්ධන කරා ආර්ථික කටයුතු දියුණු කරගත්තේය.
Read More2015 නොරොච්චෝලෙ ව්‍යාපෘතියෙන් පසුව විදුලි බල ශක්තිය උත්පාදනය උදෙසා ටෙන්ඩර් කිහිපයක් කැඳවූ නමුත් ලංවීම කිසිදු බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සමත් නොවූ නිසා රට මහා විදුලි අර්බුදයක් කරා ළං වෙමින් පවතී.
Read Moreකොවිඩ් ව්‍යසනය විසින් ලොව බොහොමයක් රටවල ආර්ථිකය හපකර දමනු ලැබීය. අපේ රටට ද එයින් ගැලවීමක් නොවීය. එහෙත් හපවූ ආර්ථිකයක් හිමි වූ රටවල් අතුරින් බොහොමයක් යළිත් හිස ඔසවා තිබේ. ධනවත් රටවල් පමණක් නොව ධනවත් නොවන රටවල් ද මේ වන විට ආර්ථික වශයෙන් කිසියම් හෝ ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වී සිටී. එහෙත් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ අඳුරේ අතපත ගාමිනි.
Read Moreඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .
Read Moreවිදේශීය ජාතිකයෙකු විවාහ කර ගැනීමට කැමති ශ්‍රී ලාංකිකයන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිෂ්කාශනය ලබා ගත යුතු වන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයකට අනුව දැක්වේ. විවාහය ලියාපදිංචි කිරීමට පෙර යුවළට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ‘ආරක්ෂක නිෂ්කාශනය’ ලැබෙන තුරු බලා සිටීමට සිදුවන බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කර ඇත.
Read Moreශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික වශයෙන් විශාල පිරිසක් එක් වෙමින් සිටින බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති.
Read Moreවිනිමය අර්බුදයට එක් පිළියමක් ලෙස ඉන්ධන මිල ඉහළ දැමූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ ය. එහෙත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ ඉන්ධන මිල ඉහල දැමීමෙන් රටේ පවතින විනිමය අර්ර්බුධයට පිළියමක් නොවන බවයි. මේ නිසා දැනටමත් ඉහල යන උද්දමනය තවත් විශාල වශයෙන් ඉහල යාමෙන් දැනටමත් අපහසුතාවයට පත්ව ඇති මහ ජනතාව තව තවත් අපහසුතාවයට පත්වන බවයි.
Read Moreතවදුරටත් භාණ්ඩ මිල ඉහළ යෑමක් ගැන හා සලාක ක්‍රමයට භාණ්ඩ බෙදාහැරීමක් පිළිබඳව අනතුරු හැඟවී ඇත. ඩොලර් හිඟය හේතුවෙන් භාණ්ඩ ආනයනයට සීමා පැමිණවීම නිසා මේ තත්ත්වය උදාවනු ඇති අතර, තවත් සති කිහිපයක් තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මෙසේ ඉහළ යනු ඇති බව හා හිඟයක් මතු කෙරෙනු ඇති බව කියනු ලැබේ.
Read More