2018 වර්ශයේ පැවති පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා හිමි වන විටත් මීට පෙර මගේ පක්ෂයේ අනෙකුත් තරඟකරුවන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළ නිසා මට යම්තාක් දුරකට අත්දැකීම් තිබුණා. මම පාසල් කාලයේදිත් දේශපාලන විද්‍යාව විෂයක් ලෙස හැදෑරුවා. මගේ තාත්තා සහ ඔහුගේ පරම්පරාවේ අය සක්‍රීය ලෙස දේශපාලනයට දායක වෙලා තියනවා. මගේ තාත්තා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙක්ව සිටියා. මම ඔවුන් අනුගමනය කරමින් අනුරාධපුර ප්‍රදේශයේ නැගී එන ශ්‍රීලනිප දේශපාලකයන්ට සහයෝගය දැක්වුවා.
Read Moreමට කිසිම අදහසක් තිබුණේ නෑ දේශපාලනයට සම්බන්ධ වෙන්න. නමුත් ගෝමරන්කඩවල ප්‍රදේශයේ කාන්තාවන් සහ අනෙකුත් අසරණ මිනිසුන් වෙනුවෙන් මම වසර ගණනාවක් පුරා සිදු කළ සමාජ සේවය නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මට ආරාධනා කළා 2018 පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වන ලෙස. ඔවුන්ට 25% කෝටාව සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසු අපේක්ෂිකාවන් අවශ්‍ය වී තිබුණා. ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාවේ කාන්තා මන්ත්‍රීවරියන් සිව් දෙනාගෙන් එක් අයෙක් මම. මුල් කාලයේදී පිරිමි සභිකයන් මට නින්දා සහගත විදියට සැලකුවා මම ලැයිස්තුවෙන් තේරී පත් වූ නි
Read Moreමගේ පවුල දේශපාලනිකව ගොඩක් ක්‍රියාකාරී පවුලක්. මගේ පියාගේ පියා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වී සිටියා. මගේ තාත්තාත් ස්වාධීනව තරඟ වැදුණා 1972 පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී. මගේ පියා දෙවරක් ප්‍රාදේශිය සභාවට තේරී පත් වුණා. මගේ සීයාගේ ආරම්භක පක්ෂය ලංකා සමසමාජ පක්ෂය, නමුත් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා. 1971 වසරේ සීයාගේ අභාවයෙන් පසු සෑම වර්ෂයකම ජූලි මස 11 වැනි දිනට එතුමා වෙනුවෙන් ගුණානුස්මරණ උළෙලක් සංවිධානය කරනවා. ඒ ඔහුගේ නමින් පිහිටුවන ලද සෝමවීර චන්ද්‍රසිරි සංස්කෘතික පදනම
Read Moreමට දේශපාලනයට පිවිසීමට කිසිම කැමැත්තක් තිබුනේ නැහැහේතුව මාගේ පියාගේ දේශපාලන කටයුතු නිසා (කාර්යබහුල වීම) මගේ මව පියා අතහැර ගියා. එහෙත් මාගේ පියා මාත් මාගේ මල්ලිලා තුන්දෙනාත් රැකබලා ගනිමින් ඉමහත්සමාජ මෙහෙවරක් කරලා කුඩා කාලයේ සිටම මට මවගේ භූමිකාව වගකීම් ගැනීම්, පියාගේ ව්‍යාපාර වලට සම්බන්ධ වීම මට පැවරුණා. එමනිසා මාගේ අධ්‍යාපනය උසස් පෙළ දක්වා සීමා වුනා. 2009 පියාගේ වියොවත් සමඟ ඔහුගේ සියළුම වගකීම් සමාජ මෙහෙවර මා කිරීමට පසුබට වුනේ නැහැ. මොකද මගේ පියාට උපහාරයක් හා ආදරයක් විදියට ඔහුගේ වැඩ කටයුතු මා ඉතා සත
Read More2018 මම කඩුවෙල මහනගර සභාවට තේරී පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මම තේරුම් ගතපු දෙයක් තමයි පිරිමි සභිකයන් පළාත් පාලන පනතවත් කියවලා නෑ කියන එක. ඒ වනවිටත්, කාන්තා සභිකයන් සැසිවාරවලදී අවශ්‍ය වූ විට පළාත් පාලන පනත උපුටා ගනිමින් තිබුණා. එයට අපි සහභාගී වූ නොයෙකුත් පුහුණු සැසිවලට ස්තුතිවන්ත විය යුතුයි. ආරම්භයේ සිටම අපි දුෂණයට එරෙහිව නැගී සිටියා. අපි මේ පනත පිලිබඳ තිබූ හුරුපුරුදුකම නිසා පිරිමි සභිකයනුත් එය කියවීමටත් වාද විවාදවලදී එය උපුටා දැක්වීමටත් පටන් ගත්තා. ප්‍රාදේශිය සභාවේ තීරණ ගැනීමේ කාර්යයට කාන්තා
Read Moreමම ඉපදුනේ සහ හැදුනේ කොළඹ. මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ ශාන්ත බි්රජට් කන්‍යාරාමයේ සහ මියුසියස් විද්‍යාලයේ. මම හැදුනේ වැඩුනේ වැඩිමල් සහෝදරයන් දෙදෙනෙක් හා බාල සහෝදරයන් දෙදෙනෙක් එක්ක. මම විවාහ වුණේ කලවානේ ව්‍යාපාරිකයෙකු සමඟයි. ඒ 1996දි. එනිසා තමයි මම කලවානට ආවේ. මගේ පියාගෙ ගමත් කලවාන. මම සමාජ සේවය සඳහා යොමු වුණේ මගේ පියා නිසා. තාත්තාගේ උදව් බලාපොරොත්ත්ය්වෙන් කොළඹට පැමිණෙන කිසි අයෙක් උදව් නොකර ආපසු හරවා යැව්වේ නැහැ. ඒ අභාෂය අපට තිබුණා. ඔවුන්ගේ ඉඩම් සම්බන්ධ ගැටළු, දුක් ගැනවිලි සහ ආර්ථික අපහසුතාවන්වලට
Read Moreමම මගේ දේශපාලන ගමන ආරම්භ කරන්නේ 2018 පලාත් පාලන මැතිවරණයෙන් මොරටුව නගර සභාවට සභිකයකු ලෙස පත්විම හරහාය. ‘‘ගමක් වෙනුවෙන් උගත් හඬක්’’ යන තේමා පාඨයෙන් මොරටුව මහ නගර සභා මැතිවරණය සඳහා මා හට අවසාන මොහොතේ නාම යෝජනා හිමි වීම හේතුවෙන් මොරටුව මහ නගර සභාවේ ජනතාව හට මගේ මැතිවරණ දැක්ම රැුගෙන යාමට විශාල කාලයක් ඉතිරිව තිබුනේ නැහැ. දවස් විස්සක් වැනි ඉතා කෙටි කාලයකින් මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදුකර ගැනීමට ඒ මොහොතේ මගේ සැමියා විශාල ශක්තියක් වුනා. ඒ මොහොතේ මම පක්ෂ දේශපාලනයට අලූත් වූවා පමණක් නොව අත්දැකීම් බහුල දේශප
Read Moreවයස අවුරුදු අටේ ඉඳලා මම මගේ පියාගෙ ව්‍යාපාර සහ සුභසාධන කටයුතුවලට සහයෝගය දුන්නා. මගේ ගම මොරටුව. මම පුරුදු වෙලා හිටියා පාසලේ මගේ පන්තියේ දුප්පත් යාලූවන් එක්ක බෙදාගන්න වැඩියෙන් කෑම රැුගෙන යන්න. මගේ පියාට හදිසියේ ඇති වූ අසනීප තත්වය නිසා මගේ අධ්‍යාපන ගමන අතරමග නතර කිරීමට සිදු වුණා. මන්ද මගේ පියාගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සිදු වුණේ මට. මම විවාහකයි. මට ඉන්නවා අවුරුදු 17ක දියණියක්.
Read Moreමගේ උසස් පෙළ විභාගය 1998දි අවසන් කළාට පසු මම ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනා. මට ඒ වෙනකොට වයස අවුරුදු 18යි. අවුරුදු 15ක් සේවය කරලා මම 2013 තමයි විශ්‍රාම ගියේ. මම ඉපදුනේ මේ රටේ ඉතා දරුණු තිස් වසරක යුද්ධයක් පැවතුණු කාලයේ. මගේ ළමා කාලය සහ තරුණ කාලය හැඩ ගැහුණේ යුධ අත්දැකීම් එක්ක. මම ඉපදුනේ සහ හැදුනෙ වැඩුනේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ. ඒ කාලයේ යුද්ධය නිසා මගේ අධ්‍යාපනයට ගොඩක් බාධා වුණා. සමහර දවස්ව්ල අපිට නිදාගන්න සිද්ධ වුණේ කැලේ. ගොඩක් වෙලාවට කුප්පි ලාම්පු එළියෙන් තමයි අපිට පාඩම් කර
Read Moreකුඩා කාලයේ සහ තරුණ කාලයේත් මම ජීවත් වුණේ මගේ පියා විසින් පනවන ලද රාමුවක් තුළ. විවාහයෙන් පස්සෙ මගේ සැමියත් මගේ පියා විදියටම මාව සීමා කළා. මට කිසි විටක නිදහසේ තනි තීරණයක් ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. මම ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමෙන් පසුව තමයි මට ස්වාධීන කාන්තාවක් බවට පත් වීමට හැකි වුණේ.
Read More