මෑතක දී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලැබීම හේතුවෙන් පෞද්ගලීකරණය කළ යුතු බව ප්‍රකාශ කිරීමත් සමග නැවතත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම පිළිබඳ මාතෘකාව කරලියට පැමිණ තිබෙනවා.මේ පිළිබඳව එකිනෙකට පරස්පර වූ මත දැකිය හැකි හෙයින් පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපල පිළිබඳව නැවතත් සාකච්ඡා කළ යුතුයි.
Read Moreහිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාට එරෙහිව සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන ටෝනි එම්මෑනුවෙල් මහතාට එරෙහව මේ චෝදනාව යටතේම දඩුවම කරනු ලැබූ අවස්ථා දෙකෙහිදීම එම දෙදෙනා මේ නඩු තීන්දු වලට එරෙහිව ජාත්‍යන්තර මානවහිමිකම් පෙත්සම් ජිනීවා අධිකරණයට ඉදිරිපත් කළහ. අවස්ථා දෙකෙහිදීම ජිනීවා තීන්දුව විසින් ලංකාවේ අධීකරණ තීන්දු ප්‍රතික්ෂේප කරනු ලැබිණී. එහෙත් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ජාත්‍යන්තර අධීකරණ තීන්දුව පිළි ගත්තේ නැත.
Read Moreප්‍රථමයෙන්ම මේ මැතිවරණය නොපැවැත්වීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හැරීමකි. පලාත් සභා යනු ජනතාවගේ පාලන බලතල සහ ජන්ද බලය යන පරමාධිපත්‍ය බලයේ ප්‍රධාන අංග දෙකක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාවෙන් පිහිටුවා තිබෙන ආයතනයකි. මේ මැතිවරණය පැවැත්වීම නොතකා හැරීමෙන් ව්‍යවස්ථානුකූල පාලනයට අදාල ප්‍රධාන වපසරියක් ශ්‍රී ලංකා රාජ්‍යය අහිමි කරගනිමින් සිටී.
Read More1980 සිට ඇති වූ බන්ධනාගාර කෝලාහල පහ මේසේය: 1983 දී වැලිකඩ (මරණ 35යි), 1997 දී කළුතර (මරණ 03යි), 2000 දී බිඳුණුවැව (මරණ 26යි), 2012 දී වැලිකඩ (මරණ 27ක් හා තුවාලකරුවන් 43යි). ඉතා මෑතදී වාර්තා වූ කෝලාහලය මහර බන්ධනාගාරයේ සිදුවීම වන අතර එහිදී 08 දෙනෙකුගේ ජීවිත අහිමි වී රැඳවියන් 100ට අධික ප්‍රමාණයක් තුවාල ලැබීය.
Read Moreශ්‍රී ලංකාවේ අයවැයට අදාළව අවශ්‍යතාවක් වේ නම් ඒ ඥාණාන්විත බව හා නිවැරදි ගමන් මගයි. ඔබ ගමන් කරන ස්ථානය කුමක්දැයි නොදන්නේ නම් ඕනෑම මාර්ගයක් ඔබ එම ස්ථානයට රැගෙන යන්නේ යැයි කියමනක් තිබේ. ප්‍රතිඵල පාදක කළමනාකරණය තුළින් මග හැරීමට අපේක්ෂා කරන්නේ මෙම ගමන් මග පිළිබඳ අවබෝධයක් නොමැති කමයි. පළමුව ඒ තුළින් සිදු කරන්නේ ගමන් මග හා ගමනාන්තය තෝරා ගැනීම, එම ගමනාන්තයට ළඟා වීමට භාවිතා කරන මාර්ගය හා අතරමැද නවතින ස්ථාන පිළිබඳ තීරණය කිරීම, සිතියමක් අනුව ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ අපේක්ෂිත ප්‍රතිඵල (උදා: නිමැවුම්, ප්‍රත
Read More