වයස අවුරුදු අටේ ඉඳලා මම මගේ පියාගෙ ව්‍යාපාර සහ සුභසාධන කටයුතුවලට සහයෝගය දුන්නා. මගේ ගම මොරටුව. මම පුරුදු වෙලා හිටියා පාසලේ මගේ පන්තියේ දුප්පත් යාලූවන් එක්ක බෙදාගන්න වැඩියෙන් කෑම රැුගෙන යන්න. මගේ පියාට හදිසියේ ඇති වූ අසනීප තත්වය නිසා මගේ අධ්‍යාපන ගමන අතරමග නතර කිරීමට සිදු වුණා. මන්ද මගේ පියාගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සිදු වුණේ මට. මම විවාහකයි. මට ඉන්නවා අවුරුදු 17ක දියණියක්.
Read Moreමගේ උසස් පෙළ විභාගය 1998දි අවසන් කළාට පසු මම ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනා. මට ඒ වෙනකොට වයස අවුරුදු 18යි. අවුරුදු 15ක් සේවය කරලා මම 2013 තමයි විශ්‍රාම ගියේ. මම ඉපදුනේ මේ රටේ ඉතා දරුණු තිස් වසරක යුද්ධයක් පැවතුණු කාලයේ. මගේ ළමා කාලය සහ තරුණ කාලය හැඩ ගැහුණේ යුධ අත්දැකීම් එක්ක. මම ඉපදුනේ සහ හැදුනෙ වැඩුනේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ. ඒ කාලයේ යුද්ධය නිසා මගේ අධ්‍යාපනයට ගොඩක් බාධා වුණා. සමහර දවස්ව්ල අපිට නිදාගන්න සිද්ධ වුණේ කැලේ. ගොඩක් වෙලාවට කුප්පි ලාම්පු එළියෙන් තමයි අපිට පාඩම් කර
Read Moreකුඩා කාලයේ සහ තරුණ කාලයේත් මම ජීවත් වුණේ මගේ පියා විසින් පනවන ලද රාමුවක් තුළ. විවාහයෙන් පස්සෙ මගේ සැමියත් මගේ පියා විදියටම මාව සීමා කළා. මට කිසි විටක නිදහසේ තනි තීරණයක් ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. මම ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමෙන් පසුව තමයි මට ස්වාධීන කාන්තාවක් බවට පත් වීමට හැකි වුණේ.
Read More