ඔහු දශක 7ක් පමණ තිස්සේ මුද්‍රිත සහ විද්යුත් ජනමාධ්‍ය ක්ෂෙත‍්‍රවල හපන්කම් රැසක් කළා. අපේ රටේ සරසවි මට්ටමින් ජනසන්නිවේදන අධ්‍යාපනයේ පුරෝගාමියෙක්. ප‍්‍රශස්ත විද්‍යා සන්නිවේදනයේ හා පරිසර සන්නිවේදනයේ නව මං එළිපෙහෙළි කළ අයෙක්. අතීත උරුමය හා නූතනත්වය මනා ලෙස තුළනය කර ගත් විද්වතෙක්. තම ආගමට සේවය කරන අතර අන් සියලූ ආගම් හා සංස්කෘතීන් සමගද සුහදව ගනුදෙනු කළ, කිසිදා අන්තවාදී නොවූ චරිතයක්.
Read Moreකොටස් වෙළෙඳපොළ කොටස් මිල අහස උසට නැගීම ආර්ථිකයේ වර්ධනයක් සහ විශ්වාසය තහවුරු වීමක්යැයි පාරම්බෑම තවත් සිහිනයක් වන්නේ එම නිසා ය. සමහරවිට ලිහිල් ප‍්‍රතිපත්ති නිසා කළු සල්ලි සුදු කර ගැනීමට ද එය අවස්ථාවක් වනු ඇත. ඒ හැර ආර්ථික සෞභාග්‍යයක් ඉන් බලාපොරොත්තු විය නොහැකිය.
Read Moreහිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාට එරෙහිව සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන ටෝනි එම්මෑනුවෙල් මහතාට එරෙහව මේ චෝදනාව යටතේම දඩුවම කරනු ලැබූ අවස්ථා දෙකෙහිදීම එම දෙදෙනා මේ නඩු තීන්දු වලට එරෙහිව ජාත්‍යන්තර මානවහිමිකම් පෙත්සම් ජිනීවා අධිකරණයට ඉදිරිපත් කළහ. අවස්ථා දෙකෙහිදීම ජිනීවා තීන්දුව විසින් ලංකාවේ අධීකරණ තීන්දු ප්‍රතික්ෂේප කරනු ලැබිණී. එහෙත් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ජාත්‍යන්තර අධීකරණ තීන්දුව පිළි ගත්තේ නැත.
Read Moreඅප වත්මන් ගෝලීය ආර්ථික, දේශපාලනික සහ සමාජමය ක්‍රියාවලිය තුළ ස්ථානගතව සිටින්නේ කොහේද? සේනක බටගොඩ විසින් රචනා කොට ගායනා කරන ලද ගීතයක කියැවෙන පරිදි, වත්මනෙහි අප හමුවේ ඇති ප්‍රබලතම ප්‍රශ්නය වන්නේ මෙයයි: “ගිනියම් ඉර, සඳ සිසිලස, අතරේ හොයනවා හොයනවා මේ, අපි කවුරුද…” ජෙම්සන් අපට පෙන්වා දෙන්නේ මේ මං මුලා වීමේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපට කිසියම් සිතියමක් අවශ්‍ය වී තිබෙන බවයි. ඔහුට අනුව, එය ඥානමය සිතියමක් (cognitive map) විය යුතුය. මගේ අදහස නම් වත්මන් ගෝලීය වසංගතයේ මොහොත තුළ ජෙම්සනියානු ඥානමය සිතියමක් අප
Read More1966දී ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත කිහිපයකට ‘හරිත විප්ලවය’ (Green Revolution) වැඩසටහන යටතේ වැඩි දියුණු කළ බීජ, රසායන ද්‍රව්‍ය සහ වාරිමාර්ග ක්‍රමවේද කෘෂි ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදුව ආරම්භක යුගයේදී ගොවීන් ඊට ඇබ්බැහි වුවද දිගුකාලීන වශයෙන් එය පවත්වාගෙන යෑමේදී ඒ සඳහා යෙදීමට නියමිත පොහොර සහ වල්නාශක වෙනුවෙන් අධික මිලක් දැරීමට, ඒ වෙනුවෙන් අධික ලෙස ණය ලබා ගැනීමට සිදුවීම යනාදිය සැලකීමේදී අස්වැන්නෙන් ලාභ ලබා ගැනීමට නොහැකිවීම, සාම්ප්‍රදායික ගොවික්‍රමවලින් ඉවත්වීමට සිදුවීම, පරිසර හානි සිදුවීම සහ විෂ නාශක යෙදී
Read Moreප්‍රථමයෙන්ම මේ මැතිවරණය නොපැවැත්වීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හැරීමකි. පලාත් සභා යනු ජනතාවගේ පාලන බලතල සහ ජන්ද බලය යන පරමාධිපත්‍ය බලයේ ප්‍රධාන අංග දෙකක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාවෙන් පිහිටුවා තිබෙන ආයතනයකි. මේ මැතිවරණය පැවැත්වීම නොතකා හැරීමෙන් ව්‍යවස්ථානුකූල පාලනයට අදාල ප්‍රධාන වපසරියක් ශ්‍රී ලංකා රාජ්‍යය අහිමි කරගනිමින් සිටී.
Read More