IMG-LOGO
Home ලිපිය

ලිපිය

IMG
සමාජ මාධ්‍ය නියාමනය සහ ප්‍රකාශන නිදහස තුලනය කිරීමේ අභියෝගය
Date : Apr - 29

2020 අග දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රචලිත සමාජ මාධ්‍ය වේදිකා වූයේ Facebook (ලොව වැඩිම පිරිසක් භාවිත කරන වේදිකාව); YouTube (ලොව වඩාත්ම ජනප්‍රිය විඩියෝ බෙදා ගැනීමේ වේදිකාව); සහ Instagram (තම අදහස් ප්‍රකාශ කිරීමට පින්තූර යොදා ගන්නා වේදිකාව) යන සේවාවන් තුනයි.

Read More
IMG
පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක කොන්දේසිය මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවෙන් යුක්ත පුරවැසියන්ය
Date : Mar - 10

වඩාත් පුළුල් ලෙස ස්වාධීන සංහතික මාධ්‍ය පද්ධතියක් රටක ස්ථාපිත කිරීමේදී එයට හිතකර නෛතික පසුබිම නොසලකා හැරිය නොහැකිය. උදාහරණයක් වශයෙන් ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතින් මාධ්‍යවේදීන්ට ලබා දුන් තොරතුරු මූලාශ‍්‍ර හෙළි නොකිරීමේ අයිතිය ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයකි.

Read More
IMG
සභාග ආණ්ඩු සාර්ථකද?
Date : Feb - 18

මතවාදී විවිධත්වය හා නොගැළපීම් පැවැතීම ඉතාමත් ස්වභාවිකය.

Read More
IMG
ළිංමැඬියාවට එරෙහිව දශක හතක අරගලයක් කළ එඞ්වින් ආරියදාස
Date : Jan - 31

ඔහු දශක 7ක් පමණ තිස්සේ මුද්‍රිත සහ විද්යුත් ජනමාධ්‍ය ක්ෂෙත‍්‍රවල හපන්කම් රැසක් කළා. අපේ රටේ සරසවි මට්ටමින් ජනසන්නිවේදන අධ්‍යාපනයේ පුරෝගාමියෙක්. ප‍්‍රශස්ත විද්‍යා සන්නිවේදනයේ හා පරිසර සන්නිවේදනයේ නව මං එළිපෙහෙළි කළ අයෙක්. අතීත උරුමය හා නූතනත්වය මනා ලෙස තුළනය කර ගත් විද්වතෙක්. තම ආගමට සේවය කරන අතර අන් සියලූ ආගම් හා සංස්කෘතීන් සමගද සුහදව ගනුදෙනු කළ, කිසිදා අන්තවාදී නොවූ චරිතයක්.

Read More
IMG
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ කොටස් වෙළෙඳ පොලෙහි උච්චාවචණය
Date : Jan - 24

කොටස් වෙළෙඳපොළ කොටස් මිල අහස උසට නැගීම ආර්ථිකයේ වර්ධනයක් සහ විශ්වාසය තහවුරු වීමක්යැයි පාරම්බෑම තවත් සිහිනයක් වන්නේ එම නිසා ය. සමහරවිට ලිහිල් ප‍්‍රතිපත්ති නිසා කළු සල්ලි සුදු කර ගැනීමට ද එය අවස්ථාවක් වනු ඇත. ඒ හැර ආර්ථික සෞභාග්‍යයක් ඉන් බලාපොරොත්තු විය නොහැකිය.

Read More
IMG
රන්ජන්ගේ දඩුවම: යුක්තිය පසිදලීමේ හිදැසක්ද?
Date : Jan - 19

හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාට එරෙහිව සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන ටෝනි එම්මෑනුවෙල් මහතාට එරෙහව මේ චෝදනාව යටතේම දඩුවම කරනු ලැබූ අවස්ථා දෙකෙහිදීම එම දෙදෙනා මේ නඩු තීන්දු වලට එරෙහිව ජාත්‍යන්තර මානවහිමිකම් පෙත්සම් ජිනීවා අධිකරණයට ඉදිරිපත් කළහ. අවස්ථා දෙකෙහිදීම ජිනීවා තීන්දුව විසින් ලංකාවේ අධීකරණ තීන්දු ප්‍රතික්ෂේප කරනු ලැබිණී. එහෙත් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ජාත්‍යන්තර අධීකරණ තීන්දුව පිළි ගත්තේ නැත.

Read More
IMG
වත්මන් මොහොත ගැන: ‘ඥානමය සිතියමක’ අවශ්‍යතාව
Date : Jan - 18

අප වත්මන් ගෝලීය ආර්ථික, දේශපාලනික සහ සමාජමය ක්‍රියාවලිය තුළ ස්ථානගතව සිටින්නේ කොහේද? සේනක බටගොඩ විසින් රචනා කොට ගායනා කරන ලද ගීතයක කියැවෙන පරිදි, වත්මනෙහි අප හමුවේ ඇති ප්‍රබලතම ප්‍රශ්නය වන්නේ මෙයයි: “ගිනියම් ඉර, සඳ සිසිලස, අතරේ හොයනවා හොයනවා මේ, අපි කවුරුද…” ජෙම්සන් අපට පෙන්වා දෙන්නේ මේ මං මුලා වීමේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපට කිසියම් සිතියමක් අවශ්‍ය වී තිබෙන බවයි. ඔහුට අනුව, එය ඥානමය සිතියමක් (cognitive map) විය යුතුය. මගේ අදහස නම් වත්මන් ගෝලීය වසංගතයේ මොහොත තුළ ජෙම්සනියානු ඥානමය සිතියමක් අප

Read More
IMG
ඉන්දියානු ගොවි වීදි විරෝධය සහ ගෞතම් අදානි
Date : Jan - 14

1966දී ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත කිහිපයකට ‘හරිත විප්ලවය’ (Green Revolution) වැඩසටහන යටතේ වැඩි දියුණු කළ බීජ, රසායන ද්‍රව්‍ය සහ වාරිමාර්ග ක්‍රමවේද කෘෂි ක්ෂේත්‍රයට හඳුන්වා දෙන ලදුව ආරම්භක යුගයේදී ගොවීන් ඊට ඇබ්බැහි වුවද දිගුකාලීන වශයෙන් එය පවත්වාගෙන යෑමේදී ඒ සඳහා යෙදීමට නියමිත පොහොර සහ වල්නාශක වෙනුවෙන් අධික මිලක් දැරීමට, ඒ වෙනුවෙන් අධික ලෙස ණය ලබා ගැනීමට සිදුවීම යනාදිය සැලකීමේදී අස්වැන්නෙන් ලාභ ලබා ගැනීමට නොහැකිවීම, සාම්ප්‍රදායික ගොවික්‍රමවලින් ඉවත්වීමට සිදුවීම, පරිසර හානි සිදුවීම සහ විෂ නාශක යෙදී

Read More
IMG
පලාත් සභා ගැන ඉක්මන් තීරණයකට එළඹෙමු
Date : Jan - 04

ප්‍රථමයෙන්ම මේ මැතිවරණය නොපැවැත්වීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හැරීමකි. පලාත් සභා යනු ජනතාවගේ පාලන බලතල සහ ජන්ද බලය යන පරමාධිපත්‍ය බලයේ ප්‍රධාන අංග දෙකක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාවෙන් පිහිටුවා තිබෙන ආයතනයකි. මේ මැතිවරණය පැවැත්වීම නොතකා හැරීමෙන් ව්‍යවස්ථානුකූල පාලනයට අදාල ප්‍රධාන වපසරියක් ශ්‍රී ලංකා රාජ්‍යය අහිමි කරගනිමින් සිටී.

Read More
IMG
ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් !
Date : Dec - 20

මැතිවරණ පිරිවැය පිළිබඳව කතා කිරීම වැදගත් යැයි මට හැඟුනේ කාරණා දෙකක් නිසා ය. එක කරුණක් වන්නේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බව ආරංචි වීමය. අනික් කරුණ වන්නේ අපේ රටේ මැතිවරණ සඳහා දරන වියදම ය. එනම් රාජ්‍යය වියදම් සහ අනෙකුත් පාර්ශව මැතිවරණයක දී කරන වියදම් අවසාන වශයෙන් රටේ බරපතල වැය ශීර්ෂයක් වී ජාතික ආර්ථිකයට පාඩුවක් වී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය වැනසී විකාරයක් වී සහ ජන ජීවිතයට පීඩා ඇති කිරීමේ පැහැදිලි හේතුවක් වන බව කාලාන්තරයක් තිස්සේ අත් විඳිමින් සිටීම ඒ දෙවැනි කරුණය.

Read More