කේ. සංජීව-
අපි විශ්ව විද්‍යාල ගැන හිතන්නේම ඒවා ‘නිදහස් අවකාශ’ කියන පදනමින් ය. විශ්ව විද්‍යාල ආශ්‍රයෙන් බිහිවිලා තිබෙන උප- සංස්කතීන් වුණත් බිහිවෙන්න ප්‍රධානතම හේතුව මේ නිදහස් බව. විශ්ව විද්‍යාලයක් සඳහා පරිසරයක් තෝරාගැනීමේ සිට එහි වාස්තු විද්‍යාත්මක සිතියම පවා ඇදෙන්නෙ මේ නිදහස කියන මූලික පදනම ඔස්සේ ය. ඒත් පසුගිය දා අභියාචනාධිකරණයේ විභාග වුණ නඩුකරයක් අපිට කීවේ වෙනත් කතාවක් ය. ඒ කතාවේ මූලික හරය නැගෙනහිර විශ්ව විද්‍යාලය යනු පාසලක් වගේ තැනක් ය, කියන එක ය.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හතරවන වසරේ ඉගෙනුම ලබන අබ්දුල් රහීම් මොහොමඩ් නමැති සිසුවා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් එදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ, තමන් රැවුල වවාගෙන සිටීම නිසා තමන්ට දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් තහනම් කර ඇති බවය.
මෙම රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම ඉස්ලාමීය සිසුවාට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග නිකුත් කර ඇත. ඒ වාරණයක් ද සමගින් ය.
මෙහිදී එලබෙන සැප්තැම්බර් 14දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස, අධිකරණය නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.
මෙම නඩුව මෙසේ විභාගයට ගත් අවස්ථාවේ විශ්ව විද්‍යාලය වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ නීතිඥවරිය කියා සිටියේ විශ්ව විද්‍යාලයේ විනය තීරණයක් මත මෙම තීන්දුව ගෙන ඇති බවය. මෙම විශ්ව විද්‍යාලයේ සිටින සෙසු ඉස්ලාම් සිසුන් ද මෙම නීතිය අනුගමනය කරන බව ඇය මෙහිදී ප්‍රකාශ කළාය. එසේ ප්‍රකාශ කරමින් විශ්ව විද්‍යාලය විසින් ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන්, ඇය අධිකරණයට සිය විරුද්ධත්වය පළ කර ඇත.
රජයේ නීතිපතිවරයා නියෝජනය කරමින් ඇය අධිකරණයේදී දැක්වූ මෙම අදහස් දැක්වීම ඉතාමත් වැදගත් ය. එයින් පෙනෙන්නේ නැගෙනහිර විශ්ව විද්‍යාල පරිපානය විසින් ගෙන ඇති මෙම විනය තීරණය රාජ්‍යය ද අනුමත කරන බවය. එය ඇත්තක් නම් අපට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අසන්නට සිදුවන්නේ ‘විශ්ව විද්‍යාලයක් යනු කුමක්ද’ යන්නයි.
මෙහිදී සිසුවා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායකයා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හෙද පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යයකු බවය. ඔහු ඉස්ලාම් භක්තිකයෙකු බවද, රැවුල වවා සිටීම නිසා ඔහුට දේශනවලට සහභාගී වීමටත් විභාගය සඳහා පෙනී සිටීමටත් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අවසර දීම ප්‍රතික්ෂේප කර ඇති බවය. මෙම සිසුවාට විභාග සහ දේශන අවශ්‍ය නම් රැවුල කපා ඉවත් කරන ගෙන එන ලෙස පාලනාධිකාරිය බලපෑම් කර ඇති බවද ජනාධිපති නීතීඥවරයා මෙහිදී අධිකරණය හමුවේ කරුණු අනාවරණය කර ඇත.
එසේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට කිසිඳු නීතිමය බලයක් මේ සඳහා නොමැති බවය. මෙවැනි නීතියක් පැනවීමට විශ්ව විද්‍යාල පනත යටතේ, විශ්ව විද්‍යාල පාලනාධිකාරියට කිසිඳු බලයක් නොමැති අතර අදාළ සිසුවා විශ්ව විද්‍යාලයට ඇතුළු වූ අවස්ථාවේ මෙවැනි රෙගුලාසියක් නොපැවති බවත් අවසන් වසරේදී මේ ආකාරයේ නීතියක් පැනවීම නිසා ඔහුගේ ආගමික විශ්වාසයන්ට මෙන්ම ඔහුගේ අධ්‍යාපන ජීවිතයට ද දැඩි අගතියක් සිදු වී ඇති බව, ජනාධිපති නීතිඥවරයා තර්ක කර ඇත.
අධිකරණය හමුවේ අනාවරණය වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම්කාර ශිෂ්‍යයා විශ්ව විද්‍යාලයට ඇතුලු වන අවස්ථාවේ දී මෙවැනි නීතියක් නැගෙනහිර විශ්ව විද්‍යාලය මගින් පනවා නොතිබූ බව පෙන්වා දෙමින්, අවසන් වසරේදී මේ ආකාරයෙන් නීතියක් පැනවීම මගින් මෙම සිසුවාගේ විශ්ව විද්‍යාල ජීවිතයට, අධ්‍යාපනයට, අගතියක් සිදු වන බව ප්‍රකාශ කරඇති අතර, සිසුවාට එලබෙන අගෝස්තු 09දා පැවැත්වීමට නියමිත විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස එම විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුලු වගඋත්තරකරුවන්ට අතුරු නියෝගයක් ද නිකුත් කරනු ලැබ ඇත.
එක පැත්තකින් රටේ හැම තැනම විශ්ව විද්‍යාල බිහිකරමින් යන රජය ඒවා ගුණාත්මකව පාසල් මට්ටමට පහත දමමින් තිබීම අවධානයට ගත යුතුය. විශ්ව විද්‍යාලයක් යනු කුමක් ද යන්න ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම, මෙම විනය තීන්දු තීරණ ගන්නා විශ්ව විද්‍යාල පාලනාධිකාරිය ද අවබෝධ කරගත යුතුය. නැතිනම් නුදුරු අනාගතයේදී සියලුම විශ්ව විද්‍යාල පාසල් බවට පිරිහෙනු ඇත.