You are currently viewing බදු අසාධාරනද? Payee tax වෙනුවට property tax එකක් ගෙවමු!

බදු අසාධාරනද? Payee tax වෙනුවට property tax එකක් ගෙවමු!

බොහෝ දෙනෙක් මැසිවිලි නඟන්නේ රටේ බදු ක්‍රමය අසාධාරන බවය. එය සාධාරනද නැද්ද යන්න තේරුම් ගැනීමට නම් ප්‍රගතීශීලී බදු කරනය (progressive taxation) පිලිබඳ වැටහීමක් තිබිය යුතුය. 

එම සංකල්පය යටතේ ;

1. මුල්‍ය ගනුදෙනු මත බදු අය කරගත යුතුය. මේ අනුව අපට හඳුන්වාදී ඇති VAT බද්ධ 18% කි. මීට අමතරව 14% ක withholding tax එකක් සමාගම් විසින් ගෙවිය යුතුව තිබේ. රේගු බදු මීට අමතරව ආනයනයේදී හා අපනයනයේදී අය කෙරෙති.

2.දේපල මත පනවන බදු (property tax) මෙම බද්ද තවමත් ලංකාවේ පනවා නැත. විසල් මන්දිර තනා ජීවත්වන පුරවැසියන් මෙවැනි බද්ධක් ගෙවීම සාධාරනය

3. ඉහල ආදායම් ලබන්නන්ගේ ආදායම මත ගෙවන බදු- 18% ක Income Tax සහ Payee tax, සහ 24% වන corporate tax 

4. ප්‍රාග්ධනය මත ලැබෙන ලාබය මත අය කරන බදු( capital gain taxes)

ලංකාවේ සෟජු බදු හා වක්‍ර බදු අත අනුපාතය 82:18 කි.

මේ බදු කාන්ඩ සියල්ල ක්‍රියාත්මකවීමෙන් පසුව පවා දල ජාතික නිශ්පානයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල අපගේ සමස්ත බදු ආදායම 7.7%කි. සෟජු බදු පසුගිය සමයේ 8% දක්වා පහල ගියේය. බදු පැහැර හරින්නන්ද එමටය. එම නිසා හොඳම ක්‍රමය වන්නේ ඇසට පෙනෙන වත්කම් වලින් පලමුව බදු අය කිරීමය. එනම් ඇසට පෙනෙන විසල් මන්දිර වල වර්ග මීටර් ප්‍රමානය මත සාධාරන බද්ධක් අය කිරීමය. මෙය වඩාත් ප්‍රගතිශීලී බදු ක්‍රමය වන්නේය.

ඉන්දියාවේ ද.ජා.නි. බදු ප්‍රතිශතය: 42.74% කි. එංගලන්තයේ 45% චීනයේද 45% කි. කැනඩාවේ සහ අමරිකාවේ 50% කි. නමුත් බදු වැඩි යයි රට හැර යන්නේ තම අනාගත ආදායෙන් භාගයක්ම එරට වල සුභසාදනයට ආයෝජනය කිරීමටය.

මෙලෙසට බදු නොගසා නිදහස් වෛද්‍ය අධ්‍යාපනය ඇතුලු අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය , මහා මාර්ග පවත්වා ගෙන යානොහැකි බව අප අමතක කල යුතු නොවේ.

ලංකාව තුල පවතින විරුද්දාභාෂය නම් උදා ලෙස වෛද්‍ය වරුන් තමන්ගේ payee tax අඩු කරන්න යයි උද්ඝෝෂනය කරන අතරේම පවතින අඩු ආදායම තුල පවා රට මිලදී ගනිමින් සිටින බෙහෙත් හිඟ වුවිට ඒ සඳහාද වෛද්‍යවරුන් උද්ඝෝෂනය කිරීමයි.

එසේම ලංවිම ඉන්ජිනේරුවන් තමන්ගේ EPF හා ETF ලංවිමෙන්ම ගෙවන්නට සලස්වා තම payee tax අඩු කරන්නට උද්ඝෝෂනය කිරීමයි.

උපුටා ගැනීම නීතීඥ ශිරාල් ලක්තිලක 

Leave a Reply