අද බොහෝ දෙනාගේ අදහස් දැක්වීම් දෙස අවධානය යොමු කරන විටදී ඔවුන්ගේ මුවග නිරන්තරව නැගෙන වචනයක් තමයි “සිස්ටම් චේන්ජ්” (System Change) කියන්නෙ.නමුත් මොකක්ද සිස්ටම් එක කියන්නෙ කියල ඇහුවොත් බහුතරයකට දෙන්න උත්තරයක් නැහැ. ඒ වෙනුවට තැනින් තැනින් හොයා ගත්ත එක් එක් කරුණු කිහිපයක් පමණක් වෙනස් වෙන්න ඕන කියන එක සිස්ටම් චේන්ජ් එක කියල හිතන පිරිසකුත් ඉන්නවා.ඒ වගේම සමස්ථ ක්‍රමයම වෙනස් වෙන්න ඕන කියන පිරිසක් හිටියත් මොකක්ද සමස්ථ ක්‍රමය කියන එක ගැනත් පැහැදිලි අදහසක් බහුතරකට නැහැ. නමුත් අවසාන වශයෙන් බහුතර අදහස වන්නෙ සියල්ල වෙනස් කරන සිස්ටම් චේන්ජ් එකක් වෙන්න ඕන කියන එකයි.
වර්තමානය තුළ දකින්න ලැබෙන සිස්‍ටම් එක අපිට ලැබෙන්නෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයෙදි.ඉංග්‍රීසීන් විසින් රාමුගත කළ සිස්ටම් එකේ ලක්ෂණ 04ක් අපිට දකින්න පුළුවන්.
පාර්ලිමේන්තු ක්‍රමය
නිළධාරී ක්‍රමය
අධිකරණ ක්‍රමය
අධ්‍යාපන ක්‍රමය
ඉහත අංග හතර වෙනස් කිරීමට සිස්ටම් චේන්ජ් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසීන් මේ ක්‍රමය එහෙමත් නැත්නම් සිස්ටම් එක හැදුවෙ තමන්ගේ අධිරාජ්‍යය පවත්වාගෙන යන්න පහසුවෙන්න. මේ ක්‍රමය ශ්‍රී ලංකාවට නොගැලපෙනවා නම් ගැලපෙන ක්‍රමයකට වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් ශ්‍රී ලාංකියකයන්ට විතරමයි. වසර ගණනාවක් පුරාවට මේ කුළුණු හතර මතින් ගොඩ නැගුණු සමාජයක් වෙනස් කිරීම සාකච්ඡා කිරීම තරම් පහසු කරුණක් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍යතාවයක් ඇති ජනතාවක් සහ ඔවුන් සඳහා නිවැරදි සහ ජනතා මතයට සවන් දෙන නායකත්වයක් අවශ්‍ය වෙනවා.
පාර්ලිමේන්තු ක්‍රමයේ වෙනසක්? සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු ක්‍රමය කියන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. තමන් සඳහා නීති සකස් කිරීමට තවත් පුද්ගලයෙකු තෝරා පත්කරගැනීම මෙහිදී සිදු වෙනවා. නමුත්,වර්ථමානය වන විට පාර්ලිමේන්තු ක්‍රමය තුළින් පාර්ලිමේන්තු සාම්ප්‍රදාය ක්‍රියාවට නැංවෙනු දැකිය නොහැකියි. වඩා කාර්‍යක්ෂම සහ විධිමත් නීති සකස් කිරීමක් සඳහා පාර්ලිමේන්තු ක්‍රමයේ ව්‍යුහාත්මක සහ ගුණාත්මක වෙනසක් මෙහිදී අපේක්ෂා කරනු ලබනවා. මේ සඳහා ව්‍යවස්ථාමය වෙනසක් සිදුවිය යුතුයි. මහජන නියෝජිතයින් සම්බන්ධව නවතම ප්‍රතිපාදන,චන්ද ක්‍රමය වෙනස් කිරීම,දැඩි සංවරනය සහ තුලනය,දේශපාලකයින්ගේ වරප්‍රසාද, නැවත කැඳවීම,විගණනය වැනි දෑ මගින් සිදු කරන එම ව්‍යවස්ථාමය වෙනස තුළින් අනෙකුත් අංශයන් සඳහා අවශ්‍යවන වෙනස්කම් ඇති කිරීම මගින් සිස්ටම් එක චේන්ජ් කරන්න පහසු කරන්න පුළුවන්.
නිළධාරී ක්‍රමය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී,රාජ්‍ය සේවයේ පවතින ව්‍යූහයන් ප්‍රතිසංස්කරණය කිරීම සහ රාජ්‍ය සේවය විධිමත් කළමනාකරණයකට යටත් කිරීම තුළින් වඩා සාධනීය වෙනසක් ඇති කිරීමට හැකියි. එමෙන්ම රාජ්‍ය සේවය සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඇති බලතල ප්‍රමාණය වැඩි කිරීමද සිදු කළ හැකියි.විශේෂයෙන් ඉහළ රාජ්‍ය නිළධාරීන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සතු බලතල මෙන්ම දෙපාර්තමේන්තු සහ අනෙකුත් ප්‍රධානීන් පත් කිරීම සඳහා අමාත්‍යවරයා සතු බලතල සීමා කොට එම බලතල කොමිෂන් සභාවට ලබා දීම සිදුකිරීම වැනි ක්‍රියාමාර්ගයන්ට අනුගත වීම මෙහිදී යෝජනා කළ හැකියි.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව සැලකීමේ දී ඉහළ අධිකරණ සඳහා විනිසුරුවරුන් පත් කිරීමේ බලයද ජනාධිපතිවරයා සතුව පවතිනවා. එමෙන්ම කොළඹට පමණක් සීමාවී පවතින අභියාචනාධිකරණය පළාත් සඳහා ව්‍යාප්ත කිරීම,පාර්ලිමේන්තුව තුළ සම්මත වන පනත් සම්බන්ධව විමර්ෂණ බලය ශ්‍ර්‍රේෂ්ඨාධිකරණට ලබා දීම, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම තුළින් අධිකරණ පද්ධතිය තුළ වෙනසක් ඇති කළ හැකියි.
අධ්‍යාපනය ක්‍රමය වෙනසක් ඇති කිරීම නැතහොත් අධ්‍යාපන ක්‍රමය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධව බොහෝ කතා බහ ඇති වූවත් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවී නැහැ. පාසල් පෙළපොත පාදක කරගත් ඉගෙනීමේ ක්‍රමය වෙනුවට ශිෂ්‍යයා මූලික කරගත් ඉගෙනුම් ක්‍රම්වේදයකට අනුගත වීම වර්තමානය තුළ දැඩි අවශ්‍යතාවයක් බවට පත්වී තිබෙනවා. එම තත්වය වෙනස් නොවීම සහ අධික තරඟකාරීත්වය තුළින් දැඩි මානසික පීඩාවකට පත් වූ ළමා පරපුරක් බිහිවීම දැකිය හැකියි.
ඉහත සඳහන් කළ අංගයන් වෙනස් කිරීම සඳහා පූර්ණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන බව පැහැදිලියි. බොහෝ දෙනා පාලන ක්‍රමය වෙනස් කිරීම සහ සමස්ථය වෙනස් කිරීම යන කරුණු දෙක එකක් ලෙස වටහා ගනු ලැබූවද පාලන ක්‍රමය වෙනස් කිරීමද සමස්ථය වෙනස් කිරීම තුළ පවතින එක් අංගයක් පමණක් බව පෙනී යන කරුණක්. සැබැවින්ම සිස්ටම් චේන්ජ් එකක් තුළින් ව්‍යවස්ථාමය, පරිපාලනමය, අධිකරණමය, අධ්‍යාපනික මෙන්ම සමාජයීය වෙනසක් සිදු කිරීම අපේක්ෂා කරනවා. මෙහිදී ජනතා සහයෝගය ලබා ගැනීම අනිවාර්‍යය අවශ්‍යතාවයක්. එසේ නොවීම තුළින් සිදුවිය යුතු වෙනස්කම් සඳහා ජනතා සහයෝගය නොලැබී යා හැකියි. එම නිසා ජනතාව විසින් පිලිගන්නා නිසි නායකත්වය තුළින් මෙම මෙහෙයවීම සිදුකළ යුතුයි. එපමණකින් නොනැවතී ජනතාව තුළද ආකල්පමය වෙනසක් ඇති විය යුතුයි. මෙම වෙනස සිදු කිරීම සඳහා නිශ්චිත උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය වන අතර එසේ නොවීමෙන් සිස්ටම් චේන්ජ් වීමක් වෙනුවට පවතින සිස්ටම් එක තවත් අවුල් වීමක් පමණක් සිදු විය හැකියි.
