රී ලංකාව තුළ මේ මොහොත වනවිට සියළුම දේශපාලකයින් ප්‍රතික්ෂේප කිරීමකට නතුවෙනවා.
ශ්‍රී ලංකාව මේ මොහොත වනවිට අත්දකිමින් ඉන්නේ දේශපාලනික වශයෙන් ඉතාමත් අවිනිශ්චිත මොහොතක්.විශේෂයෙන්ම ජනතාව විසින් තමන්ව නියෝජනය කිරීම සඳහා පත්කරගනු ලැබූ නියෝජිතයන් සියළු දෙනාවම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීමත්, ඔවුන් බලයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කිරීමටත් පටන්ගෙන තිබෙනවා.ඒ අන්කවරදාටත් වඩා වැඩි උද්යෝගයකින් යුතුවයි.මේ නැගී සිටීම සඳහා නායකත්වයක් ගනු ලැබූ නිශ්චිත පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් දකින්න ලැබෙන්නේ නැහැ. සියළු දෙනාම නායකයින් ලෙස කටයුතු කරමින් සටන ජය ගැනීමයි සාමූහික උත්සහය වී ඇත්තේ.මේ තත්වය අගය කළයුතු වූවත් දැඩි අන්තරාදායක භාවයක්ද නැත්තේ නොවේ.
ඕනෑම ඉලක්කයක් ළඟා කරගැනීම සඳහා නිවැරදි නායකත්වයක් අවශ්‍යමයි.
යම් අවස්ථාවක යම් පරමාර්ථයක් ළඟා කරගැනීම සඳහා පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් මෙහෙයවීම සහ බලපෑම්කිරීමෙව් ක්‍රියාවලිය නායකත්වය ලෙස හඳුන්වන්න පුළුවන්.ශ්‍රී ලංකාවේ ජනතාවටත් මේ අවස්ථාව තුළ යම් පරමාර්ථයක් පවතින බව දැකිය හැකියි.එම පරමාර්ථය ළඟා කරගැනීම සඳහා තනි පුද්ගලයින් සහ කණ්ඩායම් වශයෙන් ස්වයංව මෙහෙයවිය හැකිවූවත් එය කෙතරම් වපසරියක් දක්වාද යන කාරණය ගැටලු සහගතයි. එම හේතුව නිසා පවතින තත්වය උදෙසා පොදු නායකත්වයක් සඳහා අවකාශය ලබාදිය යුතුයි.
සංවිධානාත්මක නොවූ සටන් මර්ධනයට හසුවීමට ඇත්තේ වැඩි ඉඩක්.
ජනතාව විසින් සියළුම දේශපාලකයින්ට නිකුත්කර ඇති අනතුරු ඇඟවීමේ සංඥාව නිසා එය මර්ධනයකිරීමට විවිධ ප්‍රතිචාර දේශපාලකයින් විසින් දැක්විය හැකියි.එවැනි තත්වයක් මත විවිධ ගැටුම් සහ ගැටලු සහගත තත්වයන් මෙම පොදු ක්‍රියාදාමය පුරාවට උද්ගතවිය හැකියි.අනෙක් අතින් ජනතාව තුළ මේ මොහොතේ පවත්නා දැඩි පීඩනය සහ අසහනකාරීත්වය හේතුවෙන් විරෝධතා ක්‍රියාවලියේදී නොයෙකුත් අනීතික සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවීමට ඇති ඉඩකඩ ඉතාමත් ඉහළ අගයක් ගත හැකියි.විශාල ජනතාවක් මෙම ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදීමේ දී එවැනි තත්වයන් පාලනය කිරීම ඉතාමත් අපහසු ක්‍රියාවලියක් බව පැහැදිලි කරුණක්.
නායකත්වයක් නැති ජනතා නැගී සිටීම් පිළිබඳව ජාත්‍යන්තර අත්දැකීම් ශ්‍රී ලංකාවට අදාල නොවීමට නම් ජනතා නැගිටීම මෙහෙය වීමට නායකත්වයක් අවශ්‍යයි.
ඕනෑම ක්‍රියාවලියක් සඳහා නායකත්වයක් අවශ්‍ය වන්නේ මන්ද යන ප්‍රශ්ණය සඳහා පිළිතුරු ලෙස කරුණු 04ක් පෙන්වා දිය හැකියි.
1. නිවැරදි සන්නිවේදනයක් පවත්වා ගැනීම
2. උද්ගතවන ගැටළු සඳහා විසඳුම් සෙවීමට සහ අනෙකුත් පිරිස් දැනුවත් කිරීම.
3. ගැටුම් පාලනය.
4. ධනාත්මක නිවැරදි කිරීම.
මෙම කරුණු හේතුවෙන් නිවැරදි නායකත්වයක අවශ්‍යතාවය නිරන්තරයෙන් පැන නැගෙනවා. එම නිසා පවත්නා පොදු අරගලයටත් නායකත්වයක් අවශ්‍ය බවයි යෝජනා කළ හැක්කේ.එම නිසා යෝජනාවක් ලෙස ප්‍රාදේශීය වශයෙන් සංවිධානය වීමේදී කණ්ඩායම් සඳහා එක් නායකයෙකු සහ ඔවුන් අතර සම්බන්ධීකරණ මගින් පොදු නායකයෙකු හෝ නායකත්ව මණ්ඩලයක් නම් කර ගැනීම තුළින් බිම් මට්ටමේ සංවිධානය වන විවිධ කණ්ඩායම් සඳහා ආරාධනා කිරීමට සහ ඔවුන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා.ඒ වගේම උද්ගතවන තත්වයම් සමාලෝචනය කරමින් ජනතාව අතර පොදු එකඟතාවයක් ඇති කරගැනීමට මෙන්ම පොදු ජනතාව දැනුවත් කිරීම සඳහා අධ්‍යාපනික කව හෝ වැඩසටහන් සංවිධානය කිරීමටද ඔවුන්ට හැකිවේවි.අධ්‍යාපනය තුළින් අරගලය සඳහා හේතු එය අඛණ්ඩව පවත්වා ගැනීම සහ බාහිර බලපෑම් සම්බන්ධයෙන් සාමාජිකයන් දැනුවත් කිරීමේ හැකියාවද ඉහළ නැංවීමට හැකියාවක් පවතිනවා. එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාව තුළද ටියුනීසියාවේ පිච්චමල් වසන්තය (Jasmine Revolution) ලෙස හැඳින්වූ ජනතා නැගිටීමට සමාන තත්වයක් ඇතිවීමටත් හැකියි.එවැනි තත්වයක් ඊජිප්තුව තුළද උද්ගත වුණා. එම අවධානම ඉවත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජන අරගලය සඳහා නිසැක සහ නිවැරදි නායකත්වයක් ජනතාව තුළින්ම හැකි ඉක්මනින් සොයා ගත යුතු වෙනවා.එමගින් මෙම අරගලය ජයග්‍රහණයකින් මෙන්ම ඉතාමත් ඉක්මනින් අවසන් කිරීමේ හැකියාවද ඉහළ යනු ඇති.
