අප්‍රේල් 11 න් පසු අර්බුදය අවසන්ද?

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන අප්‍රේල් මස මුලදිම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවට යාමට නියමිත අතර අදාළ සාකච්ඡා අප්‍රේල් මස 11 පැවැත්වෙනු  ඇති බවට විශ්වාස කෙරෙනවා.

ආර්ථික අර්බූදයට විසඳුම්

එම සාකච්ඡා සඳහා සහභාගී වීම සඳහා මුදල් ඇමතිවරයා එළඹෙන අප්‍රේල් 9 දා රටින් පිටමං වනු ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

එහිදී රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයෙන් මිදෙන ආකාරය, මූල්‍ය ණය ගෙවීම සඳහා සැලසුමක් සකස් කිරිම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම සාකච්ඡාවලදී රජයේ රැකියා කප්පාදුව පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස්ථිර ලෙසම යෝජනා කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

ආණ්ඩුවෙන් යෝජනාවලියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එසේ යෝජනා කරන්නේ ශ්‍රී ලංකාව අදාල රැස්වීමට සැලසුමක් නොමැතිව සහභාගි වුවහොත්  පමණක් බව ආණ්ඩුවට හිතැති ආර්ථික විද්වතුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී තිබෙනවා.

ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා වලදී පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයාගේ පාර්ශවයෙනුත් යෝජනාවලියක් ඉදිරිපත් වනු ඇති බවයි ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම ඇමරිකානු සංචාරය සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාව සහභාගී කර නොගැනීමට තීන්දු කර ඇති බවත් ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරනවා.

රටේ පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම ගැන වාසුදේව නානයක්කාර හා බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන් විසින් කැබිනට් මණ්ඩලය තුළත් ප්‍රසිද්ධියේත් සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

Leave a Reply