You are currently viewing එක රටක් – එක නීතියක් මාස තුනකට දීර්ඝ වෙයි.

එක රටක් – එක නීතියක් මාස තුනකට දීර්ඝ වෙයි.

එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස 03කින් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වී තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ අත්සනින් යුතුවයි.

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා ලබාදී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර නව ගැසට් නිවේදනය අනුව එහි බලය මැයි 31 වෙනිදා දක්වා දීර්ඝ වේ.

අදාළ ගැසට් නිවේදනය පහත පරිදි වේ.

http://documents.gov.lk/files/egz/2022/2/2269-06_S.pdf