ඉක්මනින් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා යන පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය පැවැත්වීමට රජය බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
ඒ හරහා රජයට ලැබී ඇති දේශපාලන වරම ආරක්ෂා කරගත හැකිවනු ඇති බවයි ඔහු පවසන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ ආණ්ඩුවට ලබාදීලා තියෙන දේශපාලන වරම අපි ආරක්ෂා කරගත යුතුයි, ශක්තිමත් කරගත යුතුයි. ඒ අරමුණු සඳහා අපි මේ දේශපාලන බලය පරිවර්තනය කරගත යුතුයි. පාර්ලිමේන්තුවේ ඡන්ද කොමිටියේ සභාපතිවරයා හැටියට මට තමුන්නාන්සේලාගේ යෝජනාවල පණිවිඩයක් දුන්නා මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇතිකරන්න, තරුණයින්ගේ නියෝජනය සහතික කරන්න කියලා. ඉතින් එය සාර්ථකත්වයට පරිවර්තනය කරන්නට අපි ඒ කමිටුව මේ දිනවල රැස්වෙමින් පවතිනවා. ඉදිරි දිනවල නිගමනයකට ඇවිත් ඉක්මනින් පළාත් පාලන ඡන්දයකට රට ගමන් කරවන්න, ගමේ ජනතාවට බලය වැඩිකරවන්න, ගමේ ජනතාවගේ මහජන ආයතන ශක්තිමත් කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා”
ඔන්ලයින්ඡ න්ද හිමි නාම ලේඛන ප්‍රතිසංශෝධනය කිරීම අසාර්ථක ක්‍රියාවක්….
‘ඔන්ලයින් ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිසංශෝධනය කිරීම‘ කාබනික වගාව, ඔන්ලයින් අධ්‍යාපනය ලෙසම අසාර්ථක ක්‍රියාවක් බවත් එමගින් දහ
දහස් ගණනකට ඡන්ද බලය අහිමිකර ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
මැතිවරණ නිරීක්ෂණය සඳහා වූ ‘කැෆේ’ සංවිධානයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා වූ රජිත් කීර්ති තෙන්නකෝන් එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
2021 වසරේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම ලංකා ඉතිහාසයේ අසාර්ථකම ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියකි. එය එලෙසින්ම 2022 වසරේ ක්‍රියාත්මක කිරීම නිසා තවත් දස දහස් ගණනකගේ ඡන්ද අයිතිය අහිමි කිරීමකි.
”සර්වජන ඡන්ද බලය ලැබුණු දවසේ සිට පසුගිය වසර දක්වාම ග්‍රාම නිලධාරීන් ගෙන් ගෙට ගොස් ‘ඡන්ද කොළ පුරවා‘ නාම ලේඛන ප්‍රතිශෝධනය සිදු කළා. 2021 වසරේ දී අලුතෙන් ලියාපදිංචි වී ඇත්තේ සාමාන්‍ය යෙන් වසරකට ලියාපදිංචි වන නව ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 18% කට ආසන්නය. 25% ප්‍රමාණය ඉක්මවූ අපගමණයක් සහිත දිස්ත්‍රික්ක ද පවතී.
2021 අංක 22 දරණ පනත මගින් සංශෝධිත 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ මගින් වයස අවුරුදු 18 සම්පූර්ණ කරන නව ඡන්දදායකයින්ට ඡන්ද හිමිකම ලබාදීමට අපේක්ෂා කළේය. නමුත්, 2021 ඡන්ද හිමි නාම ලේඛනය ඔන් ලයින් ක්‍රමයට සකස් කරනු ලැබීමත් සමඟම එහි අරමුණ සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.
වෙනදා ඡන්ද අයිතිය ලැබුණු පිරිසට, වඩා වැඩි පිරිසකට ඡන්ද අයිතිය අහිමි ඇත. මේ සියළු දෙනා වසය අවුරුදු 18 සම්පූර්ණ කළ අලුත් ඡන්ද හිමියන්ය.
මැතිවරණ නිරීක්ෂකයින් ලෙස අප වසර 10 කට වැඩි කාලයක් තරුණයින් ලියාපදිංචි කිරීමට උනන්දු කළා. පාර්ලිමේන්තුවේ මේ සංශෝධන සම්මත කර ගැනීමට මැදිහත්වුණා. නමුත්, ග්‍රාම නිලධාරිවරුන් අතහැර ‘ඔන් ලයින් පමණක් ලියාපදිංචිය‘ පනතට ගෙනා ප්‍රගතිශීලී සංශෝධන අර්ථ විරහිත කර විනාශයකට මඟ පාදා තිබේ.
යුධ තත්වයක් පැවති කලාපවල හැර ඉතිහාසයේ කිසිම දවසක සුදුසුකම් ඇති දස දහස් ගණනක් ලියාපදිංචි කිරීම අදහැර දමා නෑ. මැතිවරණ කොමිසම සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඡන්ද ලියාපදිංචිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.
සල්ලි නෑ කියලා ඉතිහාසයේ කිසිම දවසක මැතිවරණ කොමිසමේ කටයුතු අඩපණ කරලා නෑ. සල්ලි නෑ කියලා ඡන්ද නොතියා ඉන්න බෑ. ඡන්දදායකයෝ ලියාපදිංචි නොකර ප්‍රොඩාකාරී මැතිවරණ පවත්වන්නත් බෑ.
ග්‍රාම නිලධාරිවරයෙකු ගෙන් ගෙට ගොස් ඡන්ද ලියාපදිංචි සිදු කිරිම වෙනුවෙන් එක් පවුලකට රු. 13.50 ක දීමනාවක් ගෙවනු ලැබූවා. මැතිවරණ කොමිසම, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, ග්‍රාම නිලධාරීවරුන් අතර ප්‍රශ්නය විසඳීම රජයේ ප්‍රශ්ණයකි.
ප්‍රජාතන්ත්‍රවාදයට මිලක් තිබේ. එය ලාභ නැත. එම මුදල් සැපයීම රජයේ වගකීමකි. අදාල දීමනා නොගෙවා, සුදුසු යාන්ත්‍රණයක් නොමැතිව ප්‍රෝඩාකාරී මැතිවරණයකට පාර කැපීම වැලැක්වීම සෑම දේශපාලන පක්ෂයකම හා මැතිවරණ නිරීක්ෂණ සංවිධානයකම වගකීමකි.
තරුණ ඡන්දදායකයින්ට ඡන්ද බලය අහිමි කිරීමට එරෙහිම සියළු පුරවැසි සංවිධාන කටයුතු කළ යුතුව ඇත.”
පළාත් පාලන මැතිවරණය බොහෝ දුරට මේ වසරේ….
මේ වසරේදි බොහෝදුරට පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා පැවැසීය.ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින් කල් දමා තියෙනවා. නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව මැතිවරණය පැවැත්විම සදහා කොමිෂමට බලය ලැබෙනවා. කොමිෂමක් ලෙස අපි ඕනැම අවස්ථාවක මැතිවරණයකට සුදානමින් සිටින්නේ.
පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමේන්තුව තුළින් විසදාගත යුතුයි. රටක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තියනවා. කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද සෞඛ්‍ය මාර්ගපෝදශ අනුගමනය කරමින් අදාළ කටයුතු සිදු කරන්න අප සුදානම්.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවති මැතිවරණ ආරාවුල් නිරාකරණය සදහා නිතිය පුහුණු වැඩමුළුවට සහභාගි වෙමිනි.
