ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී සැලකිය යුතු රාජ්‍ය මූල්‍ය සහ රාජ්‍ය සේවය පිළිබඳ ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලැබුවේ ආයතනය OTI විසිනි.
මෙම සම්මන්ත්‍රණය සඳහා පදනමක් සකසා ගැනීම වෙනුවෙන් මූලික සංකල්ප පත්‍රිකාවක් ද ඉදිරිපත් කරනු ලැබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ තුළ රාජ්‍ය මූල්‍ය සහ රාජ්‍ය සේවය යන පරිච්ඡේද සඳහා වඩාත් සුදුසු ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව සාකච්ඡාවට බඳුන් කිරීම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාවට සිවිල් සංවිධාන නියෝජිතයින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනය පවත්වමින් අදහස් දැක්වූ ආචාර්ය අනුර ඒකනායක මහතා.
සෑම ප්‍රශ්නයකටම ආර්ථික විද්‍යාවෙන් පමණක් විසඳුම් සෙවිය නොහැකියි. මේ මොහොත මේ රට මෙතෙක් නොපැවති දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින වෙලාවක්,
ආර්ථික අර්බුදය ව්‍යවස්ථාව සහ රාජ්‍ය සේවය අතර ඍජු සම්බන්ධයක් පවතිනවා. අද පවතින ඩොලර් අර්බුදය, අයවැය හිඟය ණය මගින් පියවා ගැනීම.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණ මාලාව කාලෝචිතයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ බරපතළ වරදක් තිබෙනවා.
දිගින් දිගටම අයවැය හිඟයක් සහිතව මෙරට ආර්ථිකය කළමනාකරණය කිරීම. අද පවතින ඉතා දරුණු ආර්ථික ගැටලුව මතු වී තිබෙන්නේ නිවුන් හිඟයක් හේතුවෙන්.
මූලික වන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙන් ඇතිවන හිඟය. අපේ රටේ ලාංකීය ජාතිය ගොඩනැංවීමේ කාර්යය අසම්පූර්ණ වීම.
අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන අඩුපාඩු. වෙළඳපල ආර්ථිකයේ ඇති ආවේණික ප්‍රවණතාවය සඳහා පිළියම් නොසෙවීම ප්‍රධාන කරුණු කීපයක්.
මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා.
රාජ්‍ය සේවයේ සහ ආර්ථිකයේ සියලු ගැටළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විසඳිය නොහැකියි. රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සිදුවන්නේ දේශපාලනික සබඳතා මත බලයට පැමිණීම සඳහා රාජ්‍ය සේවය අතකොළුවක් කර ගැනීම දිගින් දිගටම දක්නට ලැබෙනවා.
කළමණාකරන දුර්වලතාවය සහ ක්‍රමෝපායික දුර්වලතාවය හඳුනා ගනිමින් ක්‍රමෝපායික කළමනාකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම වඩා වැදගත්.
OTI ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා.
සංවර්ධන ප්‍රතිඵල කළමනාකරණය පිළිබඳව නෛතික වගකීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරවන ලදී. රටේ දේශපාලනය තුළ ලෝකයේ සංකල්ප එකතු කරමින් ව්‍යවස්ථාමය නිර්මාණාත්මකභාවයක් දාර්ශනික නිර්මාණාත්මකභාවයක් සහ නෛතික නිර්මාණාත්මක භාවයක් ඇතිවිය යුතුයි.
Details | ||
---|---|---|
![]() | Title Description | |
![]() | Title Description | |
![]() | Title Description | |
![]() | Title Description |