You are currently viewing සුජීවා චන්ද්‍රසිරි මහත්මිය

සුජීවා චන්ද්‍රසිරි මහත්මිය

මගේ පවුල දේශපාලනිකව ගොඩක් ක‍්‍රියාකාරී පවුලක්. මගේ පියාගේ පියා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වී සිටියා. මගේ තාත්තාත් ස්වාධීනව තරඟ වැදුණා 1972 පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදී. මගේ පියා දෙවරක් ප‍්‍රාදේශිය සභාවට තේරී පත් වුණා. මගේ සීයාගේ ආරම්භක පක්ෂය ලංකා සමසමාජ පක්ෂය, නමුත් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා. 1971 වසරේ සීයාගේ අභාවයෙන් පසු සෑම වර්ෂයකම ජූලි මස 11 වැනි දිනට එතුමා වෙනුවෙන් ගුණානුස්මරණ උළෙලක් සංවිධානය කරනවා. ඒ ඔහුගේ නමින් පිහිටුවන ලද සෝමවීර චන්ද්‍රසිරි සංස්කෘතික පදනම මගින්. මගේ පියාගේ අභාවයෙන් පසු එහි සභාපති තනතුරට මා පත් වුණා

මම පදනමේ වැඩ සමග සම්බන්ධ වූ නිසා අපේ ගමේ මිනිසුන් මාව සහ මගේ සමාජ සුබසාධන වැඩ කටයුතු පිළිබඳව හොඳින් අඳුනගත්තා. ඒ වගේම මමත් ගොඩක් සමීප වුණා ඔවුන්ගේ එදිනෙදා මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්. 2011 වර්ෂයේදී, දේශපාලනයට සම්බන්ධ ඉතාම ජ්‍යේෂ්ඨ සාමාජිකයන්ට අවශ්‍ය වුණා අපේ පරම්පරාවේ උරුමය සමග මාව පළාත් පාලන සඳහා ඉදිරිපත් කරවීමට. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ එක්තරා දේශපාලකයෙක් එයට විරුද්ධ වුණා. එනිසා 2011 මැතිවරණය සඳහා මට අපේක්ෂකත්වය හිමි වුණේ නැහැ. නමුත් 2014 පළාත් සභා මැතිවරණයට මහජන පක්ෂය හරහා එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරඟ වැදීමට අවස්ථාව ලබා ගත්තා. නමුත් ඉන් තේරී පත් වීමට හැකියාවක් ලැබුනේ නෑ.  2018 පළාත් පාලන මැතිවරණයේදී කාන්තාවන්ට 25% නියෝජනය ලබා දීමෙන් පසු මට හැකි වුණා කැස්බෑව නගර සභාවට තරඟ වැදීමට.

සමාජ සේවා ක‍්‍රියාකාරිනියක් ලෙස මම ගොඩනගාගෙන තිබූ ශක්තිමත් පදනම එක්ක මගේ මැතිවරණ ව්‍යාපාරය සිදු කරගෙන යාමට මට හැකි වුණා. අනෙක් අයගේ මැතිවරණ ව්‍යාපාරයන්හිදී ලබාගත් අත්දැකීම් එක්ක මට බයක් තිබුණේ නැහැ පිරිස ඉදිරියේ කතා කිරීමට. මැතිවරණ ව්‍යාපාරය අතරතුර මට පිරිමි අපේක්ෂකයන්ගෙන් ලොකූ බාධාවන් ආවේ නැහැ. නමුත් යම් අවස්ථාවකදී එක් අපේක්ෂකයෙක් ඔහුගේ මිනිසුන් ලවා මගේ පුවරු ඉවත් කර මගේ මැතිවරණ කාර්යාලය විශාල වැඩි බවට මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණා. ඒ හේතුවෙන් මට සිදු වුණා මගේ කාර්යාලයේ යම් වෙනස් කිරීම් සිදු කිරීමට. මට හොඳ අදහසක් තිබුණා මගේ ව්‍යාපාරය කොහොමද හසුරවන්න  ඕනේ කියන එක සහ අනෙකුත් පිරිමි අපේක්ෂකයන්ට හොඳ උදාහරණයක් වන්නේ කොහොමද කියලා. මගේ රැුළිවලට මත්ද්‍රව්‍ය හෝ වෙනත් දේවල් දීලා මිනිසුන් සල්ලිවලට ගන්න මට අවශ්‍ය වුණේ නැහැ. අපේ හැකියාව මත ඡුන්ද දායකයන් ගෙන්වා ගැනීමට අපට හැකි විය යුතුයි. මැතිවරණ කොමිසම මගින්, අළුතින් නාම යෝජනා ලද කාන්තා මන්ත‍්‍රීවරියන්ට පුහුණුවක් ලබා දුන්නා මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යාම, අයවැය සහ ඒ හා සම්බන්ධ නීති රීති පිළිබඳව. එම පුහුණුව ඉතා වැදගත් වුණා. මොකද, සමස්ථ රටේම පුද්ගලයෙක් මත පදනම් වූ ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ රැුල්ලක් පැවති නිසා. මට අවස්ථාව හිමි වුණේ නෑ ජයග‍්‍රහනය කිරීමට. නමුත් ලැයිස්තු මංතී‍්‍රධූරයක් හිමි වුණා.  

මම සභිකයෙක් බවට පත් වූ පසු, මම තේරුම් ගත්තා නගර සභාව කියන්නේ මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම නොයෙකුත් සේවාවන් ලබා දෙන ආයතනයක් බව. ඊට පෙර නගර සභාව සහ සභිකයන් විසින් ලබා දෙන සේවාව පිළිබඳ ඉතා සීමිත දැනුමක් මට තිබුණේ. මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි මට ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය සහ අනෙකුත් ආයතන මගින් ලොකු දායකත්වයක් හිමි වුණා පළාත් පාලන ක‍්‍රමය සම්බන්ධයෙන් විශාල දැනුමක් ලබා ගැනීමට. මේ සියළු වැඩසටහන් මගින් අපව බලසම්පන්න නායකයන් බවට පත් කෙරුණා.

පළමු සභාවරාවලදි අපි දිහා අනිත් අය බැලූවේ ”පින් මන්ත‍්‍රීවරුන්” විදියට. මම ඒ පිරිමි සභිකයන්ට ඉතාම වෘත්තිමය විදියට පිළිතුරු දුන්නා. විපක්ෂයේ සභිකයෙක් හැටියට, අපේ යෝජනාවලට ලොකු ගෞරවයක් හෝ සැලකිල්ලක් ලබා දුන්නේ නෑ. කාන්තා සභිකයන්ට තමන්ගේ යෝජනාවක් සම්මත කරගැනීමේදී මේ අභියෝගය දෙගුණ වෙනවා. නමුත් මට පුළුවන් වුණා මගේ යෝජනා දෙකක් සම්මත කරගන්න. පළමු එක තමයි අපේ කැස්බෑව නගර සභාව මහ නගර සභාවක් ලෙස නම් කිරීම. එහිදී අවශ්‍ය සාධක සියල්ලම පාහේ සම්පූර්ණ කර තිබුණු නිසා එම යෝජනාව සම්මත කර ගත්තා. සභාවේ සාමාජිකයන් එය අනුමත කිරීමෙන් පසු එය අමාත්‍යංශයේ අනුමැතිය සඳහා යවලා තියෙන්නේ. ඉන් පසුව මම යෝජනා කළා කාන්තා හා ළමා කමිටුවක් විශේෂයෙන් පත් කිරීමට. මන්ද, ඔවුන්ට අපේ වැඩි අවධානයක් සහ සහයක් අවශ්‍ය නිසා. ඔවුන් එය අනුමත කළත්, එය ප‍්‍රජා සේවා කමිටුවේ අනු කමිටුවක් ලෙස තමයි පිහිටුවන බව සඳහන් කළේ. 

කැස්බෑව නගර සභාවේ කාන්තා සභිකයන් අට දෙනෙක් සිටිනවා. නමුත් සභාවේ කාර්යයන් කිරීමේදී බහුතරයක් පුහුණුව මද බව පෙනී යන හෙයින් අදාල පුහුණුව හා දැනුමෙන් ඔවුන් සංවර්ධනය කිරීම අවශ්‍යයයි. කාන්තා හා ළමා කමිටුවක් පිහිටුවීමට මම ඉදිරිපත් කළ යෝජනාවට සහය දැක්වුවේ කාන්තා සභිකයන් තුන් දෙනෙක් පමණයි. එයින්ම පෙනී යනවා, ඔවුන්ට මේ සභාව තුළ පැවරී ඇති කාර්ය පිළිබඳ ඔවුන්ට තිබෙන්නේ කුමන ආකාරයේ අවශ්‍ය තාවයක් යන බව. ඒ නිසා මම හිතනවා පළාත් පාලන ආයතනවල තීරණ ගැනීමේ කාර්ය සම්බන්ධව ඔවුන්ට මැතිවරණයට පෙර සිටම හොඳ පෙර සූදානමක් ලබා දිය යුතුයි කියලා. එම පුහුණුව මැතිවරණ ප‍්‍රචාරණයට පමණක් සීමා නොකොට සමස්ත පළාත් පාලන පද්ධතිය සම්බන්ධයෙන්ම හා කාර්යක්ෂම සේවයක් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට දැනුමක් ලබා දිය යුතුයි.

අපි සියළුම පාලන මට්ටම් සඳහා කෝටා ක‍්‍රමයක් ඉල්ලා සිටිය යුතුයි. අපේ පක්ෂවලින් කැමති නැහැ කාන්තාවන්ට කෝටාවක් ලබා දීමට. ඔවුන් අපට සමානව හෝ ගරු කොට සලකන්නේ නැහැ. දේශපාලන පක්ෂවල නායකත්වය කාන්තාවන්ට ලබා දීමට පිරිමි කැමති නෑ. සභාවේ ව්‍යුහය තුළ, අපි නිරන්තරයෙන්ම පක්ෂ නායකත්වය පක්ෂපාතීව සහ යටහත් ලෙස සිටිය යුතු යැයි ඔවුන් අපේක්ෂා කරනවා. මම හිතනවා කාන්තාවන් එකිනෙකාට උදව් කරමින් අනෙකුත් කාන්තා සභිකයෙක් විසින් ගෙන එන හොඳ යෝජනා සඳහා එක් කණ්ඩායමක් ලෙස සහයෝගය ලබා දිය යුතුයි කියලා. කාන්තාවන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඔවුන්ගේ හෘද සාක්ෂියට සහ විනිශ්චයට අනුව අදහස් ප‍්‍රකාශ කිරිමට. මෙය වෙනස් විය යුතුයි. තීරණ ගැනීම තුළ ඔවුන්ට සමාන අවස්ථා නිර්මාණය කර ගැනීමට ඉඩක් වෙන්විය යුතුයි.

මම ගොඩක් වෙලාවට කතා කරනවා ටෙන්ඩර් අනුමත කිරීමේ කමිටුවේ විනිවිදභාවයක් නොමැතිවීම සම්බන්ධයෙන්. නමුත් බොහෝ කාන්තාවන් පිරිමි සභිකයන්ගේ විනිවිදභාවය හෝ මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හඬ නගන්නේ නැහැ. මම හිතනවා ඔවුන්ගේ පක්ෂ නායකයන් ඔවුන්ට උපදෙස් ලබා දී තිබෙනවා වෙන්න පුළුවන් එවැනි අවස්ථාවලදී නිහඬ වන ලෙස. මම හිතනවා පළාත් පාලන ක‍්‍රමය තුළ සිදු වන වංචා හා දුෂණ වැළැක්වීම සඳහා අළුත් නීති රීති මාලාවක් හඳුන්වා දිය යුතුයි කියලා.

මට හැකියාව ලැබුණා කාන්තාවන් සඳහා ස්වයං-රැුකියා ක‍්‍රමවේදයන් හඳුන්වා දීමට පළාත් පාලන ඇමතිතුමාගෙන් ප තිපාදන වෙන් කරවා ගැනීමට. ඒ අනුව කාන්තාවන් කණ්ඩායමකට මහන මැෂින් ලබා දීමට හැකි වුණා. ඒ වගේම තවත් ළමුන් කණ්ඩායමකට පාසල් උපකරණ ලබා දීමට හැකි වුණා. ඒ වගේම මගේ පදනම මගින් මූල්‍යමය සහයෝගය ලබා දීලා තිබෙනවා දුප්පත් කාන්තාවන්ට ආදායම් මාර්ග නිර්මාණය කර දීමට සහ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීමට, වාර්ෂිකව පාසල් උපකරණ හෝ ආධාර ලබා දීමට අප පදනම කටයුතු කරනවා.

මම පුතාලා දෙදෙනෙක්ගේ මවක්. ඔවුන්ගේ වයස අවුරුදු 16යි සහ 14යි. මම පූර්ණ කාලීනව අළෙවිකරණ විධායක නිළධාරිනියක් ලෙස කටයුතු කරනවා. මම මගේ මැතිවරණ ව්‍යාපාරයට ගොඩක් මුදල් වියදම් කළා. ඒ වගේම දේශපාලඥයෙක් ලෙස මට තිබෙන්නේ ඉතා සුළු අත්දැකීම්  ප‍්‍රමාණයක්. ඒ නිසා මට ලොකු විශ්වාසයක් නැහැ මීළඟ පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව. ඒ වගේම කෝටා ක‍්‍රමයකින් තොරව මට නාමයෝජනා හිමි කර ගැනීමට ඇති ඉඩකඩ ඉතා අවමයි. ඒ වගේම මේ තත්වය තවත් සංකීර්ණ වෙලා තියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නිසා. මට හිතෙනවා පළාත් සභා සහ පාර්ලිමේන්තුව සඳහා පළමු වරට තරඟ කරන කාන්තාවන් සඳහා හෝ කෝටාවක් ලබා දිය යුතුයි කියලා. ඉන් පසුව සමහරවිට අපට හැකියාව ලැබෙයි අපේ කුසලතා සමඟ තරඟ වැදීමට. මේනිසා මෙම මට්ටම් දෙක තුළවත් අළුත් නීති හඳුන්වා දී කාන්තාවන්ට තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තුළ වැඩි ඉඩක් ලබා දිය යුතුයි.

කාන්තා නියෝජනය වැඩි වීමත් සමග පළාත් පාලන ක‍්‍රමය මගින් සපයන සේවාවන්හි ලොකු වෙනසක් සිදු වෙලා තිබෙනවා. මොකද කාන්තාවන් තමන්ගේ මිනිසුන්ගේ ප‍්‍රශ්න සහ අවශ්‍යතා සඳහා වඩාත් අනුගත වීමක් සිදු වෙන නිසා. මෙහිදී කාන්තාවන් සහ ළමුන් විශේෂයි. ඉතිහාසයේ ඉඳලම පිරිමි සභිකයන් සහය දක්වා තිබෙන්නේ ඔවුන්ගේ පක්ෂයේ ඡුන්ද දායකයන්ට පමණයි. නමුත් කාන්තා සභිකයන් ඉන් ඔබ්බට ගිහින් පක්ෂ අභිලාෂයන්ට සීමා නොවී සියළුම දෙනාට සේවය සපයනු ලබනවා. 

One Text ආයතනයේකාන්තාමන්ත්රීධාරිතාසංවර්ධනව්යාපෘතියේකොටසක්ලෙසලේඛනයප්රකාශයටපත්කිරීමටමන්ත්රීවරයාගේඅවසරයඇතිවමෙයසකස්කරනලදී.


Details
Title Description
Title Description
Title Description
Title Description
Title Description
Title Description