You are currently viewing නව දේශපාලන පක්ෂ තුනක්.

නව දේශපාලන පක්ෂ තුනක්.

නව දේශපාලන පක්ෂ තුනක් සඳහා ලියපදිංචිය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසන්නේ තමිල් මක්කල් කූට්ටනී, නව ලංකා නිදහස් පක්ෂය සහ දමිල ප්‍රගතිශීලි සන්ධානය යන පක්ෂ තුනට ලියාපදිංචිය ලබාදුන් බවයි.

උතුරු පළාතේ හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් තමිල් මක්කල් කූට්ටනී පක්ෂය ස්ථාපිත කර ඇති අතර නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාය.මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් දමිල ප්‍රගතිශිලි සන්ධානය ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව මෙරට පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79ක්.

මේ අතර 2022 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

Leave a Reply