You are currently viewing පළාත් පාලන ආයතන 340 ක නිල කාලය දීර්ඝ වේ.

පළාත් පාලන ආයතන 340 ක නිල කාලය දීර්ඝ වේ.

වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු මස 19 වැනිදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අංක 2262/8 දරන  නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 2023 වසරේ මාර්තු 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.මහ නගර සභා 24 ක,නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 275ක සභිකයින්ගේ ධුර කාලය ඒ අනුව වසරකින් දීර්ඝ වනු ඇත.

අදාළ ගැසට් නිවේදනය කියවීම සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න.

http://www.documents.gov.lk/files/egz/2022/1/2262-08_S.pdf

Leave a Reply