You are currently viewing මහා විදුලි අර්බුදයක් අත ළඟ.

මහා විදුලි අර්බුදයක් අත ළඟ.

මහා විදුලි අර්බුදයක් ඇත ළඟ.

2015 නොරොච්චෝලෙ ව්‍යාපෘතියෙන් පසුව විදුලි බල ශක්තිය උත්පාදනය උදෙසා ටෙන්ඩර් කිහිපයක් කැඳවූ නමුත් ලංවීම කිසිදු බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සමත් නොවූ නිසා රට මහා විදුලි අර්බුදයක් කරා ළං වෙමින් පවතී. ලංවිම අවසාන වශයෙන් ටෙන්ඩර් කැඳවූයේ දැනට පවතින සහ අනාගත බල ශක්තිය උත්පාදන  බලාගාර ස්වභාවික ද්‍රව වායු (LNG) මගින් ක්‍රියාත්මක වන ඒවා බවට පරිවර්තනය කිරීම, ඒවා පාවෙන ගබඩාවක රැඳවීම සහ නැවත වායු බවට පත් කරන ඒකකයක් පිහිටුවීම, නළ මාර්ග පද්ධියක් ගොඩනගා බලාගාර වෙත ගෑස් බෙදාහැරීම යන කටයුතු උදෙසාය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීම ඇමෙරිකානු සමාගමක් වූ ෆෝට්‍ර්ස් එනර්ජි වෙත ප්‍රදානය කරන්නට එකඟ වූවේය. යුගදනවි බලාගාරයට ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීමත් වසර දෙකක් තුළ මෙගාවොට් 350කින් යුක්ත අලුත් බලාගාරයක් ඉදිකිරීමත් ඊටම අයත් විය.

මීට අමතරව යුගදනවි බලාගාරයේ කොටස් හිමිකම සියයට  40ක් ඇ. ඩො. මිලියන 240කට විකිණීමටත් එම ගිවිසුමට අයත් වූයේය. මෙම කාරණය නිසා ලංවිම වෙතිනුත් මහජනයාගෙනුත් පක්ෂ  විපක්ෂ දේශපාලනඥයන් වෙතිනුත් යෝධ විරෝධයක් එල්ල වූයේය. ආණ්ඩුවේ සුළුතර දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේද විරෝධය ඊට එල්ල වූයේය. ජනාධිපති රාජපක්ෂ ගිවිසුම් කටයුතු ආරම්භ කරනු  ලැබූ අතර අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය තුළ නිසි සාකච්ඡාවට නොගත් බව කියවේ. එහෙත් නිව් ෆෝට්‍ර්ස් එනර්ජි ලිමිටඩ් ආයතනයේ නියෝජිතයන් සමග ගිවිසුමට අත්සන් තැබිණි. එදිනම රාත්‍රියේ 2.00ට පමණ එම සමාගමේ නියෝජිතයෝ ගිවිසුමට අත්සන් තබා නික්ම ගියහ. 

නිව් ෆෝට්‍ර්ස් එනර්ජි (NFE) ගිවිසුමට එරෙහි චෝදනා

1. ලංවිම රටේ බල ශක්ති උත්පාදන අවශ්‍යතා උදෙසා LNG සැපයුම සඳහා සමස්ත ලෝකයෙන් ටෙන්ඩර කැඳවන අවස්ථාවේ නිව් ෆෝට්‍ර්ස් එනර්ජි සමාගම ටෙන්ඩර් ඉදිරිපත් කරන්නට අසමත් විය.

2. මෙම ගනුදෙනුවට LNG සැපයුම මිලදී ගැනීම, පාවෙන ගබඩාව හා නැවත ගෑස් බවට පත් කිරීමේ (FSRU) ඒකකය කුලියට ගැනීම හා සියලු බලාගාර වෙත නළ මාර්ගයෙන් LNG සැපයීම ආදි සියල්ල භාර වෙන්නේ නිව් ෆෝට්‍ර්ස් එනර්ජි සමාගමටයි.

3.  එම තනි (එකම) පාර්ශ්වය මත යැපෙන්නට ලංකාවට සිදුවනු ඇත.

4. මීට අමතරව මන්නාරම ගෑස් සහ තෙල් සංචිත වර්ධනය කිරීමට LNG ආනයනය කිරීම තර්ජනයක් වන බවට අමාත්‍ය උදය ගම්මන්පිල  සිය කනස්සල්ල  පළ කළේය. 

ස්වභාවික ද්‍රව වායු ((LNG) සහ පාවෙන ද්‍රව වායු ගබඩාව

ස්වභාවික ද්‍රව වායු (LNG) යනු අවර්ණ, විෂ රහිත ද්‍රව්‍යක් වන අතර එය සකසනු ලබන්නේ ස්වභාවික වායු සෙල්සියස් අංශක -162 දක්වා සිසිල්  කිරීමෙන් සහ වායුවේ පරිමාව 600 ගුණයකින් හකුලා දැමීමෙනි. ඒ මගින් ඒවා පරෙස්සම් සහිතව පරිහරණය කිරීමටත්, ගබඩා කිරීමටත් නැව්ගත කිරීමටත් හැකිවේ. ද්‍රව තත්ත්වයේ පවතින විට LNG ගිනිගන්නාසුළු නොවේ. එහෙත් වායු තත්ත්වයේදී එය අතිශයින් පුපුරණ සුළුය. ඒවා මගින් දරුණු පරිසර හානි ඇතිවිය හැකිය.

LNG අවශ්‍ය ගමනාන්තය දක්වා  ප්‍රවාහනය කළ විට ඒවා පාවෙන ගබඩාවක (FSRU) හා නැවත වායු බවට පත් කිරීමේ ඒකකයක ගබඩා කෙරේ. FSRU ඒකකයේදී දියරය, වායු බවට නැවත පත්වී නළ  ඔස්සේ බලාගාර වෙත යැවේ. එහිදී එම වායු දහනය කොට විද්‍යුතය නිපදවේ.

රජය ගල් අඟුරු සහ තෙල් බලශක්ති මූලාශ්‍ර ලෙස භාවිත කිරීමෙන් ඉවත්වී පිරිසුදු බලශක්ති මූලාශ්‍රයක් ලෙස LNG ස්වාභාවික ද්‍රව වායු භාවිතා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. ඒ සඳහා FSRU ඒකකයක් පිහිටුවා කලාපයේ අනෙකුත් රටවල් හා එම කාර්යය උදෙසා එක්වීමට රජය අපේක්ෂා කරයි. පරිභෝජනය උපරිම ලෙස සිදුවන ප.ව. 6.30 – ප.ව. 10.00 අතර කාලය තුළ හා වර්ෂා කාලයේ සූර්ය බල ශක්තිය නොමැත. සූර්ය බලශක්තිය ගබඩා කිරීමේ බැටරි සඳහා වියදම් කිරීමේ හැකියාව ලබනතුරු එම අඩුව මෙරට පිරවීමට බලාපොරොත්තු වන්නේ LNG මගිනි. ඒවායේ මිලද වසර කිහිපයක් තුළ පහත වැටෙතැයි බලාපොරොත්තු වේ. 

ස්වභාවික ද්‍රව වායු (LNG) අවශ්‍යතාව

ලංවිම 2007 පටන් LNG අවශ්‍යතාව ගැන දැන සිටියේය. LNG පදනම් කොට ගත් මෙ.වො. 300ක යුගදනවි බලාගාරයේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන විටත් එය ධාවනයට නියමිත වූයේ ඉහළ වියදමක් වැයවන ඩීසල් මගිනි. එහෙත් පසුගිය වසර 14 තුළ ටෙන්ඩර කැඳවීම් කිහිපයක් සිදු කළද LNG සැපයුමක් ස්ථාපිත කර ගන්නට ලංවිම අසමත් වූයේය. එසේම විවිධ හේතු නිසා කොරියානු ආයෝජනයක් ඇතුළු යෝජනා කිහිපයක්ම ඉවතලනු ලැබීය.

සාම්පූර් ගල් අඟුරු බලශක්ති ව්‍යාපෘතිය අවලංගු කිරීමත් සමග ලංවීම 2016දී මෙ.වො. 350 ක කෙරවලපිටිය, LNG පදනම් කරගත් දෙවැනි අදියර උදෙසා ටෙන්ඩර කැඳවනු ලැබුවේය. එසේ කළේ LNG මගින් බලශක්ති උත්පාදන කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් මේ දක්වා කොන්ත්‍රාත් පැවරීම සිදුවී නොමැත. පවතින හිඟය පියවාගනු ලබන්නේ පෞද්ගලික  බලශක්ති නිෂ්පාදකයන් වෙතින් ඉහළ මිලක් ගෙවා විදුලි බලය මිලදී ගැනීමෙනි. ඒවාට අදාළ ගිවිසුම් කාලයද අවසන් වී බොහෝ කල් ගතවී තිබේ. 

FSRU සඳහා ලංවිම ටෙන්ඩරය

පාවෙන ද්‍රව වායු ගබඩාව හා නැවත වායු බවට පත් කිරීමේ ඒකකය (FSRU) සහ නළ මාර්ග ඉදිකිරීම උදෙසා ලංවිම 2021 පෙබරවාරියේ ටෙන්ඩර කැඳවූ අතර එම ටෙන්ඩරය ජූනි 18 වැනිදා වසා දැමිනි. ලංසු ඉදිරිපත් කිරීම උදෙසා නොවේ යනුවෙන් කියවෙන ලේඛනයක් ලංවිම යටතේ අන්තර් ජාලයේ පළ විය. එහි කෙරවලපිටිය අක් වෙරළේ පාවෙන ගබඩාව (FSRU) සහ නැවත වායු බවට පත් කිරීමේ ඒකකය සඳහා යෝජනා ඉල්ලා තිබිණි.

ටෙන්ඩර් දෙකෙන් පළමු ටෙන්ඩරය  පාවෙන ගබඩාව හා නැවත වායු බවට පත් කිරීමේ ඒකකය ගොඩනගා, හිමිකම පවත්වාගෙන මෙහෙයුම් කිරීමේ පදනමෙනි. දෙවැන්න ඉදිකිරීම, හිමිකම පවත්වා ගැනීම මෙහෙයුම් කිරීම් හා නැවත භාර දෙන පදනමිනි. එහිදී ලංවිම විසින් එම පාවෙන ඒකකය වෙත ස්වභාවික ද්‍රව වායු සැපයීම සිදු කිරීමට නියමිත විය.

යෝජනා ඉල්ලීමේ ලංසුකරුවන් මුදල් යෙදවීමත්, නිර්මාණය කිරීමත්, ප්‍රසම්පාදනය කිරීමත්, ඉදිකිරීමත්, ක්‍රියාත්මක කිරීමත් මෙහෙයුම් කිරීම හා පහසුකම් පවත්වා ගැනීමත් උදෙසා යෝජනා ඉදිරිපත් කළ යුතුවිය. වසර 10ක මෙහෙයුම් කාලයක් අගදී පාවෙන ඒකකය ලංවිම වෙත පැවරිය යුතු විය.

රු. 200,000ක ටෙන්ඩර ගාස්තුවක් ගෙවීමෙන් අනතුරුව සමාගම් 22 ක් ටෙන්ඩර් ලේඛන ලබා ගත්හ. එහෙත් යෝජනා ලැබුණේ දෙකක් පමණි. 

ටෙන්ඩර් ලේඛනවලට අනුව LNG අවශ්‍යතාව

ටෙන්ඩර ලේඛනයට අනුව LNG අවශ්‍ය වූයේ ලංවිමේ දීර්ඝ කාලීන සැලසුම උදෙසාය. 2020-2039 ට අදාල එම දීර්ඝ කාලීන උත්පාදන ව්‍යාප්ති කිරීමේ සැලැස්ම පළමු වගුවේ දැක්වේ. දැනට පවතින හා යෝජිත බලාගාර ඊට අයත්ය.

රටේ බලශක්ති අවශ්‍යතාව

ලංවිම 2020-2039 දීර්ඝ කාලීන බලශක්ති උත්පාදන ව්‍යාප්ත කිරීමේ (LTGEP) සැලැස්මට අනුව සෑම අවුරුදු 5කට බලශක්ති අවශ්‍යතාව මෙසේය.

2020 මෙ.වො. 3050

2025 මෙ.වො. 3903

2030 මෙ.වො. 4872

ලංවිම ටෙන්ඩර අනුව 2030 වනවිට රටේ මෙ.වො. 1933ක බලශක්ති අවශ්‍යතාවකින් සියයට 39.7ක් LNG වලින් බලාපොරොත්තු වන බව පෙනේ. එය 2030 වනවිට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ඉලක්කය සියයට 70ක නැවත උත්පාදනය කළ හැකි බලශක්ති ඉලක්කය හා සම්පූර්ණයෙන් පරස්පර වූවකි. ලංවිමට අනුව දැනට පවතින ගල් අඟුරු බලාගාරයද එවකට ක්‍රියාත්මක වනු ඇත.

නිව් ෆෝට්‍ර්ස් එනර්ජි ලිමිටඩ් සමාගම රජයේ ගිවිසුමට අනුව මෙ.වො. 300ක යුදගනවි බලාගාරයට LNG සැපයීමත් වසර දෙකක් තුළ මෙ.වො. 350 බලාගාරයක් සැපයුම් ධාරාවට එක් කිරීමටත් අපේක්ෂා කෙරේ. වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ සියයට 40ක කොටස් හිමිකම සමග ඩොලර් මිලියන 250කට යුගදනවි බලාගාරයද එයට හිමිවේ. සමාගම පාවෙන ගබඩාවක සම්පාදනයක් බලාගාර දෙකට ගෑස් සැපයෙන නළ මාර්ගයක් ඉදිකිරීමට නියමිතය. එහි පූර්ණ ධාරිතාව මෙ.වො. 650කි.

ටෙන්ඩරය සහ ප්‍රදානය සංසංදනය

ලංවිම ටෙන්ඩර් කොටස් 3කින්  සමන්විතය.

ලංවිම විසින් LNG ප්‍රසම්පාදනය

1.මෙ.වො. 1933 උත්පාදන කිරීම උදෙසා ගෑස් සැපයීමේ හැකියාව සහිත පාවෙන ගබඩාව හා නැවත වායු බවට පත් කිරීමේ ඒකකයක් සැපයීම හා 2.පවත්වාගෙන යෑම

3. නළ මාර්ග පද්ධතියක්, බලාගාර අටකට ගෑස් බෙදා හැරීම උදෙසා, එලීම සහ පවත්වාගෙන යෑම.

නිව් ෆෝට්‍ර්ස් එනර්ජි සමාගම මෙ.වො. 650ක් සැපයුම් කිරීමට බලාපොරොත්තු වන අතර ලංවිම ටෙන්ඩරයෙන් එමෙන් තුන්ගුණයක් සැපයීමට බලාපොරොත්තු වේ.

ස්වභාවික ද්‍රව වායු (LNG) මත පදනම් වූ ක්‍රමයේ ගැටලු

වායු ගබඩාකරණය හා සැපයුම

ද්‍රව තත්ත්වයෙන් වායු ගබඩාකරණය පරෙස්සම් සහිතය. ස්වභාවික වායු අක් වෙරළ FSRU ඒකකයේ සිට නළ ඔස්සේ එවනු ලැබේ. තෙල් මෙන් නොව ගෑස් කාන්දුවීමකින් පිපිරීමක් සිදුවී මුළුප්‍රදේශයම දැවී අළුවී යා හැකිය. එම නිසා ගෑස් නළ මාර්ග වරාය තුළ හෝ ජනාකීර්ණ ප්‍රදේශවල එලන්නට ඉඩ නොදේ.

පාවෙන ගබඩා ඒකකය පිහිටුවීමට නියමිත කෙරවලපිටියෙන් ඔබ්බේ මුහුදේය. ඒ අසල බලාගාරවලට එයින් ගෑස් සැපයිය හැකිය. ලංවිම ටෙන්ඩරය යටතේ ගෑස් බෙදා හැරීමට බලාපොරොත්තු වන්නේ කැලණි පාලම සමීපයේ කැලණි තිස්ස බලාගාරයට හා සොනිට්ස් බලාගාරයටයි. මෙයින් සිදුවිය හැකි අන්තරායේ තරම මහජනයා දන්නේ නම් එවැනි නළ මාර්ග පද්ධතියකට කිසි විට ඉඩ දෙන්නේ නැත. එහෙත් FSRU කොන්ත්‍රාත්තුව ලබන කොම්පැණියට ගෙවීම් කළ යුතුවේ. 

ව්‍යාපෘති නිම කිරීම 

පාවෙන ද්‍රව වායු ගබඩාවට අදාල කොන්ත්‍රාත්තුව නිසි වෙලාවට පිරිනැමුවහොත් සාමාන්‍යයෙන් මාස 24 තුළ ඒ සඳහා දිනකට ඇ.ඩො. 120,000ක් පමණ වැයවේ. ලංවිම කොන්ත්‍රාත්තුව යටතේ නියමිත පාවෙන ගබඩාව නිව් ෆෝට්‍ර්ස් එනර්ජි ඉදි කරන FSR ඒකකය මෙන් තුන්ගුණයක් විශාල වේ. එම නිසා ලංවිම ඉදිකිරීමට නියමිත FSR එක්කය (පාවෙන ගබඩාව) උදෙසා දිනකට ඩො. 200,000ක් පමණ වැය වේ. FSRU නියමිත වෙලාවට බාර දුන් විට නළ මාර්ගය ඉදිකිරීමේ ප්‍රමාදයක් සිදු වූයේ නම් (මහජන විරෝධතා හේතුවෙන්) භාවිතා නොකළ කාලය උදෙසා පාවෙන ගබඩාවට මුදල් ගෙවන්නට රජයට සිදුවේ.

මේ අතර නිව් ෆෝට්‍ර්ස් එනර්ජි ගිවිසුම අනුව පාවෙන ගබඩාවට හා නළ මාර්ග මෙහෙයුම් හා පවත්වා ගැනීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා රජයට හෝ ලංවීමට නොව නිව් ෆෝට්‍ර්ස් එන්ර්ජි සමාගමටයි. නිව් ෆෝට්‍ර්ස් එන්ර්ජි සමාගම ගෝලීය මට්ටමින් දිනාගෙන ඇති කීර්තිය ගැන සිතන්නේ නම් යම් අසාර්ථක වීමක් සිදු වුවහොත් එය ඔවුන්ගේ ව්‍යාපාර අවස්ථාවලට බලපානු ඇත. 

පැරිස් ගිවිසුම

දේශගුණ විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුම 2016 දී ශ්‍රී ලංකාව අත්සන් තැබුවේය. රටවල් 196ක් විසින් අත්සන් තැබූ එහි අරමුණ වූයේ කාර්මික මට්ටමින් ගෝලීය උණුසුම වැඩිවීම සෙ. 1.5කට සීමා කිරීමයි. සියවස මැද වනවිට වායු නිකුත්වීම අවම කිරීම උදෙසා පියවර ගැනීමට අත්සන් තැබූ රටවල් එකඟ වී තිබේ. ඒ අනුව ගල් අඟුරු හා තෙල් දහනයෙන් ඉවත්වී නැවත පරිහරණයට ගත හැකි බලශක්තීන් වන සුළඟ සහ සූර්ය ශක්තිය වෙත නැඹුරු වීමේ කඩිනම් අවශ්‍යතාවක් පවතී. 

පියසි මත සූර්ය ශක්ති ඒකක ස්ථාපනය ප්‍රවර්ධනය කිරීම

ශ්‍රී ලංකා සුනිත්‍ය  බලශත්කි අධිකාරිය  (SLSEA) ලංවිම හා එක්ව 2010 දී පියසි මත සූර්ය ශක්ති ඒකක ස්ථාපනය කිරීම හඳුන්වා දෙන ලදී. ආරම්භයේදී නිෂ්පාදකවරුන්ට කි.වො. එකකට රු. 23 බැගින් ගෙවූ අතර එය සාර්ථක වූයේය. එම නිසා 2016දී සූර්ය බල  සංග්‍රාමය වැඩ සටහනට ඒ නිසා මග පෑදුණේය. මෙ.වො. 5 දක්වා නිපදවන නිෂ්පාදකයන් ඊට හවුල් කර ගැනුණේය.

එම වැඩ සටහන තුළින් 2020 වනවිට  ජාතික ජාලයට මෙ.වො. 200 එක් කිරීමටත් 2025 වනවිට මෙ.වො. 1000ක් එක්කර ගැනීමටත් ඉලක්ක කර ගැනුණි. මෙය 2019 අගෝස්තුවේදී නැවත සකස් කෙරුණු අතර කි.වො. 50 දක්වා පියසි මත සූර්ය බලශක්තිය නිපදවන්නන්ට ඒකකයකට රු. 19.15 බැගින්ද කි.වො. 50ට වැඩි පද්ධති වලට රු. 18.75 බැගින්ද ගෙවීමට නියම වූයේය. 2020 අග වනවිට සූර්ය පද්ධති 31200කින් ජාතික පද්ධතියට මෙ.වො. 341ක් සැපයුණි. 2016 පටන් සියලුම විශාල සූර්ය ව්‍යාපෘති ලංවිම නවතා දැමුවේය. කුඩා පරිමාණ සෝලාර් නිෂ්පාදකයන්ගේ සංගමය ඊට විරෝධය දැක්වූයේ ඒ වනවිට නිෂ්පාදකයන් 617ක් (මෙ.වො. 5 දක්වා නිෂ්පාදනය කරන) ලියාපදිංචිය බලාපොරොත්තුවෙන් සිටි නිසාය. මෙ.වො. 1555ක් සපයන සමස්ත නිෂ්පාදකයෝ SLSEA වෙත ඒ වනවිටත් ලියාපදිංචි වී සිටියහ. ඔවුන්ට රුපියල් මිලියන 100කට වඩා  ගෙවා තිබුණු අතර ඒ සියල්ල ලංවිම විසින් නවතා දැමිණි.

2017 ජුනි මාසයේදී මෙ.වො. 1ක භාවිතාවෙන් යුතු සූර්ය බලශක්ති බලාගාර 60ක් උදෙසා ලංවිම ලංසු කැඳවූයේය. ඒවා ග්‍රීඩ් පොළවල් 20කට එක් කිරීමට නියමිත විය. ඉදිරිපත් වූ ලන්සු 63 කින් 36ක් පිළිගැනීමට ලක්වූ අතර ඒකකයකට රු. 12.73 සිට රු. 18.37 දක්වා (සාමාන්‍ය 17.22ක්) ඒවාට ගෙවීමට නියමිත විය. 

සුළං බලාගාර

2010 දී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය 2014දී මෙ.වො. 127 නිපදවන සුළං බලශක්ති ව්‍යාපෘති 15ක් පිළිගනු ලැබුවේය. ඉන් සමාගම් 6ක් ඒකක මෙ.වො. 10ට වැඩි ධාරිතාවක් නිපදවන ඒවාය. ඒවායින් මෙ.වො. 30ක් නිපදවන ව්‍යාපෘති දෙකක් හේලීස් සමාගම ස්ථාපනය කළේය. එහෙත් තවදුරටත් සුළං බලාගාරවලට අවසර නොලැබුණේ ඒවායේ දූෂණ සිදුවී ඇතැයි කියමිනි.

2019 නොවැම්බරයේදී සමස්ත මෙ.වො. 60ක් නිපදන  මෙ.වො. 1 සිට 10 දක්වා වූ සුළං බලාගාර පිහිටුවීම උදසො ලංවීම යෝජනා ඉල්ලා සිටියේය. ඉදිකොට මෙහෙයුම් කර භාරදෙන (BOT) පදනමින් එම ව්‍යාපෘති සඳහා ලංසු බාර ගැනීම 2020 පෙබරවාරි මාසයෙන් අවසන් විය. මේ වනවිට තිබෙන පෞද්ගලික හිමිකාරිත්වය ඇති සූර්ය බලාගාර බොහොමයක් මෙ.වො. 10ට වැඩි ඒවාය. 

ලංවීම ඉංජිනේරුවන් සූර්ය සහ සුළං බලශක්ති සංවර්ධනය කඩාකප්පල් කිරීම

2013 අංක 31 දරන විදුලිබල පනත යටතේ ජාතික ජාලයට සම්බන්ධ වන ඕනෑම ඒකකයක් ලංවිම මගින් අනුමත විය යුතුය. එසේම ලංවිම දීර්ඝ කාලීන උත්පාදන ව්‍යාපෘති සැලැස්මට ඒවා අනුගත විය යුතුය. එසේම ටෙන්ඩර් කැඳවීමෙන් පසු තෝරාගත් ව්‍යාපෘති පිළිගැනීමටද පනතින් අවසර දී තිබේ. ලංවිම ඉංජිනේරුවෝ විදුලිබල පනත වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් නිර්දේශ කරන ව්‍යාපෘති පමා කිරීම හෝ නවතා දැමීම කරති.

2019 මාර්තු 27 දාතමින් යුතු SLSEA වාර්තාවේ කියන පරිදි ආයෝජකයන් විසින් ඉදිරිපත් කොට SLSEA විසින් 2016 සිට අනුමත කර ඇති ව්‍යාපෘති උදෙසා බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීම ලංවිම ප්‍රතික්ෂේප කර තිබේ.

සුළං හෝ සූර්ය බලශක්තිය ව්‍යාපෘති පිළිගැනීම උදෙසා සීමාකරණයක් පැනවීමට ලංවීම ඉංජිනේරුවන්ට හැකි වී  ඇත.

2022 න් පසුව පවා කාබන් අඩු දහනයක්ද ඇතුළුව නැවත අලුත් කළ හැකි, නිෂ්පාදන අවුරුද්දකට මෙ.වො. 389 බැගින් වූ උපරිමයකට යමින් ලංවිම ඉංජිනේරුවන් ක්‍රියාත්මක කරන ආකරයයි. මෙසේ කරනුයේ 2030 වනවිට අලුත් කරගත හැකි බලශක්ති උත්පාදනය සියයට 70 ඉලක්කයට යාමේ ජනාධිපතිවරයාගේ දැක්මට පටහැනිවයි. දින කිහිපයකට පෙර ලංවිම කි.වො. 75 ධාරිතාවෙන් යුතු සූර්ය බලශක්ති ව්‍යාපෘති 800ක් උදෙසා පෞද්ගලික නිෂ්පාදකයන්ගෙන් ටෙන්ඩර් කැඳවූවේය. එම ටෙන්ඩර 2022 ජනවාරි 18 වැනිදා පියවා  දැමීමට නියමිතය. මින් පෙර මෙ.වො. 10 ට වැඩි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ලංවිම සංවර්ධකයන් වෙතින් ටෙන්ඩර් කැඳවන ලදී. 

මන්නාරම් තෙල් හා ගෑස් නිදි සොයා ගැනීම

නිව් ෆෝට්‍ර්ස් එන්ර්ජි සමාගම මගින් ස්වභාවික ද්‍රව වායු සැපයුම් කිරීම ඔස්සේ මන්නාරම් තෙල් සහ ගෑස් සොයා ගැනීමට බාධා පැමිණෙනු ඇතැයි බලශක්ති  අමාත්‍ය උදය ගම්මන්පිල කනස්සල්ල පළ කළේය. ඩොලර් බිලියන 267ක් වටිනා ගෑස් සහ තෙල් නිධි මන්නාරම් ද්‍රෝනියේ ඇතැයි අමාත්‍යවරයා කියා සිටී. 2011 දී වෙරළෙන් කි.මී. 30ක් සහ 60ක් ඔබ්බේ මුහුදු පතුලේ සිට මීටර 1354 සහ 1509ක් ගැඹුරේ ගෑස් නිධි 2ක් ඇති බව සොයා ගැනිණි. මීටර 24ක ඝනකමෙන් යුක්ත ගෑස් ධාරයක් ඇති වැලිගල මීටර 4741 ගැඹුරේ තිබෙන අතර එහි තෙල් බැරල් බිලියන දෙකක් සහ ස්භාවික වායු කියුබික් අඩි ට්‍රිලියන 9ක විභවතාවක් එහි තිබෙන බව කියයි. එහෙත් ඒවායේ වාණිජ සක්‍යතාව සියයට 30ක් සියයට 40ක් පමණ වෙතැයි සැලකේ.

කිලෝමීටර් 4.7 ගැඹුරේ ඇති තෙල් බිම් සංවර්ධනය අතිශය වියදම්සහගතවේ. ඒ සඳහා පරීක්ෂා කිරීමේ කටයුතුවලට තුන්වැනි පාර්ශවයක් හවුල් කර ගත යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකාවට අධික වියදම්කාරී වෑයමක් දරන්නට සිදුවේ. තෙල් කැණීම් උදෙසා මුහුදු පතුල විදීමේ කාර්යය ජංගම යාත්‍රාවකින් කළ යුතුය. ගැඹුරු මුහුදේ කැණීම් කළ පසු සොයා ගන්නා ලද තෙල් වායු ඒකරාශි කිරීම පාවෙන ගබඩාවකින් කළ යුතුවේ. මෙම වියදම් දැරීමේදී එක් එක් ප්‍රතිශතයක් බෙදා ගැනීමත් මාසිකව ඩොලර් වලින් ගෙවීමත් කිරීම අවශ්‍ය වේ. ගෑස් කොම්පැනි පිළිගන්නා තරමේ ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් අප රටට තිබේද? පැරිස් ගිවිසුම නිසා ලෝ පුරා තෙල් සහ ගෑස් සඳහා අනාගතයේ ඇතිවන ඉල්ලුම පහත වැටීමට නියමිතය. ප්‍රධාන තෙල් සමාගම් ඉල්ලුම පහත වැටෙතැයි බියෙන් පසුවන අතර යෝධ තෙල් හා ගෑස් නිධිවලට ගැනුම්කරුවන් සොයා ගැනීමට නොහැකි වනු ඇත. මෙකී යථාර්ථයන් හමුවේ ඇමැතිවරු  දකින මන්නාරම් ගෑස් සිහිනය සිහිනයක් ලෙසම පවතිනු ඇත. 

සමාලෝචනය

නිව් ෆෝට්‍ර්ස් එන්ර්ජි සමාගමේ ගනුදෙනුව ජනාධිපති රාජපක්ෂ වෙත හඳුන්වා දුන්නේ හිටපු ඇ. එජනපද  තානාපතිනි ඇලෙයිනා බී.  ටෙප්ලිට්ස් විසිනි. පලමුවෙන් ඉදිරිපත් වූ ප්‍රධාන යෝජනාව කිහිප වාරයක් සංශෝධනය කෙරිණි. ඇමෙරිකානු තානාපතිනිය සිය රජය සමග එක්වී එම ගනුදෙනුව ශ්‍රී ලංකාවට හිතකර අයුරින් සකසන්නට මහත් වෙහෙසක් ගත්තාය. තම සම්පත් තීරුවේ සවභාවික ද්‍රව වායු හිමි එම සමාගමට චිත්තාකර්ශනීය වාසි පිරිනැමීමට හැකි විය.

ලංවිම යටතේ බලාගාර අටකට මෙ.වො. 1933 ක් නිපදවීමට ටෙන්ඩර් කැඳවන ලදී. FSRU කොන්ත්‍රාත්කරු ඊට අදාල නැව සැපයිය යුතුය. නළ මාර්ග එලීමේ  පමාවක් වේනම් ලංවිම FSRU කොන්ත්‍රාත්කරුට දිනකට ඩො. 200,000 බැගින් ගෙවිය යුතුය.

නිව් ෆෝට්‍ර්ස් එන්ර්ජි ගිවිසුම අනුව පමාවෙන කාලය තුළදී ගෙවීම් කිරීම අනවශ්‍යය.

ලංවිම ටෙන්ඩර් අනුව කැලණි පාලම සමීපයට නළ එලීම අනතුරු දායකය. නිව් ෆෝට්‍ර්ස් එන්ර්ජි ගිවිසුම අනුව නළ මාර්ග ජනාකීර්ණ ප්‍රදේශවල යොදන්නේ නැත.

ලංවීම ඉංජිනේරුවන්ගේ  සැලසුමෙන්, 2030 වනවිට කාබන් අඩු දහනය සියයට 70 දක්වා වර්ධනය කිරීමේ ජනාධිපති දැක්ම උල්ලංඝනය කෙරේ. ලංවිම ඉංජිනේරුවන් උනන්දු වන්නේ ගල් අඟුරු වලින් මුදල් උපයා ගන්නාසේ  LNG සපයා ගැනීමටය.

2016 සිට 2020 දක්වා සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට ලංවිම බාධා කළේය. ඒකකයට රු. 12 වැය වෙන විදුලි උත්පාදනයටද එම බාධාව ඔවුහු කළහ. තෙල් සඳහා වැය වන විදේශ විනිමය ඒ මගින් ඉතිරි කරගත හැකිව තිබිණි.

පසුගිය වසර දෙක තුළ ඇමැතිවරුනට ලේකම්වරුනට හෝ සභාපතිවරයාට ලංවිම පාලනය කරගත නොහැකි විය.