විවාහවීමට ඇති නිදහසට සීමා පැනවීම.
විදේශීය ජාතිකයෙකු විවාහ කර ගැනීමට කැමති ශ්‍රී ලාංකිකයන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිෂ්කාශනය ලබා ගත යුතු වන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයකට අනුව දැක්වේ.
විවාහය ලියාපදිංචි කිරීමට පෙර යුවළට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ‘ආරක්ෂක නිෂ්කාශනය’ ලැබෙන තුරු බලා සිටීමට සිදුවන බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කර ඇත.
එපමණක් නොව, ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය, නිදන්ගත රෝග තිබුනේද යන්න සහ ඔවුන්ට COVID-19 වෛරසය වැළඳී තිබේද නැතහොත් එන්නත ලබා ගත්තේද යන විස්තර ඇතුලත් සෞඛ්‍ය ප්‍රකාශයක් ද ඔවුන් විසින් ඉදිරිපත් කළ යුතුව තිබේ.
ඔවුන්ට කිසියම් වෛද්‍ය තත්වයක් ඇති බව හඳුනාගනු ලැබුවහොත් ඊට අදාළ සියලුම වියදම් දැරීමට අවශ්‍ය බව ඔවුන් දන්නා බව ද දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කිරීමට අවශ්‍ය වනු ඇත.
මෙම පියවර ගනු ලැබුවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා බව රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්.එම්.එම්.බී. වීරසේකර, ‘සන්ඩේ ටයිම්ස්’ වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැනි යටි චේතනා ඇතිව ඇතැම් විදේශිකයන් ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වීමට උත්සුක වන බවත් දේශීය පුද්ගලයන් විවාහ කර ගැනීමට කැමති විදේශිකයන් එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවන බවට වග බලා ගැනීමටයිමෙයින් අරමුණු වන බවත් වීරසේකර වැඩිදුරටත් පවසයි.
ශ්‍රී ලංකා පුරවැසියෙකු විදේශික පුරවැසියකු සමඟ විවාහ වන්නේ නම්, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
එම වාර්තාව රජය විසින් ප්‍රතික්ෂේප කර නොමැත. එපමණක් නොව මහජන ආරක්ෂක ඇමතිවරයා එය සාධාරණය කරමින් අදහස්ද දක්වා තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාත්‍යන්තර ජාලය ( INSD ) මෙම අත්තනෝමතික නීතිය සහ මුලින්ම හෙළාදකිමින් නිවේදනයක් නිකුත්කර තිබේ.
මෙම අවනීතිය ලක්ෂ ගණනාවක් වන විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව කෙරෙහි ඉතාම අහිතකර බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබෙන බව එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.
මෙම චක්‍රලේඛනය යටතේ විවාහ වන විදේශික ස්ත්‍රිය හෝ පුරුෂයා ඒ සඳහා තමාගේ වෛද්‍ය වාර්තා සහ පසුගිය මාස හය තුල නීතියෙන් වරදකරුවකු වී නැති බවට පොලිස් වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතුය.
දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ට පවා විවාහ වීමට අයිතියක් තිබේ. එසේ නම් වරදකරුවකු වූ අයකු විවාහ කර ගැනීම රජයක් විසින් තහනම් කරන්නේ කෙසේද? වෛද්‍ය වාර්තා යනු අතිශය පුද්ගලික තොරතුරුය. එම වාර්තා පුද්ගලයකුගේ විවාහයට අදාළ යැයි රජයක් තීරණය කරන්නේ කෙසේද? ඇමෙරිකානු පුරවැසියකුට රටෙහි මුදල් ඇමැති හෝ අගමැති වීමට අයිතිය ඇති රටක් විදේශිකයකු විවාහ කර ගැනීමට නීති පැමිණ වීම කොතරම් හාස්‍ය ජනක අවනීතියක්ද? එමෙන්ම ලාංකිකයකු වෙනත් රටකදී විදේශිකයකු විවාහ කර ගෙන ලංකාවට පැමිණිය හොත් ඇති වන තත්වය කුමක්ද?
දේශබන්ධු කරු ජයසූරිය
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.
ලොව කිසිදු ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් පුද්ගලික පරිමණ්ඩලයට අයත් වන විවාහයට රාජ්‍ය නීති පනවන්නේ නැත. කවර හෝ පුද්ගලයකු විවාහ වන්නේ කවරකු සමඟ ද යන්න තීරණය කළ යුත්තේ රජය නොව එම පුද්ගලයා ය.
මෙම නීතියෙහි ඇති හාස්‍ය ජනක ස්වභාවය කොතෙක් ද යත් වසට 18ට වැඩි ඕනෑම ලාංකිකයකුට සිය මා පියන්ගේ කැමැත්ත පවා නැතිව විවාහයක් කර ගත හැකි නමුත් මෙම නීතිය යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය නැතිව මෙවැනි විවාහයක් කර ගැනීමට නොහැකි වීමයි.
රටේ පුරවැසියන්ට විවාහවීමට ඇති නිදහසට සීමා පැනවීම හාස්‍යජනක මෙන්ම පිළිකුල් සහගතය.
ශ්‍රී ලංකා පුරවැසියෙකු විදේශිකයෙක් විවාහ කරගන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇතැයි කියන චක්‍ර ලේඛය රටේ පුරවැසියන්ගේ නිදහස සීමා කිරීම සඳහා රජය ගෙන ඇති අමනෝඥ පියවරක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම එය රටේ ප්‍රතිරූපයට නිගා දෙන්නක් ලෙස ද සැලකිය හැකිය.
ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් කිසි විටෙක පුරවැසියාගේ අතිශය පෞද්ගලික නිදහසට නිති පනවන්නේ නැත. රාජ්‍ය පාලනය යනු විද්‍යාත්මක දර්ශනයක් මත පිහිටා සිදු කළ යුත්තක් මිසක කුටුම්භයන්හි සාමාන්‍ය පැවැත්මට නිති පන වන ක්‍රියාකාරීත්වයක් නොවේ. ශ්‍රී ලංකාව විවාහ වීමේ නිදහසට අදාළව පනවා ඇති මෙම නව සීමා කිරීම ශ්‍රී ලාංකික පුරවැසියන්ට දෙයාකාරයකින් සැලකීමට පදනම දැමීමකි. සත්‍ය වශයෙන්ම එය පුද්ගල නිදහසෙහි පිහිටා කටයුතු කරන එක් පිරිසකට අදාළව වෙනස්කොට සැලකීමට ගත් පියවරක් ලෙසද සැලකිය හැකි ය. ඒ අනුව එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට හිමිකර දී ඇති මූලික අයිතිවාසිකමක් අමු අමුවේම උල්ලංඝනය කිරීමට ගත් පියවරක් ද වනු ඇත.
එවැනි අශීලාචාර සීමාකිරීම් සිදු කරන බවට වාර්තා වන්නේ ඒකාධිපති රාජ්‍ය පාලනයන් වෙතින් පමණකි. ශිෂ්ට සම්පන්න රාජ්‍යයකින් එවැන්නක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. ඒ අනුව රජයේ මෙම සීමා කිරීම ඉතාමත් ම පිළිකුල් සහගතය. විශේෂයෙන්ම විදේශීය පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධවීම සඳහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගැනීමට තම බලය උපරිම අන්දමින් යොදා ගත් පාලනයන් ගෙන ඇති මෙම තීරණය කිසිසේත්ම සාදාචාර සම්පන්න නොවේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයේ මෙම තීරණය දැඩිව ලෙස හෙළා දකින අතර රටේ ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් පුරවැසි නිදහස ආරක්ෂා කර ගැනීමට පියවර ගනු විනා ශ්‍රී ලංකාව බාහිර සමාජයේ හාස්‍යයට ලක්වන රාජ්‍යයක් බවට පත් නොකරන ලෙසට වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
