2018 මම කඩුවෙල මහනගර සභාවට තේරී පත්වෙලා වැඩි කාලයක් යන්න කලින් මම තේරුම් ගතපු දෙයක් තමයි පිරිමි සභිකයන් පළාත් පාලන පනතවත් කියවලා නෑ කියන එක. ඒ වනවිටත්, කාන්තා සභිකයන් සැසිවාරවලදී අවශ්‍ය වූ විට පළාත් පාලන පනත උපුටා ගනිමින් තිබුණා. එයට අපි සහභාගී වූ නොයෙකුත් පුහුණු සැසිවලට ස්තුතිවන්ත විය යුතුයි. ආරම්භයේ සිටම අපි දුෂණයට එරෙහිව නැගී සිටියා. අපි මේ පනත පිලිබඳ තිබූ හුරුපුරුදුකම නිසා පිරිමි සභිකයනුත් එය කියවීමටත් වාද විවාදවලදී එය උපුටා දැක්වීමටත් පටන් ගත්තා. ප‍්‍රාදේශිය සභාවේ තීරණ ගැනීමේ කාර්යයට කාන්තා සභිකයන් සම්බන්ධ වෙලා තවම අවුරුදු තුනයි වෙන්නේ, නමුත් අපිට හොඳ ගුණාත්මක වෙනසක් හඳුනා ගැනීමට පුළුවන් අපගේ සේවාවන්හි. ඒ පිළිබඳව අප මුණ ගැසීමට එන මිනිසුන්ද කියලා තියනවා. ගොඩක් මිනිසුන් කාන්තා සභිකයන් මුණ ගැසීමට එනවා, මොකද ඔවුන් දන්නවා ඔවුන්ගේ ප‍්‍රශ්න සහ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කිරීමට අපට හොඳ හැකියාවක් ඇති නිසා.
සමහර පිරිමි සභිකයන්ට අපේ කාර්යක්ෂමතාවය සහ මිනිසුන්ගේ ප‍්‍රශ්න සහ අවශ්‍යතා වෙනුවෙන් අපි කටයුතු කිරීම තර්ජනයක් ලෙස හිතනවා. මම අපේ නගර සභාවේ ගොඩනැගිලි කමිටුවේ ඉන්නවා. මම තමයි ඒ කමිටුවේ එකම කාන්තාව. මේ කමිටුවේ පිරිමි සභිකයන් මගේ අදහස්වලට ඇහුම්කන් දෙනවා. මාව වළක්වන බවක් මට දැනෙන්නේ නැහැ. පිරිමි සභිකයන්ට දැනෙන අනාරක්ෂිත බව නිසා ඔවුන්ගෙන් අයෙක් මට හිංසාකාරී ලෙස හැසිරුණත් එවිට මම ඔවුන්ට කියනවා අපි එකමුතුව කටයුතු කළ යුතු මිසක, මගේ හැකියා සහ කුසලතාවලට අගරු නොකළ යුතු බව. මගේ නම මහජන රැුස්වීම්වලදී කියවෙනවා මොකද මම උදව් කළ මිනිසුන් ඔවුන්ගේ අවශ්‍යතා සහ ප‍්‍රශ්න විසඳාගැනීමට අවශ්‍ය වූ විට අනෙකුත් සභිකයන්ට මා පිළිබඳව කියා තිබෙනවා. මෙය සෑමවිටම හොඳ විදියට ඔවුන් භාරගන්නේ නෑ. එයට හේතුව අපේ කටයුතු නිසා දේශපාලනිකව තර්ජනයට ලක් වී ඇති බව සිතනවා.
මම ඉපදුනේ කොළඹ, කඩුවෙල. මට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී උපාධියක් තිබෙනවා. ඒ වගේම මම විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකාර සහතිකපත‍්‍ර ඩිප්ලෝමාවක් හැදෑරුවා. දැනට මම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව ඩිප්ලෝමාවක් හදාරනවා. මම විවාහකයි. මට අවුරුදු 22ක දියණියක් ඉන්නවා. මගේ පාසල් කාලයේ මම කොයෙකුත් විෂය භාහිර ක‍්‍රියාකාරකම් සිදු කරලා තියනවා.
මම කුඩා කාලයේ ඉඳලම පක්ෂ දේශපාලනය හා මැතිවරණ ව්‍යාපාරවලට නිරාවරණය වුනා මොකද මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සඳහා සම්බන්ධ වී සිටියා. ප‍්‍රදේශයේ ප‍්‍රධාන සුබසාධන සමිති සියල්ලේම පාහේ මට සාමාජිකත්වය තිබුණා. පළමු වතාවට මම 1994දී වෙළඳ කටයුතු අමාත්‍ය බවට පත් වූ කිංස්ලි වික‍්‍රමරත්න වෙනුවෙන් දොරින් දොරට මැතිවරණ ප‍්‍රචාරණය සඳහා සම්බන්ධ වුණා. එතැන් පටන් මම ශ්‍රීලනිප දේශපාලකයන්ට මැතිවරණ කාලවලදී සහයෝගය ලබා දුන්නා. මේ අත්දැකීම් හේතුවෙන් පසු කාලීනව මගේම මැතිවරණ ව්‍යාපාරය සඳහා විශ්වාසයක් හිමි වුණා. නමුත් අන් අයගේ මැතිවරණ ව්‍යාපාර සඳහා සහය දක්වමින් බිම් මට්ටමේ දේශපාලනයේ නිරත වී සිටියත්, මට දේශපාලඥයෙක් වීමට අවශ්‍යතාවයක් තිබුනේ නෑ. මම සතුටු වුණා අනිත් අයගේ මැතිවරණ ව්‍යාපාර සඳහා මගේ සහයෝගය ලබා දීමට. නමුත් එම මැතිවරණ අවසන් වූ විට මම සුපුරුදු පරිදි මගේ රැුකියාව, එනම් සතොස ලංකා හි සහකාර කළමණාකරිනිය ලෙස රැුකියාවේ නිරත වුණා.
ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්තුමා මට ආරාධනා කළා 2018 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට. මම මුලින් එය ප‍්‍රතික්ෂේප කළත්, මම දහම් පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කළ අපේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ හරහා ඔහු නැවත මගෙන් ඉල්ලිම් කළා. මට තවත් ආරාධනයක් ලැබුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන්. ඒ වගේම නායක ස්වාමීන් වහන්සේත් මාව උනන්දු කළා, මම වැනි තරුණ කාන්තා නායිකාවන් මේ රටේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය මගින් අපේ ප‍්‍රදේශයේ දුප්පත් සහ අසරණ මිනිසුන්ට පිහිට වීමට අවශ්‍ය බව කියමින්. ඒ අනුව ක‍්‍රමයෙන් මම තීරණය කළා තරඟ වැදීමට. නමුත් මගේ පක්ෂයේම අනෙකුත් කාන්තාවන් කිවුවා මට අත්දැකීම් නොමැති බව. යම් අවස්ථාවලදී මාව සමච්චලයට පවා ලක් වුණා. නමුත් මම මැතිවරණ වේදිකාවන් මත කිසිදු බයක් හෝ චකිතයකින් තොරව විශාල ජන පිරිසකට ආමන්ත‍්‍රණය කළා. අපේ රැුලි සඳහා විශාල ජන ප‍්‍රමාණයක් ගෙන්වා ගැනීමට හැකි වූ නිසා ඔවුන් පසුව මගේ හැකියාව හඳුනාගත්තා.
මම තරඟ කිරීම සඳහා නාම යෝජනා භාරගත් අවස්ථාවේ මම අවබෝධ කරගෙන සිටියේ නගර සභාව යනු සැලසුම් නිකුත් කරන, ප‍්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කරන, වීදී ලාම්පු ස්ථාපනය කරන ආයතනයක් ලෙස. නමුත් කඩුවෙල මහනගර සභාවට ඇතුල් වීමෙන් පසු මම තේරුම් ගත්තා මහනගර සභාව කියන්නේ මිනිසුන්ගේ උපතේ සිට මරණය දක්වාම නොයෙකුත් සේවාවන් ලබාගත හැකි ආයතනයක් බව. මහජනතාවට ළඟම තීරණ ගැනීමේ ආයතනය තමයි මහනගර සභාව කියන්නේ.
අපේ සභාවේ කාන්තාවන් 11 දෙනෙක් ඉන්නවා. මම අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ අපිට ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය මගින් සහ One Text Initiative වැනි සංවිධාන මගින් ලබා දුන් පුහුණු වැඩසටහන් ගැන. දැනුමක් නැතුව කාන්තා මන්ත‍්‍රීවරියන්ට තමගේ කාර්ය භාරය සිදු කරගෙන යන්න බැහැ. දැනුම හා කුසලතා සංවර්ධන වැඩසටහන් හේතුවෙන් අපිට හැකියාව ලැබෙනවා ප‍්‍රාදේශිය සභාව තුළ අපේ කටයුතු කාර්යක්ෂමව කරගෙන යාමට. මම සඳහන් කරන්න ඕනෙ දෙයක් තමයි සමහර කාන්තා සභිකයන් කැමති නැහැ තමාව සංවර්ධනය කර ගැනීමට. සමහර SLILG සහ අනෙකුත් ආයතන මගින් අපට නොමිලේ පවත්වන වැඩසටහන් සඳහාවත් සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් තේරුම් අරගෙන නෑ ඔවුන්ට කොතරම් දේවල් නගර සභාව තුළ සිදු කළ හැකිද යන්න. මට ඕන වුණා අපේ සභාවට අයත් ප‍්‍රදේශය තුළ කාන්තා දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් සංවිධානය කරලා අපේ එම කාන්තාවන්ගේ ගැටළු සහ අවශ්‍යතා හඳුනාගන්න. නමුත් සමහර කාන්තාවන් පවා එය හොඳ යෝජනාවක් ලෙස සිතුවේ නැහැ. නමුත් මම නිතරම උත්සහ කරනවා අනිත් කාන්තා සභිකයනුත් ඇතුළත් කරගන්න. එනිසා මම කිසියම් පුහුණු වැඩසටහනක් ගැන දැන ගත් විට මම ඔවුන්ටත් එ් පිළිබඳ දැනුම් දෙනවා.
දෛනිකව මගේ ප‍්‍රදේශයේ කාන්තාවන් ඔවුන්ගේ ගැටළු සමග මා මුණ ගැසීමට පැමිණෙනවා. ඔවුන්ගේ ඒ ප‍්‍රශ්න සියල්ලකටම මහනගර සභා ව්‍යුහය තුළින් පිළිතුරු සෙවීමට හැකියාවක් නැහැ. ඒ නිසා මම සහර වෙලාවට ඔවුන්ට ”කුමාරි පතිරගේ පදනම” එනම් සහකාර රාජ්‍ය කාර්යාල යටතේ පිහිටුවා ඇති මගේම සංවිධානය මගින් උදව් කරනවා. මගේ පදනම මගින් ස්වයං රැුකියා කුසලතා සංවර්ධනය, වෛද්‍ය සායන සහ අනෙකුත් කුඩා පරිමානයේ ප‍්‍රජා සේවාවන් සිදු කරනු ලබනවා. මම ඒ සඳහා මගේම මුදල් යොදවනවා, මගේ මිතුරන්ගේද සහය ඇතිව. මම ඒ ආකාරයට මිනිසුන්ගේ ප‍්‍රශ්න සඳහා ක‍්‍රියාකාරිව මැදිහත් වීමට පටන් ගැනීමෙන් පසු විපක්ෂයේ සාමාජිකයන්ද මිනිසුන්ගේ උවමනා සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.
පළාත් සභා මැතිවරණය සඳහාත් අපි කාන්තාවන් සඳහා වෙනම කෝටාවක් ඉල්ලා සිටිය යුතුයි. අපි බොහෝ දෙනා ජනාධිපතිතුමාට ලිපි යොමු කළා ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා අපට සමාන නියෝජනයක් ලබා දෙන ලෙස ඉල්ලමින්. එම ලිපියම අප පක්ෂ නායකයන් සහ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේ නිරත පිරිසටද යොමු කළා.
මට අපේක්ෂාවක් තිබෙනවා තරඟ වැදීමට, නමුත් මට සිතෙනවා අපේ පක්ෂ නායකත්වය විසින් ඔවුන්ගේ මිතුරන්ට සහ පිරිමි සභිකයන්ට වැඩි අවස්ථාවක් ලබා දෙයි කියලා. පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමේදී කාන්තා සභිකයන් මුහුණ දෙන විශාලතම ගැටළුව තමයි නාම යෝජනා ලබා ගැනිම. පක්ෂය තුළ පුරුෂාධිපත්‍යය ජයගත්තද, ඉන් ඉදිරියටත් කාන්තාවන්ට අභියෝගයක් වෙනවා ඉතා විශාල ප‍්‍රදේශයක මැතිවරණ ව්‍යාපාරය පවත්වා ගනිමින් පළාත් සභා මට්ටමින් ජයග‍්‍රහණය කිරීමට. භෞතික දේවල්වලින් මිනිසුන් මුලා කිරීමට අපට හැකි වන්නේ නැහැ. අපි සිදු කර ඇති සේවය ගැන ඔවුන්ට සන්නිවේදනය කරමින් ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කිරීමට අපට සිදු කළ හැකි දේ අප ඔවුන්ට කිව යුතුයි. මගේ ප‍්‍රදේශයේ බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලා සිටිනවා පළාත් සභා සඳහා තරඟ කරන ලෙස. එමෙන්ම සමහර අට ඞ්ගැනටම මට යෝජනා කර තිබෙනවා මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට ඇතුළු වෙන ලෙස. අපේ පන්සලේ ස්වාමින් වහන්සේද මගෙන් ඉල්ලා සිටියා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදින ලෙස. මන්ද, කාන්තාවන් හොඳ සහයෝගයකින් යුතුව කටයුතු කරන විට පිරිමින්ද තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය සම්බන්ධව ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගනු ඇති නිසා.
One Text ආයතනයේ, කාන්තා මන්ත්‍රී ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව මෙය සකස් කරන ලදී.
Details | ||
---|---|---|
![]() | Title Description | |
![]() | Title Description | |
![]() | Title Description | |
![]() | Title Description | |
![]() | Title Description | |
![]() | Title Description | |