You are currently viewing ආර්ථික වර්ධනය ඍණ 1.5 ක් දක්වා පසුබෑම.

ආර්ථික වර්ධනය ඍණ 1.5 ක් දක්වා පසුබෑම.

ආර්ථික වර්ධනය ඍණ 1.5 ක් දක්වා පසුබෑම.

මේ වර්ෂයේ (2021) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය ඍණ 1.5 ක් දක්වා පසුබෑමට ලක්ව ඇත.

ගිය වර්ෂයේ (2020) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 1.3 ක් විය.

එසේම ආර්ථිකයේ ප‍්‍රධාන අංශයන් වන කෘෂිකර්මාන්ත සහ සේවා අංශයන් ද තුන්වන කාර්තුවේදී ඍණ වර්ධනයන් වාර්තා කර ඇත.මේ අනුව කර්මාන්ත අංශය සියයට 2.1 කින් ද සේවා අංශය සියයට 1.6 කින්ද ඍණ වර්ධනයන් වාර්තා කර ඇත. ගිය වසරේ තුන්වන කාර්තුවේදී කෘෂිකර්මාන්ත සහ සේවා අංශයන් ධන වර්ධනයක් වාර්තා කළේය.

මේ අතර ගිය වසරේ (2020) තුන්වැනි කාර්තුවේදී සියයට 3.1 ක් වූ කෘෂිකාර්මික අංශයේ වර්ධනය මේ වසරේ (2021) තුන්වැනි කාර්තුවේදී සියයට 1.7 දක්වා අඩු වී ඇත.

මේ අනුව මේ වර්ෂයේ (2021) තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,497,489 දක්වා අඩු වී ඇත. ගිය වර්ෂයේ (2020) දළ දේශීය නිෂ්පාදිතය රු. මිලියන 2,536,490ක් ලෙස වාර්තා විය.

Leave a Reply