You are currently viewing වසරක් ඇදෙන පළාත් පාලන මැතිවරණය.

වසරක් ඇදෙන පළාත් පාලන මැතිවරණය.

වසරක් ඇදෙන පළාත් පාලන මැතිවරණය. 

පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇතැයිද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

කැබිනට් පත්‍රිකාව ගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත්,එය ඉකුත් සඳුදා(13) පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නැති බව ද සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂත් , මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් හමුවි සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනෙනු ඇතැයි දැනගන්නට තිබේ.

2018 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා වලට තේරීපත්වූ සභිකයන්ගේ ධුර කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතය.

එම පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන අති බහුතරයක බලය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ය.

පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් කල් දැමීමට පළාත් පාලන පනත අනුව, විෂය භාර ඇමැතිවරයාට බලය හිමිවේ.

ඒ අනුව, රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් පළාත් පාලන ආයතන වල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමේ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.

ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවයි.

ඡන්දයකට යන්න බලාගෙන මෙහෙම වැඩ කරවීද ?

ආණ්ඩුව මෙසේ මැතිවරණය කල්දැමීමට දරන සුදානම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල සංවාදයක් මතුව ඇත. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරවීමේ සුදානමක සිටින්නේ දැයි ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැක මතුකර තිබේ.

ප්‍රකට සාහිත්‍යවේදියකු හා දේශපාලන ක්‍රියාකාරිකයකු වන ගාමිණී වියන්ගොඩද පසුගිය ඉරිදා අනිද්දා පුවත්පතේ පළකර ඇති ලිපියකින් ජනාධිපතිවරයාගේ භාවිතාව සම්බන්ධයෙන් සැක මතුකර තිබිණ.

”තව අවුරුදු දෙකකින් හෝ තුනකින් නැවත වතාවක් ජනතාව අතරට යාමට සහ ඔවුන්ගේ ඡන්දය ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන නායකයෙකු, කිසි දවසක මේ තරමට ජනතාවගේ අප්‍රසාදය සහ යුක්තිසහගත කෝපය ඉදිරියේ නිර්වින්දය වී අහක බලාගෙන නොසිටිනු ඇත. එකක් පිට එකක් වශයෙන් මෙතරම් අර්බුද නිර්මාණය කර නොගනු ඇත.”යයි වියන්ගොඩ පවසා තිබේ.

එහිදී ඔහු මෙසේද පවසයි.”එයින් මා කියන්නට අදහස් කරන්නේ මෙයයි: එක්කෝ, නැවත වතාවක් බලයට පැමිණීමේ අදහස මේ වන විටමත් ඔහු අතහැර දමා තිබිය යුතුය. නැත්නම්, ජනතාව ඉදිරියට නොයන හෝ ගියත් එය මූනිච්චාවට පමණක් කිරීම ඔස්සේ බලය රැකගැනීමේ වෙනත් මාවතක් ගැන හිතාගෙන සිටිනවා විය 

Leave a Reply