ජාත්‍යන්තර මානව හිමිකම් දිනය (දෙසැම්බර් 10) අදට යෙදී තිබෙනවා.
ලෝකයේ සියලු ජනතාවට උපතින්ම මූලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය හා සමානාත්මතාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබේ.
1950 වර්ෂයේ දෙසැම්බර් මස 04 වන දින එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් දිනය විධිමත් ලෙස ස්ථාපිත විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා මාලාවේ 423(V) යෝජනාව ප්‍රකාරව සියලු සාමාජික රටවල් හා සංවිධාන ජාත්‍යන්තර දිනයක් ලෙස එය අනුමත කළේය.
ඒ අනුව සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරේ. සියලු ජනතාවට උපතින්ම මුලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය සහ සමානාත්මතාව තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. එසේම, ලොවපුරා මානව හිමිකම් ගැටලු පිළිබඳව දැනුවත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස වර්ෂ 1955 දී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගත්තේය.
රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මඟින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් ලෙස අර්ථකතනය කළ හැකි ය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථකතනය අනුව පුද්ගලයෙකුගේ ආගම, ජාතිය, පදිංචිය, සමේ වර්ණය, වත්කම් යනාදී කිසිවක් ඒ සඳහා බලනොපායි.
එසේම, මානව හිමිකම් තිරසාර සංවර්ධන අරමුණු වල මුලික හදවතයි. මානව ගරුත්වයකින් තොර රටකට තිරසාර සංවර්ධනයක් කරා ගමන් කළ නොහැකිය. එසේම, විශ්වීය අගයන් මත පදනම්වන මානව හිමිකම් තුළින් සමානාත්මතාව, ගෞරවය, ස්ථාවරත්වය, සහභාගීත්වය, වගවීම, ප්‍රතිපෝෂණය සහ නීතියේ ආධිපත්‍යය වැනි වැදගත් සංකල්පයන්හි වටිනාකම පුරවැසියන්ගේ අවධානයට ලක් කරනු ලබයි.
මානව හිමිකම් රැකගැනීම ඔස්සේ පුද්ගල දියුණුව සේම ලෝකයක් ලෙස එක්සත්ව ඉදිරියට යාමට හැකිය.එසේම, මානව අයිතිවාසිකම් දිනය හුදු දාර්ශනික කථාබහට පමණක් සීමා නොවුණු ප්‍රායෝගික භාවිතයේ වැදගත්කම හඳුනාගත් එකක් විය යුතුය.
