වයස අවුරුදු අටේ ඉඳලා මම මගේ පියාගෙ ව්‍යාපාර සහ සුභසාධන කටයුතුවලට සහයෝගය දුන්නා. මගේ ගම මොරටුව. මම පුරුදු වෙලා හිටියා පාසලේ මගේ පන්තියේ දුප්පත් යාලූවන් එක්ක බෙදාගන්න වැඩියෙන් කෑම රැුගෙන යන්න. මගේ පියාට හදිසියේ ඇති වූ අසනීප තත්වය නිසා මගේ අධ්‍යාපන ගමන අතරමග නතර කිරීමට සිදු වුණා. මන්ද මගේ පියාගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට සිදු වුණේ මට. මම විවාහකයි. මට ඉන්නවා අවුරුදු 17ක දියණියක්.
වසර දහයකට පෙර මම මොරටුමුල්ල දිරිය කාන්තා සංවිධානය පිහිටෙව්වා. ඒ, මගේ පියාගේ අභාවයෙන් පසු ගමේ දුප්පත් සහ අසරණ කාන්තාවන්ට සහය වෙන්න. මට ඕන වුණා තාත්තාගේ අඩි පාරෙම යන්න. මෙම සංගමය හරහා කාන්තාවන්ට සහය වන අතරම, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා කාන්තා කාර්යංශයේ මොරටුමුල්ල දිරිය කාන්තා සංවිධාන යෙහි සභාපතිනිය ලෙස පත් කෙරුණා. එම කාන්තා සමිතියේ සාමාජිකාවන් සියයක් පමණ සමාජිකත්වය හිමි කරගෙන හිටියා. අපි සංවිධානය කළා නීති උපදේශන වැඩසටහන්, වෛද්‍ය සායන, කුසලතා සංවර්ධන වැඩසටහන් සහ කාන්තාවන් ඉලක්ක කොටගත් තවත් බොහෝ කටයුතු. ඒ අතරම මම රූපලාවන්‍ය සහතික පත‍්‍ර පාඨමාලාවක් පවත්වා, නොමිලේම අනිකුත් කාන්තාවන්ට එම පුහුණුව ලබා දුන්නා. මේ වන විට ඉන් 500 දෙනෙක් පමණ තමන්ගේම රූපලාවන්‍යාගාර සහ මැහුම් ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.
එක් දිනක් මම ඉතා දක්ෂ නීතීඥවරියක් හා දේශපාලන ක‍්‍රියාකාරිනියක් වූ ජීවනී කාරියවසම් මහත්මියගේ දේශනයකට සහභාගී වුණා. ඇයට සවන් දීමෙන් පසු මම ආස වුණා ක‍්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වීමට. 2016දී, මොරටුව ආසන සංවිධායක වූ එරාන් වික‍්‍රමරත්න මැතිතුමාට සහයෝගය ලබා දීම ආරම්භ කළා. වික‍්‍රමරත්න මැතිතුමා මගේ පියා මෙන්ම මට මග පෙන්වා, බිම් මට්ටමේ දේශපාලන සංවිධානය සහ බලමුළු ගැන්වීම සඳහා මා දිරි ගැන්වුවා. එකල, මම උසස් පෙළ විභාගය නිම කොට ආර්ථික විද්‍යාව සහ සංවර්ධන උපාය මාර්ග සහ ප‍්‍රතිපත්ති විශ්ලේෂණය සම්බන්ධ ඩිප්ලෝමාවක්ද අවසන් කොට තිබුණා. එමෙන්ම මේ වන විට මම ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන දේශපාලන විද්‍යාව සහතික පත‍්‍ර පාඨමාලාවද හදාරනු ලබනවා.
2018 වර්ෂයේ ප‍්‍රාදේශිය සභා මැතිවරණය සඳහා තරඟ කිරීමට මට එ.ජා.පයෙන් නාම යෝජනා හිමි වුණා. මගේම පක්ෂයේ සාමාජිකයෙක්ගෙන් මට බොහොමයක් වාචික හිංසනයන් සහ චරිත ඝාතනයන්ට මුහුණ දීමට සිදු වුණා. එම පුද්ගලයා අපේ කාන්තා සංගම් රැුස්වීම් සඳහාද බාධා කළා. නමුත් පසු කාලීනව ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධ වූ නිසා, කාන්තාවන්ට උදව් කිරීමටත්, මගේ දේශපාලන කටයුතු සඳහාත් අවශ්‍ය නිදහස මට හිමි වුණා. එක් වතාවක්, ඔහුගේ හිංසනය ඉතා උච්ඡු වූ අවස්ථාවක, මම ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමාට පැමිණිල්ලක් කළා.
මා මැතිවරණයට තරග කිරීමට පෙර, මට පළාත් පාලන පනත සහ මහනගර සභාවේ කටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. යුද්ධයෙන් විපතට පත් වූ කාන්තාවන්ගේ සංවිධානය (AWAW) මගින් සිදු කළ පුහුණු වැඩසටහන් සඳහා මම සහභාගී වුණා. එමෙන්ම, SLILG (ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය) මගින් පවත්වනු ලබන නායකත්වය සඳහා වන සහතික පත‍්‍ර පාඨමාලාවට සහභාගී වුණා. මෙම විවිධ පුහුණුවීම් මගින්, මහනගර සභාව තුළ මම ඉටු කළ යුතු කාර්යයන් පිළිබඳ මට මනා දැනුමක් හිමි වුණා. එමෙන්ම නැගී එන දේශපාලඥයෙක් ලෙස මට 200%ක් සහය වුණේ එවැනි පුහුණු වැඩසටහන්.
අධෛර්යමත් කිරීමට උත්සහ කළා. මම බය වුණේ නැහැ අපේ මහනගර සභාවේ සිදු වූ වංචා දූෂණ පිළිබඳව පෙන්වා දීමට. එක් අවස්ථාවකදී, මහජන මුදල් අවභාවිතා කරමින් සිදු වූ වංචා දූෂණයක් සම්බන්ධයෙන් මම දිගින් දිගටම පීඩනය එල්ල කළා.
මට හැකියාව ලැබුණා මාර්ග, කානු පද්ධති සංවර්ධනය සහ තරුණයන් සඳහා ක‍්‍රීඩාංගන පහසුකම්, ළමා උද්‍යාන පහසුකම් ආදිය සහ ආගමික සිද්ධස්ථාන සඳහා එරාන් වික‍්‍රමරත්න මැතිතුමා විසින් වෙන් කළ ප‍්‍රතිපාදන යෙදවීමට. කොවිඞ්-19 මුල් මාස කිහිපය තුළ මම අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහන බෙදා දීමට කටයුතු කළා. මට බයක් තිබෙනවා මට ලැබෙන අඩු මූල්‍යමය ප‍්‍රතිපාදන හේතුවෙන් මගේ ජනතාව වෙත සමාජ-ආර්ථික සුබසාධනය කිරීමට එතරම් දායක වීමට නොහැකි වීම සම්බන්ධයෙන්. නමුත් මම උත්සහ කරනවා ළමා අධ්‍යාපනය සහ කාන්තාවන් වෙනුවෙන්, පෞද්ගලික අරමුදල් සොයා ගැනීමට.
මහනගර සභා මට්ටමෙන් අපි තව වැඩියෙන් සමාජ සුබසාධනයට සහ මානව සංවර්ධනයට උදව් කළ යුතුයි. කාන්තා හා ළමා කමිටුවක් පිහිටුවීමට මම ඉදිරිපත් කළ යෝජනාවර ලැබුණු පිළිතුරෙන්ම හොඳින් වැටහී ගියා මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ඇති අඩු සැලකිල්ල. මම යෝජනාව ගෙන ආ පළමු අවස්ථාවේ, සභාපතිතුමා එම ලියකියවිලි කුණු කූඩයට දැම්මා. නමුත් මම උත්සහය අත් හැරියේ නැහැ. මම CEDAW (කාන්තාවන්ට එරෙහි සියළු ආකාරයේ හිංසනයන් පිටු දැකීමේ ප‍්‍රඥප්තිය) උපුටා දක්වමින් දෙවනි වතාවටත් මම එම යෝජනාව ඉදිරිපත් කළත්, එම අවස්ථාවේත් එය පිළිගත්තේ නැහැ. මම නැවතත් එය ඉදිරිපත් කළා ක‍්‍රීඩා කමිටු රැුස්වීමේදී. සභිකයෙක්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට තිබූ අඩු දැනුම නිසා ඔවුන් හිතුවේ භෞතික යටිතල පහසුකම්, එනම් ද්‍රව්‍යමය සංවර්ධනය පිළිබඳ පමණක් මිසක මානව සංවර්ධනය පිළිබඳ නොවේ.
මෙම රජය බලයට පැමිණීමෙන් පසු අපිට බැරි වුණා ගර්භනී කාන්තාවන් සඳහා ලබා දෙන පෝෂණ මල්ල ලබා දීමට. මට හිතෙනවා කාන්තාවන්ගේ ගැටළු සම්බන්ධයෙන් මෙම රජය දක්වන උනන්දුව ඉතා අඩුයි කියලා. ඔවුන් දැනටමත් අවධානය යොමු කර තිබෙන්නේ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි. මානව සංවර්ධනය කෙරෙහි හෝ මිනිසුන්ගේ සුබසාධනය උදෙසා කිසිදු ප‍්‍රතිපාදනයක් අපට ලැබුණේ නැහැ. ඒ වගේම කුමන ආකාරයේ ප‍්‍රතිපාදනයක් වුණත් මුලින්ම බෙදී යන්නේ පක්ෂ හරහා. එනිසා ආණ්ඩු පක්ෂයේ සභිකයන්ට තමයි ඉන් වැඩි ප‍්‍රමාණයක් වෙන් වෙන්නේ.
අවශ්‍යයි. අපි අපේ අදහස් ප‍්‍රකාශ කරන විට, ඔවුන් එය අභියෝගයක් ලෙස සලකනු ලබනවා. මෙය අනිවාර්යයෙන්ම කතා කළ යුතු ලොකු ප‍්‍රශ්නයක්. මෙනිසා මම යෝජනා කරනවා පිරිමි සභිකයන්ටද පුහුණු වැඩසටහන් පැවැත්විය යුතුයි කියලා.
කෝටා ක‍්‍රමය නිසා අපට අවස්ථාව හිමි වෙලා තිබෙනවා කාන්තාවන්ගේ යථාර්ථය, ඔවුන් සැබැවින්ම මුහුණ දෙන ගැටළු සහ අවශ්‍යතා සම්බන්ධයෙන් හොඳ දැනුවත්භාවයකින් කටයුතු කිරීමට. පිරිමින් කරන්නේ ඉහළ පුටුවල ඉඳගෙන මූලික තීරණ ගැනීම පමණයි. නමුත් කාන්තා සභිකයන්ට හැකියාව තිබෙනවා බිම් මට්ටමෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීමට. මහනගර සභාව තමයි මිනිසුන්ට ඇති සමීපතම ආයතනය. මෙනිසා අපට හැකියාව තිබිය යුතුයි ඔවුන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබා දීමට. අවාසනාවකට, අපට දැනට කාන්තා කටයුතු සඳහා වෙනම අමාත්‍යංශයක් නැහැ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය වෙනත් අමාත්‍යංශයක් යටතේ පුරුෂයෙන් විසින් පාලනය කෙරෙන්නේ. එවැනි තත්වයක තමයි අපට උඩුගම් බලා පිහිනන්න සිදු වී තිබෙන්නේ. එහිදී මට හරි අසරණකමක් දැනෙනවා.
දේශපාලනයේ නිරත කාන්තාවන්ට ඉලක්කයක් තිබිය යුතුයි. අපි ශක්තිමත් වෙලා දැනුමෙන් සන්නද්ධ වීම අවශ්‍යයයි. අපට එරෙහිව නින්දා කරන, අපහාස කරන සහ කාන්තා දේශපාලඥයන් දුර්වල, අකාර්යක්ෂම ලෙස දකින අය වෙනුවෙන් අපට ඇති එකම අවිය අපේ දැනුම. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමට. ඒ වගේම දිනක පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමටත් මම කැමතියි. සමාජ සේවයේ වසර විස්සක පළපුරුද්ද මට තිබෙනවා. මට ලොකු විශ්වාසයක් තිබෙනවා සමගි ජන බලවේගයේ නායකත්වය කෙරෙහි. එය ඉතාම ප‍්‍රගතිශීලී. අපි අපේක්ෂා කරනවා ඉදිරියේදී කාන්තාවන්ට ප‍්‍රමාණවත් නියෝජනයක් හිමි වෙයි කියලා. පොදුවේ කාන්තා දේශපාලනයේ අභිවෘද්ධිය උදෙසා අපේ බලාපොරොත්තුව 50% නියෝජනය දිනා ගැනීම සහ එ් තුළින් කාන්තාවට දේශපාලනය තුළ නිසි තැන දිනා ගැනීමයි.
One Text ආයතනයේ, කාන්තා මන්ත්‍රී ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව මෙය සකස් කරන ලදී.




