මගේ උසස් පෙළ විභාගය 1998දි අවසන් කළාට පසු මම ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනා. මට ඒ වෙනකොට වයස අවුරුදු 18යි. අවුරුදු 15ක් සේවය කරලා මම 2013 තමයි විශ‍්‍රාම ගියේ. මම ඉපදුනේ මේ රටේ ඉතා දරුණු තිස් වසරක යුද්ධයක් පැවතුණු කාලයේ. මගේ ළමා කාලය සහ තරුණ කාලය හැඩ ගැහුණේ යුධ අත්දැකීම් එක්ක. මම ඉපදුනේ සහ හැදුනෙ වැඩුනේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ කන්තලේ ප‍්‍රදේශයේ. ඒ කාලයේ යුද්ධය නිසා මගේ අධ්‍යාපනයට ගොඩක් බාධා වුණා. සමහර දවස්ව්ල අපිට නිදාගන්න සිද්ධ වුණේ කැලේ. ගොඩක් වෙලාවට කුප්පි ලාම්පු එළියෙන් තමයි අපිට පාඩම් කරන්න සිද්ධ වුණේ. මගේ පවුල ඉතාම දුප්පත් ඒ වගේම යුධමය ප‍්‍රදේශයක සටි නිසා ගොඩක් අසරණ වෙලා හිටියේ. යුද්ධයේ අවසන් කාලයේ මම හමුදාවට සේවය කරමින් සිටියදී, සමහර ද්‍රවිඩ කාන්තාවන් අපේ අත් මත දරු ප‍්‍රසූතිය සිදු කළා. මේ යුද්ධය නිසා ජාතීන් තුනම ගොඩක් විඳෙව්වා. මේ දශක තුනක කාලය තුළ මගේ අත්දැකිම් ගැන මට නොනවත්වා වුණත් කතා කරන්න පුළුවන්.
හමුදාවෙන් ඉවත් වුණාට පස්සෙ මම ගමේ දහම් පාසලක උගන්වන්න පටන් ගත්තා. ඒ වගේම මම සමාජ සුබසාධන කටයුතු සඳහා සම්බන්ධ වුණා. මේ වගේ විවිධ කටයුතු එක්ක මට පුළුවන් වුණා මේ ප‍්‍රදේශයේ මිනිසුන් හොඳින් අඳුනගන්න. ඔවුන් ඉතාම දුප්පත් වගේ ගොඩක් දුක් විඳින මිනිසුන්. සමහර පවුල් දවසට එක් කෑම වේලයි ගන්නේ. තව සමහර පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීමට අපහසු අය සිටිනවා.
මට අවශ්‍ය වුනා 2018 ප‍්‍රාදේශිය සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වෙන්න. අපේ ප‍්‍රාදේශිය සභාව ඉතා කුඩා ප‍්‍රදේශයක් වීම නිසා, මට තරඟ කරන්න අවස්ථාව ලැබුණේ නෑ. නමුත් මගේ නම ලැයිස්තුවේ තිබුණා. අපි එකඟ වුණා හැම තරඟකරුවෙක්ගේම මැතිවරණ ව්‍යාපාරයට සහය දීමට. මගේ සැමියා මා සම ඟ රැුස්වීම් සඳහා ආව. මම ප‍්‍රාදේශිය සභා මැතිවරණයට තරඟ කරන්න ගත් තීරණයට ඔහුගෙන් හොඳ සහයක් ලැබුණා. මම මැතිවරණ රැුස්වීම්වලදී මිනිස්සුන්ට කතා කළා, ඒ වගේම පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මගේ කථික හැකියාවන් දැක්කා.
නමුත් මැතිවරණයෙන් පසුව, පිරිමි සභිකයන් ලොකු අකමැත්තක් දැක්වුවා අපිට සමානව සලකන්න. කාන්තා මන්ත‍්‍රීවරියක් සභාව අමතන විට ඔවුන් අපිට වාඩිකරවන්න උත්සහ කරනවා. ඔවුන් මාව නිහඬ කරන්නට උත්සහ කරන විට, මම පළාත් පාලන පනතෙන් සහ ලංකාවේ ව්‍යවස්ථාවෙන් කරුණු ගෙන.
මට පුළුවන්කම ලැබුණා දේශිය රාජ්‍ය නොවන ආයතනයක් මගින් කාන්තා නායිකාවන්ට මඩකලපුවේ සංවිධානය කළ වසරක පුහුණුවක් ලබන්න. මම ප‍්‍රාදේශිය සභාවට පැමිණෙන විටත්, මට දැනුමක් තිබුණා පළාත් පාලන පනත, සභිකයෙක්ගේ කාර්යයන් සහ වගකීම්, අතුරු ව්‍යවස්ථා සහ කමිටු වැනි දේවල් පිළිබඳව. ඒ වගේම ඔවුන් අපිව පුහුණු කළා සමාජ මාධ්‍ය භාවිතයෙන් මැතිවරණ ව්‍යාපාරය සිදු කිරීම, කාන්තා අයිතීන් පිළිබඳ උපදේශනය සහ කාන්තාවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්. මෙම දැනුම සහ කුසලතා වර්ධනය මට අතිශයින්ම වැදගත් වුණා. හැම අපේක්ෂකයෙකුටම මැතිවරණයට පෙර පුහුණුවක් ලබා දීම සිදු විය යුතුයි. එවිට ඔවුන්ට හැකියාව ලැබෙනවා පළමු දින සිටම ඔවුන්ගේ කාර්යයන් නිවැරදිව හොඳින් සිදු කිරීමට. මම සභිකයෙක් වුණාට පසු, SLILG (ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය) මගින් සිදු කළ නවක මන්ත‍්‍රීවරියන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහාද සහභාගී වුණා.
එම පුහුණුවෙන් සහ ඒවැනි අනිකුත් පුහුණු වැඩසටහන් මගින් මම ලබා ගත් දැනුම නිසා මට හැකියාව ලැබුණා මගේ ප‍්‍රදේශයේ ජනතාවගේ ගැටළු ප‍්‍රාදේශිය සභාවේ සැසිවාරයන්හිදී ඉදිරිපත් කරන්න. ඒ වගේම මගේ ආත්ම විශ්වාසය සහ උනන්දුව නිසා ගොඩක් අවස්ථා ලැබුණා. මම බය වුණේ නැහැ අලූත් යෝජනා පිළිබඳව ප‍්‍රශ්න අහන්න. මට දැනුනොත් කවුරු හරි සභිකයෙක් මූල්‍යමය වංචාවක් හරි නීති අවභාවිතා කර ඇති අවස්ථාවක්, මම පැකිලීමකින් තොරව ඒ ගැන ප‍්‍රශ්න අහනවා.
මට හැකියාව ලැබුණා කන්තලේ ප‍්‍රදේශයේ ධීවර පවුල්වලට ආම්පන්න ලබා දීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කරවා ගැනීඅට. අපේ ප‍්‍රාදේශිය සභාවේ තියන ප‍්‍රධානම ගැටළුවක් තමයි කුසගින්න. මම ආණ්ඩුකාරතුමාගෙන් සහය ඉල්ලලා තියෙන්නෙ, කන්තලේ වැව රවුම ආසන්නයේ කාන්තාවන්ට ස්වයං රැුකියාවක් වශයෙන් ජංගම වෙළඳ සැල් ලබා දීමට. මම කාන්තාවන් සහ අනිකුත් ප‍්‍රජාව මුණ ගැසෙනවා ඔවුන්ගේ නිවෙස්වලදී. මම ඔවුන්ට මට හැකි පමණින් උදව් කරනවා. කන්තලේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තමයි ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ වැඩිම ජනගහනයක් සිටින කොට්ඨාශය. කොවිඞ් වසංගතය හේතුවෙන් රට වසා දැමුණු අවස්ථාවේ මම දුප්පත් කාන්තාවන්ට වියලි සලාක බෙදා දීමට කටයුතු කළා.
අපේ ප‍්‍රාදේශිය සභාවේ කාන්තා සභිකයන් පහක් ඉන්නවා. පිරිමි සභිකයන් අනෙකුත් කාන්තා සභිකයන් වලක්වන්න උත්සහ කරන අවස්ථාවන්වලදී මම ඔවුන් වෙනුවෙන් කතා කරනවා. ඒ වගේම මම සහභාගී වුණු පුහුණු වැඩසටහන් පිළිබඳවත් ඔවුන් සමග බෙදා හදාගන්නවා.
මම මුදල් කමිටුවේ ඉන්න නිසා, මෙම කමිටුව තුල කිසියම්ජන කොට්ඨාශයකට අසාධාරණයක් වෙනවා නම් මම ඒ දේවල් ඉවසන්නේ නැහැ. මාස ගණනාවක්, මෙම කමිටුව තුළ කාන්තා සභිකයෙක්ට අවස්ථාව ලබා දුන්නේ නැහැ. කාන්තා හා ළමා කමිටුවක් වෙනම පිහිටුවන්න අවශ්‍ය බවටත් මම යෝජනා කළා. එය එක් වතාවක් ප‍්‍රතික්ෂේප වුනත්, මම නැවත යො ්ජනාවක් ඉදිරිපත් කර, එයට සභාපතිතුමාගේ අනුමැතිය ලබා ගත්තා. කාන්තාවන්ට පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුළ කෝටාවක් ලබා දිය යුතුයි. පළාත් සභා ක‍්‍රමය තුළ ආණ්ඩුකාරවරයන් 13 ඉන්නවා. මම කියන්නේ ඒ අතරින් තුනක්වත් කාන්තාවන්ට ලබා දීම අත්‍යවශ්‍යයි කියලා.
මේ රට තුළ තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේදී කාන්තාවන්ගේ මැදිහත්වීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතුයි. රටේ ජනගහනයෙන් අඩකට වඩා කාන්තාවන්. ඒ වගේම විදේශ විනිමය උපයන කර්මාන්ත අතර ප‍්‍රධාන තැනක් ගන්නේද කාන්තාවන්. එමෙන්ම වෙනත් අංශම ගිනුත් කාන්තාවගේ විශාල දායකත්වයක් ලැබෙනවා මෙරට ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා. නමුත් කිසිවෙක් මෙම දායකත්වය නිසි ලෙස හඳුනා ගෙන නැහැ. දැන් තමයි හොඳම වෙලාව, පිරිමි නායකයන් විසින් කාන්තාවන්ගේ දායකත්වයේ වැදගත්කම අවබෝධ කරගැනීමට. මේ සඳහා සියලූම පක්ෂවල නායකයන් ක‍්‍රියාත්මක වී රජයේ තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය සඳහා කාන්තාව වැඩි වශයෙන් දායක කරගැනීමට කටයුතු කළ යුතුයි. ප‍්‍රාදේශිය හා ජාතික මට්ටමේ පත් කිරීම් සිදු කිරීමේදීද කාන්තා හා පුරුෂ ප‍්‍රතිශතයට අනුව එය ක‍්‍රමාංකනය කළ යුතුයි. මෙමගින් තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තුළ කාන්තාව මුහුණ දෙන වෙනස්කම් සඳහා විසඳුමකට එළඹිය හැක.
මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ පසුපස ඉඳිමින් අපේ මෙම සාමූහික උත්සහය සඳහා අපට සහයෝගය ලබා දෙමින් පළාත් පාලන මට්ටමේ සහ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට කටයුතු කිරීම සම්බන්ධව.
මම බලාපොරොත්තු වෙනවා පළාත් සභා සඳහා තරඟ කිරීමට. නමුත් මට ඒ සම්බන්ධයෙන් විශ්වාස නෑ, මොකද එම තීරණය පක්ෂ නායකත්වය මත රඳා පවතින්නක් නම්. මට ලොකු මැතිවරණ ව්‍යාපාරයක් කරන්නට තරම් මූල්‍යමය හැකියාවක් නෑ. මගේ ඉදිරි ගමනට සිදු විය හැකි බාධාවන් දෙකක් තියනවා. නමුත් මම කන්තලේ ජනතාව වෙනුවෙන් සිදු කළ සේවය සලකා අවස්ථාව ලබා දෙන්නේ නම් මට අවස්ථාව ලැබෙනු ඇති බවට මට විශ්වාසයක් තියනවා. මට සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියල්ලෙන්ම ජනතාව සිටිනවා, කන්තලේ ප‍්‍රදේශයේ සහ ඒ අවටග.
One Text ආයතනයේ, කාන්තා මන්ත්‍රී ධාරිතා සංවර්ධන ව්‍යාපෘතියේ කොටසක් ලෙස ලේඛනය ප්‍රකාශයට පත් කිරීමට මන්ත්‍රීවරයාගේ අවසරය ඇතිව මෙය සකස් කරන ලදී.




