You are currently viewing මුදල් පනතට එරෙහි පෙත්සම් හතක් කතානායකට.

මුදල් පනතට එරෙහි පෙත්සම් හතක් කතානායකට.

ආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්වී ඇති පෙත්සම් හතක පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට බාරදෙනු ලැබ ඇත.

කතානායකවරයා මෙම පෙත්සම්වල පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ඉදිරිපත් වී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1)ව්‍යවස්ථාව ප්‍රකාරව යැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

කතානායකවරයා මේ බව දැනුම් දුන්නේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදන ඉදිරිපත් කරමිනි.

ආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනෙක විවාදයට ගැනීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් චෝදනා කරන විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ පවසන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදිකරුවන් වන පුද්ගලයන්ට මෙමගින් කිසියම් නීතිමය රැකවරණයක් සැලසෙන බවයි.

Leave a Reply