You are currently viewing මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති 07 ක් සංශෝධනයට ලක්කිරීමේ තීරණය.

මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති 07 ක් සංශෝධනයට ලක්කිරීමේ තීරණය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන කීපයක් එක් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම දැනුම්දීම සිදුකළේය.

එම පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති 07 ක් සංශෝධනයට ලක්කිරීමට තීරණය කර ඇතැයි දන්වා සිටියේය.

ඒ පිළිබඳව ජේෂ්ඨ රජයේ නීතිඥවරයා විසින් සවිස්තරව අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජනතා විමුක්ති පෙරමුණ, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.