බලපත්‍ර නොමැතිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩු ඉවත්කර ගැනීමට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත්කර ඇති කැබිනට් සංදේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශකරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීමට දින නියමකර තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර ඇති අතර එම පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 6 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබීය.
මෙම පෙත්සම ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී රජයේ නීතිඥ වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම කරුණට අදාළව තවත් කැබිනට් සංදේශයක් මාර්තු මස 15 වනදා ඉදිරිපත් වී තිබෙන බවය.
පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය පැවසුවේ බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 38 දෙනෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට දිවයින පුරා අධිකරණවල නඩු 49ක් විභාග වෙමින් පවතින බවය.
එම නඩු සියල්ල ඉවත්කර අදාළ අලි ඇතුන් ඒවායේ අයිතිකරුවන් වෙත යළි ලබාදීමේ අරමුණින් අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉකුත් මාර්තු මස 12 වනදා ඉදිරිපත්කර ඇතැයි කී පෙත්සම්කාර පාර්ශ්වය එම කැබිනට් සංදේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පවසයි.
ඒ අනුව අදාළ කැබිනට් සංදේශය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසද පෙත්සම්කර සංවිධානය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
