බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකළ චෝදනා වලට රජයේ පාර්ශවයේ දැඩි විවේචනයට ලක්විය.
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා යැයි කියා අලුතින් කිසිවක් සිදු නොවන බවත් වත්මන් අමාත්‍ය මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමාත්‍ය මණ්ඩලයක් නොව බැසිල් රාජපක්ෂ විසින් පත් කරන ලද්දක් බවත් එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ රජය අපහසුතාවයට පත් කිරීමට දරන උත්සහයන් සම්බන්ධයෙන් මැතිවරණයකදී ජනතාව විසින් පිළිතුරු දෙනු ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් හට රාජ්‍ය අමාත්‍යධූර පමණක් නොව කැබිනට් අමාත්‍යධූරද ලබා දී ඇති බවත් එම අමාත්‍යධූර බෙදාගැනීම පක්ෂයේ අභ්‍යන්තර කටයුත්තක් බැවින් ඊට බැසිල් රාජපක්ෂ මහතා හෝ ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ඈඳා ගැනීම අර්ථ විරහිත බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
බැසිල් රාජපක්ෂ මහතාව විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් ගණනාවක්ම ඊයේ (04) දින විවේචනය කරනු ලැබීය.
මීට පෙර අවස්ථාවකදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර තිබුණේ වත්මන් ඇමති මණ්ඩලය විහිළු සහගත නම් යොදමින් සකස් කර අපහසුතාවට පත් කළේ බැසිල් රාජපක්ෂ මහතා සහ පී.බී. ජයසුන්දර මහතා එකතු වී බවත් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා යැයි කියා අලුතින් කිසිවක් සිදු නොවන බවත්ය.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මෙම ප්‍රකාශයට එරෙහි ප්‍රකාශ සිදු කරනු ලැබීය.
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පොහොට්ටු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ දයාසිරි ජයසේකර යනු අවස්ථා ගණනාවකදී පක්ෂ මාරු කළ පුද්ගලයෙකු බවත් ඔහු තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා අනුන්ට චෝදනා කරමින් සිටින බවත්ය.
