You are currently viewing ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීමේ අවස්ථාව මෙරට මූල්‍ය නොවන සමාගම්වලටත්
Crisis Concept. Money Flow in Black Hole extreme closeup

ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීමේ අවස්ථාව මෙරට මූල්‍ය නොවන සමාගම්වලටත්

බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයත් සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් කිහිපයක් විසින් ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ණය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

මෙරටට ලබාගත හැකි සමස්ත ප්‍රතිලාභය සැලකිල්ලට ගෙන, ඇතැම් කොන්දේසිවලට යටත්ව, ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර/ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිල දී ගැනීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවලට, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට සහ අවස්ථානුකූලව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි මූල්‍ය නොවන සමාගම් සඳහා අවසර ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය එකඟතාව පළ කර ඇත.

ඒ අනුව, කටයුතු කිරීම පිණිස 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි මූල්‍ය නොවන සමාගම් වෙත අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(1) වගන්තිය යටතේ නියෝග ප්‍රකාශයට පත් කිරීමටත්, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලදී.

Crisis Concept. Money Flow in Black Hole extreme closeup

Leave a Reply