එළැඹෙන 6 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේත් නව කැබිනට් අමාත්‍ය ධූරයේත් බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දෙන විට ඒ හා සමඟම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.
බැසිල් රාජපක්ෂ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ මෙන්ම ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතයි.
ආර්ථික සංවර්ධන අමාත්‍යධුරය යටතට කොළඹ වරාය නගරය, ආයෝජන මණ්ඩලය ඇතුළු දැනට මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිහිපයක් යළි ගැසට් කිරීමට නියමිත බවද වාර්තා වනවා.
මේ අතර හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට පරිසර අමාත්‍යධුරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.
එස්.බී. දිසානායක මහතාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ද්විත්ව පුරවැසිකම් දරමින් ආණ්ඩුවේ ඇමැතිකම් ගැනීමට බැසිල් රාජපක්ෂ මහතා සූදානම් වන්නේ ඇයිද යන්න බරපතළ ගැටලුවක් බව බෙංගමුවේ නාලක හිමියෝ සදහන් කර සිටියහ.
මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ සදහන් කර සිටියේ මුල සිටම අප ද්විත්ව පුරවැසි භාවයට විරුද්ධ වූ බවත්, ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා පවා කතා කොට දොස් තැබූ බවත්ය.
ජනාධිපතිවරයා යටතේ රට නිවැරදි මගට එනු ඇතැයි තිබූ බලාපොරොත්තු මේ වනවිට බිද වැටෙමින් තිබෙන බවද උන්වහන්සේ කීය.
නමුත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් සමීර සිල්වා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඉදිරි දිනකදි කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද දින මාධ්‍ය තුල පළවු වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය වාර්තාවක් බවයි.
හිටපු ජනාධිපතිතුමා අමාත්‍යධුරයක් හෝ කිසිදු තනතුරක් තමාවෙත ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලිමක් කර නොමැති අතර එවැනි කිසිදු තනතුරක් ලබාගැනිමට මෛත්‍රීපාල සිරිසේන මහතා බලාපොරොත්තු නොවන බව ප්‍රකාශ කර සිටිමි යනුවෙන් ඔහුගේ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
