කාබනික සහ රසායනික යන පොහොර වර්ග දෙක ම මෙරටට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වීම සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.
කාබනික පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබුනද ඉන් විය හැකි බලපෑම පිළිබඳ සැලකිල්ලට ගනිමින් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ගොවීන් කාබනික පොහොර භාවිතය සදහා හුරු කිරීම වෙනුවෙන් කලාකරුවන් පිරිසක් එක්ව ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කොට තිබේ.
මෙහිදී උමාරියා සිංහවංශ, නලින් පෙරේරා, රෝහණ බැද්දගේ, තිස්ස ජනනායක සහ සහන් රන්වල යන කලාකරුවන් මේ සදහා එක්ව සිටිති.
ආණ්ඩුව මීට සති දෙකකට ඉහතදී රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කළේය.
ජනපතිවරයා අද ජාතිය අමතමින් සිදු කිරීමට නියමිත ප්‍රකාශයේදී ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු කිහිපයකට විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මේ වනවිට ජනතාව බරපතළ ලෙස මුහුණදී සිටින ගැටලු 6 කට එහිදී විසඳුම් දෙනු ඇතැයි, අපේක්ෂා කරන බවයි.
• පැවති මිලටම ඉන්ධන මිල ගණන් පහත දැමීම.
• පොහොර භාවිතය වෙනස් කිරීම සැලසුම් සහගතවසිදු කිරීම සහ ඉදිරි කන්න සඳහා හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර නොමිලේ ලබා දීම.
• එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් ධීවර ජනතාවට සිදු වූ හානිය වෙනුවෙන් ස්ථීරසාර සහානාධාර වැඩපිළිවෙළක් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් විනාශ වී පරිසර පද්ධතිය යළි සංරක්ෂණය කිරීම.
• ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටින දරුවන් වෙනුවන් ඉතා ඉක්මන් විසඳුම් ලබා දීම.
• කොරෝනා වසංගත ව්‍යාප්තියට පාලනයට නිසි පියවර ගැනීම (එන්නත්කරණය කඩිනම් කිරීම, සෞඛ්‍ය අංශවලට අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබාදීම, රෝහල් පහසුකම් වැඩි කිරීම, PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම)
• කඩා වැටී ඇති ජන ජීවිත ගොඩනගන්නට ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දීම
