You are currently viewing ශානි අබේසේකර

ශානි අබේසේකර

අභියාචනාධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝගයක් නිකුත් කර තිබියදීත්, හිටපු රහස් පොලිසියේ අධ්‍යක්ෂ SSP ශානි අබේසේකර ජුනි 30 වනදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය.

අදාළ ඇප කොන්දේසි ලිඛිතව නොලැබුණු හෙයින් ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මෙසේ SSP අබේසේකර යලි රිමාන්ඩ් කරනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අභියාචනාධිකරණය පියවර ගත්තේය.

සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගතවීම ද තහනම් කෙරුණි.

සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට ද ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

මෙසේ අබේසේකර මහතාට ඇප ලැබුණේ මාස 10ක් රදවා තබා ගැනීමෙන් අනතුරුවය.

කෙසේවෙතත් යුරෝපා කොමිසම මගින් ජී.එස්.පී.ප්ලස් සහනය ලංකාවෙන් ඉවත් කරන බවට පසුගිය සතියේ යෝජනාවක් සම්මත කරගත් අතර එම යෝජනාවේ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සම්බන්ධයෙන්ද සදහන් කර තිබිණ.