ගිනිගත් නැවේ බලපෑම.

වාරකන් කාලයට දිවයින පුරා වෙරල තීරයන්ට මිය ගිය මත්ස්‍යයන් ගොඩ ගැසීම සාමාන්‍යයෙන්  සිදුවන දෙයක් බව කංචන විජේසේකර මහතා පවසනවා.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුව අමතමින්.

වෙරළක් දැක හෝ නොමැති පිරිසක් විවිධ ප්‍රකාශ පතුරවමින් සිටින බවත් ජනතාව තුල අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

විදේශ රටවල මත්ස්‍යයින් ගොඩ ගැසීම් මේ රටේ සිදුවූ ආකාරයට සමාජ මාධ්‍යයන් තුල පල කර ඇති බවත් ඊට අමතරව ධීවරයන්ගේ දැල් වලට හසුවන ඇතැම් මත්ස්‍යයින් හෝ කැස්බෑවන් මුහුදට නැවත දැමීමේදී ඔවුන් ගොඩ ගසා ඒමද සිදු විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම වසරේ කැස්බෑවන් ගොඩ ගැසීම පසුගිය වසර වලට සාපේක්ෂව ඉහළ ගොස් ඇතිද යන්න අවශ්‍ය නම් දත්ත වාර්තා සංසන්දනය මගින් අවබෝධ කර ගත හැකි බවත් කෙසේ නමුත් මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුවෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ගිණිගත් නැවෙන් වන්දි මුදල් ලබා ගැනීමට කටයුතු කරන අතරම සමුද්‍ර පද්ධතියට හානියක් වී ඇත්නම් එය පිළිසකර කිරීමේ කටයුත්තටද මැදිහත් වන බවත් ඒ මහතා අවධාරණය කර සිටිනවා.

පසුගිය 20 වැනිදා රාති‍්‍ර දේශීය ජල තීරයේදී එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීමට දින දහයකට පමණ පෙර සිටම එහි ගබඩාකොට තිබූ බහාලූමකින් නයිටි‍රි‍ක් ඇසිඞ් අම්ලය කාන්දුවීමක් සිදුවන බවට එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය දැනුවත්ව සිටි බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනි පෙරේරා මහත්මියට දැනුම් දුන්නේය.

රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් සිදුවන බැවින් නැව ගිනි ගැනීමට ලක්විය හැකි බවට නැවේ කපිතාන්වරයා විසින් එකී නැව් සමාගමේ දේශීය නියෝජිත ආයතනයට දැනුම්දී ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකී විද්‍යුත්  තැපැල් පණිවිඩ එම නියෝජිත සමාගම විසින් මකා දමා විමර්ශනවලට අවශ්‍ය සාක්‍ෂි හිතාමතාම වසන් කර ඇතැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් සිදුවන බව වසන් කර ඇති එකී දේශීය නියෝජිත ආයතනය නැව කිසිදු අනතුරුදායක තත්ත්වයක් නොමැතිව සුරක්‍ෂිත තත්ත්වයේ පවතින බැවින් දේශීය මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති බවත් නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් ඇති බවට මුල්වරට කොළඹ වරාය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ පසුගිය 20 වැනිදා පෙරවරු 10.00 ට පමණ වන්නේ යැයිද අධිකරණයට පෙන්වා දුන්නේය.

එබැවින් එකී නියෝජිත ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ අර්ජුන හෙට්ටිආරච්චි, සහකාර කළමනාකාර සංජීව සමරනායක ඇතුළු හත්දෙනකුද එම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර ඔවුන් අධිකරණය හමුවට කැඳවීමට සිතාසි නිකුත් කරනා ලෙසටද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල එම ඉල්ලීම සිදුකරනුයේ ඉදිරි විමර්ශන සඳහා බවට අධිකරණය හමුවේ සනාථ කර නොමැති බවත් එවැනි චෝදනාවලට එරෙහිව පවරන නඩු විභාග කිරීමේ බලය ඇත්තේ මහාධිකරණයට පමණක් බවත් පෙන්වා දුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කළාය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ නැවෙන් ඉවත් කරගත් දත්ත පටිගත කිරීමේ යන්ත‍්‍රය රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙසට පැමිණිල්ල කළ ඉල්ලීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී අවසර ලබා දුන්නාය.

එම නෞකාවට ආරක්‍ෂාව සපයන ලෙසටද එහිදී නාවික හමුදාපතිවරයාට නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නඩුව ලබන 15 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළාය.

පසුගිය දා කොළඹට නුදුරු මුහුදේ දී අනතුරට පත් නෞකාවෙන් සිදු වූ හානිය වන්දි මුදලකින් තක්සේරු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ,  එතුළින් මෙරට වෙරළ තීරයටත්, සාගර ජීවීන්ටත්, සාගර පරිසරයේ ජෛව විවිධත්වයට සහ ධීවර ප්‍රජාවට ත්  ගණනය කළ නොහැකි තරම් බලපෑමක් සිදුවූ බවයි.

Leave a Reply