රටේ පවතින වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් බැහැදැකීමට තමා බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
දේශපාලනයෙන් තොරව රට ගැන අවංක හැඟීමෙන් යුතුව සිදුකරන විවේචන පිළිබඳව සොයා බැලීමට රජය ක‍්‍රියාකරන බවත් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වාදීම තුළින් ඒවා නිවැරදි කර ගැනීමට හැකි බවත් අගමැතිවරයා සඳහන් කළේය.
මහා සංඝරත්නය ඇතුළු සියලූම ආගමික නායකයන් රට ගැන හැඟීමකින් යුතුව සිදුකරන අනුශාසනාවලින් බැහැරවීමට රජය කිසි විටෙකත් කටයුතු නොකරන බව ද අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
