ලෝක ප්‍රහාරක ගුවන් යානා තරඟය අලුත් කරමින් චීනය විසින් සැතපුම් 5000ක පමණ දුරක් ගමන් කළ හැකි නවතම ප්‍රහාරක යානයක් නිපදවා තිබේ.
ෂින් එච් 20 නම් මෙම යානයට ශබ්දයෙන් තොරව සැතපුම් 5000ක පමණ දුරක් පියාසර කරමින් සතුරු ඉලක්ක වෙත බෝම්බ හෙළිය හැකි බව සදහන් වේ.
මෙතෙක් එවැනි හැකියාවකින් යුතු වූයේ ඇමරිකාව සතු US B 20 නම් ප්‍රහාරක යානා විශේෂයට පමණයි.
නව නිෂ්පාදනයත් සමග චීනයට පැසිෆික් සාගරයේ පිහිටි ගුවාම් වැනි ඇමරිකානු කදවුරු වෙත පවා ප්‍රහාර එල්ල කිරීමෙි හැකියාව ලැබෙන බව සදහන් වේ.
ජනාධිපති ෂී ජින් පින් යටතේ චීනයේ යුද බලය නැංවීමේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක අතර 2049 වර්ෂය වන විට ඇමරිකාවේ යුද බලය ඉක්මවා යාම ඔවුන්ගේ අරමුණ වී ඇති බව වාර්තා වේ.
