අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය මංගල අයවැය යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.
එය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 6 ක අයවැය සැලැස්මකි.
පසුගිය වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ අය වැය යෝජනාවලිය, ඩොලර් ට්‍රිලියන 4.8 කින් සමන්විත විය.
ඊට සාපේක්ෂව පුළුල් සැලැස්මකින් යුත් ජෝ බයිඩ්න්ගේ යෝජනාවලියෙන් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ සමාජ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර තිබේ.
ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ එය සම්මත වුවහොත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අමෙරිකාවේ වැඩිම වියදම් ඇතුළත් අය වැය මෙය වනු ඇති බවයි.
තම අය වැය, ජනතාව වෙනුවෙන් සෘජුවම ආයෝජනය කිරීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර ඇතැයි, ජෝ බයිඩ්න් පවසයි.
ඉන් රටේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන අතර, දිගු කාලීනව මූල්‍ය තත්ත්වය ඉහළ නංවනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
