කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයකුගේ කෙළ බිඳිති ඔස්සේ වෛරසය වෙනත් පුද්ගලයකුගේ ශ්වසන මාර්ගයට ඇතුළුවීමේ හැකියාවක් ඇති බව වයිරස පිළිබද ප්‍රකට විද්‍යාඥයකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
එබැවින් නිරන්තරයෙන්ම මුව ආවරණ දමාගෙන සිටීමෙන් හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යෑමෙන් වයිරසය එලෙස ඇතුලුවීම වළක්වා ගත හැකි බවත් ඔහු පවසනවා.
කෙසේ වෙතත් වයිරසය යම් යම් පෘෂ්ඨයන්හි කිසියම් කාලයක් රැඳී තිබිය හැකි බවත් දෑත් සබන් යොදා සේදීමෙන් එය විනාශ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
