කොරෝනා අස්සේ ජාත්‍යන්තර හෙද දිනය

හෙද සේවයේ නිර්මාතෘවරිය ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනියගේ ජන්ම දිනයට සමඟාමීව සෑම වර්ෂයකම මැයි 12වැනිදා සමරනු ලබන ජාත්‍යන්තර හෙද දිනය ඊයේ දිනට යෙදී තිබිණි.

ජාත්‍යන්තර හෙද දිනය එලෙස සමරන විට මෙරට කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොහොයුරියන් 243 දෙනකු මේ වන විට එම රෝගය ආසාදනය වී ප‍්‍රතිකාර ලබා ඇති බව කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදි නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ හෙදි නිලධාරිනියන් පිළිබඳ විස්තර දෛනිකව අලූත් වන අතර මෙම සංඛ්‍යාලේඛන තවත් ඉහළ යා හැකි බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටි හෙද නිලධාරීන් දහස් ගණනක් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර සිටින බවද පුෂ්පා රම්‍යානි මහත්මිය කියා සිටියාය.

කොළඹ ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරීහු 27 දෙනෙක් මේ වන විට කොරෝනා වෛරස ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටිති.