රාජ්‍ය සේවා කොමිෂන් සභා සතු බලතල ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ප්‍රාථමික හා ද්විතීක මට්ටමේ නිලධාරීන් වෙත පැවරීමේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් දයා සෙනරත්ගේ අත්සනින් යුත් එම ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබූ පටිපාටිවලට අනුකූලව ස්ථාන මාරු කිරීමේ බලතල ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත පැවරෙනු ඇති.
අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් යටතේ ඇති ප්‍රාදේශීය කාර්යාලවල හෝ ආයතනවල සේවයේ නිරත නිලධාරීන්ට අදාළ ස්ථාන මාරු අමාත්‍යාංශ ලේකම් හෝ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානියාට සිදුකළ හැකියි.
එමෙන්ම, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබූ පටිපාටිවලට අනුව දිස්ත්‍රික්කයක් තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර නිලධාරීන්ගේ ස්ථාන මාරු සිදුකිරීමේ බලතල අදාළ දිස්ත්‍රික් ලේකම් වෙත පැවරෙන බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
