සංචරනයද?ලොක්ඩවුන්ද?
COVID-19 වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් පළාත් අතර ගමන් තහනම් පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 දක්වා අදාල තීරණය ක්‍රියාත්මක කරන බවයි.
COVID-19 කාර්ය සාධක බලකාය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සෞඛ්‍ය විශේෂඥයින් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී අදාල තීරණය ගෙන තිබෙනවා.
එම සාකච්ඡාවට පැමිණ සිටි සියලු දෙනා පළාත් අතර සහ දැඩි සංචරන තහනම් පැනවීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සම්පූර්ණ වශයෙන් රට වසා දැමීමටද මෙහිදී එකඟවී තිබෙනවා.
ඉදිරියේදී රට සම්පූර්ණයෙන් වසා තැබීමේ සූදානමක් නැති බවත් පළාත් අතර සංචරණ සීමා පැනවීම සිදුවන බවත් කොව්ඩි 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවිත මධ්‍යථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
