කංසා භාවිතයට අවසර ලබා දිය යුතුද?

කංසා භාවිතයට අවසර ලබා දිය යුතු බවත්, මධ්‍යම රාත්‍රිය වන තෙක් සුරාසැල් විවෘත කොට තබා රාත්‍රී ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත් සදහන් කරමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට එරෙහිව මේ වනවිට දැඩි විවේචනයන් එල්ල වෙමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ගේ මෙම යෝජනාව හෙළා දැකීමට කටයුතු කොට ඇත.

“මේ මොහොතේ අපට අවශ්‍ය වන්නේ සියලු බාර් වසා දැමීමට මිස ආරම්භක වේලාව දීර්ඝ කිරීමට නොවේ.’ යැයි හෙතෙම සදහන් කොට ඇත.

ශ්‍රී ලංකාව මත්පැන්වලින් මුදල් උපයා ගත යුතු යැයි පැවසීම පවා නින්දිත බව කී සමාධි රාජපක්ෂ මහතා විශේෂයෙන් කාන්තාවක් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම පිළිබදව කනගාටු වන බවද කියා තිබේ.

Leave a Reply