ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත.

ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ  3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව  2021 පෙබරවාරි 23 දිනැති අංක 2216 /4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පලකළ නියෝග අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

විශේෂයෙන් වාර්ෂිකව ලෝක උත්තේජන මර්දන නියෝජ්‍යායතනය විසින් විවිධ ක්‍රීඩාවන් සඳහා තහනම් උත්තේජක ද්‍රව්‍ය ලෙස නමිකරන ලැයිස්තුවක් නිකුත් කරන අතර නොදැනුවත්ව හෝ ක්‍රීඩකයන් මෙම ද්‍රව්‍යයන් තම කුසලතා වර්ධනය සඳහා භාවිතා කිරීම ඔවුන් එම තරග ඉසවුවේ තහනමට ලක්වීමට හෝ වෙනයම් ක්‍රියාමාර්ගයකට යොමු කිරීමට හේතුවක් වේ.

මේ අනුව 2021 වර්ෂයේ ජනවාරි 01 දින සිට මෙම වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා වලංගු වන තහනම් ද්‍රව්‍ය ලැයිස්තුව මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මීට අදාල ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 23 වෙනිදා නිකුත්කොට තිබූණි.

විවිධ ක්‍රීඩා ඉසව්වන් වල නියැලෙන තරගකරුවන් තරඟ කාලසීමාව තුළදී, සියළු අවස්ථාවලදී, විශේෂයෙන් සඳහන් කරන ලද අවස්ථාවලදී භාවිතා නොකළයුතු  සහ අපහරණයට ලක්විය හැකි ද්‍රව්‍යයන් ලෙස  භාවිතා නොකළයුතු ද්‍රව්‍යය ගණනාවක් මේ මගින් නම්කොට තිබේ.

ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා විසින්.

එම නියෝග ඇතුළත් ගැසට් පත්‍රය පහත දැක්වේ.
http://www.documents.gov.lk/files/egz/2021/2/2216-04_S.pdf

Leave a Reply