අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හවුල්කාර පක්ෂ නායකයන් සමඟ අරලියගහ මන්දිරයේ අද පැවැති සාකච්ඡව අමාත්‍යවරුන්වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර මහත්වරුන් විසින් වර්ජනය කර තිබෙනවා.
ඒ මෙම රැස්වීම පක්ෂ නායකයන්ගේ රැස්වීමක් වුවත් එයට පක්ෂ නායකයන් නොවන විශාල පිරිසක් සහභාගීවීම නිසයි.
පළාත් සභා මැතිවරණය, පොර්ට්සිටි ව්‍යාපෘතිය, ආණ්ඩුවේ පාර්ශව කරුවන් අතර පවතින මතභේදයන් ගැන සාකච්ඡා කිරීම හා රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබුණා.
ඒ අනුව අද පෙරවරු 10.30 ට අරලියගහ මන්දිරයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන්ගේ රැස්වීම ආරම්භ වුණා. මෙම රැස්වීම සඳහා 51 දෙනෙකුට ආරාධනා කර තිබුණා.
එහෙත් මෙම සාකච්ඡාවට සහභාගීවීමට පැමිණ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගිවිසුම්ගතව සිටින්නේ දේශපාලන පක්ෂ 14ක් පමණක් බවයි.
මෙවැනි විශාල පිරිසක් සමඟ තම තමන්ගේ පක්ෂවල ගැටළු ගැන සාකච්ඡා කළ නොහැකි බව පවසමින් අමාත්‍යවරුන් තිදෙනා පක්ෂ නායක රැස්වීමෙන් පිටත්ව ගොස් තිබෙනවා.
