රට තවමත් අනාරක්ෂිතයි.

2019 වසරේ අප්‍රේල් 21 සිදුවූ පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්ණ වන ලබන 21 වනදා සිදුකෙරෙන විශේෂ ආගමික වතාවත් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.එම මාධ්‍යය හමුවට සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාද සහභාගී විය.

එතුමා පැවසුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් පරිදි, මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා 350 ක පිරිසක් පුහුණුව ලබා ඇති අතර ඉන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉතා සුළු පිරිසක් වන  අතර ඉතිරි පිරිස සමාජයේ ජීවත්වන බවයි.එමෙන්ම මෙරටට කඩු 6000ක් ගෙන්වා ඇති අතර ඒ අතරින් කඩු යම් ප්‍රමාණයක් ආරක්‍ෂක අංශ සොයාගත්තද ඉතිරි ඒවා සමාජය තුළ ඇති බවද සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

තවමත් රටතුළ අනාරක්‍ෂිත තත්වයක් පවතින බවත්,ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් කඩිනමින් පියවර ගතයුතු බවද වැඩිදුරටත් උන්වහන්සේ පැවසීය.

Leave a Reply