මිෂෙල් බැෂෙලේ ලතින් අප්‍රිකානු විශාල දේශයක් වන චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනිය වෙයි. එනම් ඇය එරට 35 වැනි ජනාධිපතිවරයා වන අතර, 2014 මාර්තු 11 සිට 2018 මාර්තු 11 දක්වා නොකඩවා චිලි රාජ්‍යය පාලනය කළ ජනාධිපතිනිය වෙයි.
මිලියන 17.5ක ජනතාවක් වෙසෙන ‘චිලි’ යනු ලෝකයේ 37 වැනි විශාලම රාජ්‍යයද වෙයි. මිෂෙල් බැෂලේ චිලි රාජ්‍යයේ ජනාධිපති ධුරයට පත්වූයේ 62%ක අති විශාල ඡන්ද බහුතරයක් ලබාගනිමින් වන අතර, ඇය එරට ප්‍රථම ජනාධිපතිනියද වූවාය. මෙවැනි සුවිශේෂි චරිතයක් මානව හිමිකම් කොමසාරිස් ධුරයට පත්වූයේ කෙසේද? මිෂෙල් බැෂෙලේ චිලි රාජ්‍යයේ ආරක්‍ෂක ඇමැති ධුරයද වසර ගණනාවක් දැරූ කාන්තාවක් වන අතර, ඇය ලොව වටා ජනප්‍රියත්වයටද පත්ව සිටින්නේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙසය. කෙසේ හෝ ඇය යම් ආකාරයක දරදඬු පරිපාලිකාවක් ලෙසටද ප්‍රකටය. මෙවැනි වටාපිටාවක් යටතේ ඇය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස පත්වන්නේ 2018 සැප්තැම්බර් 01 දා වන අතර, දැනටද ඇය එම තනතුර උසුලන්නීය.
ඇය දැනට මෙම උත්තරීතර තනතුර වසර 3ක් පුරා හොබවන අතර, ඇය 2019 සහ 2020 යන වසර දෙකෙහිදීම ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා ගෙන ඒමට කටයුතු කළාය. කෙසේ හෝ එම වසරවලට වඩා ඇය ඉතාමත්ම ප්‍රබල ලෙස ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් දෝෂාරෝපණය ගෙන ආවේ මෙම වසරේදීය. ඇය පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාව සහ රජය ඉතාමත්ම ප්‍රබල ලෙස එළිපිටම සමාජය තුළදී විවේචනයට සහ දැඩි දෝෂදර්ශනයට ලක්කළාය. එහිදී ඇය දරුණු ලෙස වත්මන් ශ්‍රී ලංකා රජයට පහර දෙන අතර, 2009 වාර්ගික යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් දැඩි ලෙස හෙළා දකින්නීය. කෙසේ හෝ මෙවර ඇයගේ ප්‍රධානත්වය යටතේ ඉදිරිපත්ව ඇති චෝදනාවලිය මේ වන විට දෙස් – විදෙස් බොහෝ පාර්ශ්ව දැඩි ආන්දෝලනයකට පත්කර ඇත.
