ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩිම වාර ගණනක් අඛන්ඩව මහජන ජන්දයෙන් කාන්තා මන්ත්‍රීවරියක් ලෙස පත්වී නියෝජනය කිරීමේ වාර්තාවක් පිහිටවූ,වසර 33 ක අඛන්ඩ පාර්ලිමේන්තු නියෝජනයක් හිමි හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිනී අමරා පියසීලි රත්නායක මහත්මියටත්,
ශ්‍රී ලංකාවේ ප්‍රථම වනිතා කටයුතු ඇමතිනිය ලෙස පත්වූ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිනි සුනේත්‍රා රණසිංහ මහත්මියටත් උපහාර පුදනු ලැබීය.සුනේත්‍රා රණසිංහ මහත්මිය මේ වනවිට දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ විපක්‍ෂනායකවරිය ලෙස කටයුතු කරනු ලබයි.
“අභියෝග ජයග්‍රහණය කිරීම” තේමාව කරගත් 2021 ජගත් කාන්තා දින සැමරුම සිරිකොතදී එක්සත් ලක්වනිතා පෙරමුණේ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී,
