ශ්‍රී ලංකා රජය හා අග්‍රාමාත්‍යවරයා කොරෝනා භූමදාන මාර්ගෝපදේශය යටපත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.
ප්‍රජාතාන්ත්‍රවාදී රජයක් ලෙස මෑතකදී ජිවිත අහිමිවුවන්ගේ ආදරණීයන්ට ගෞරවණීය අයිතිය හිමිකර දිය යුතු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
තානාපතිවරියගේ ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසා ඇත්තේ මේ පිළිබඳව ලබාදෙන අඛණ්ඩ සහයෝගය සහ අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළකරන බවයි.
