යාපනය සහ බදුල්ල පළාත් පාලන නීති දෙකක්ද?

මේ වනවිට යාපනය සහ බදුල්ල මහ නගර සභාවල පවතින තත්වය පිළිබඳව සමාජයේ කතාබහක් ඇතිව තිබේ.වාර්ෂික අයවැය ලේඛණ පරාජයට පත්වීම එකම ආකාරයෙන්  සිදු වුවද ඊට අදාළව පසුව ඇතිව තිබෙන තත්වය යාපනය සහ බදුල්ල මහ නගර සභාවල වෙනස් මුහුණුවරක් ගෙන ඇත.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය සහ පනතේ පවතින අඩුපාඩු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සහ මෙරට සියලු දේශපාලන පක්‍ෂ අවධානය යොමුකළයුතු කාලය එළඹ තිබේ.

යාපනයට එක නීතියක් අපට වෙන නීතියක්ද. එක රටක් එක නීතියක් කියලා ජනාධිපතිතුමන් කියනවා නම් මේ විහිලුව මොකක්ද. මම අහන්නේ ඌව පළාත් ආණ්ඩුකාරවරයාගෙනුත් පළාත් පාලන කොමසාරිස්වරයාගෙනුත් මේ රටේ දැන් පළාත් පාලනය නීති දෙකක්ද කියලයි. මෙම අයවැය නැවත කැඳවන්න කියලා ඉල්ලමින් බදුල්ල මහාධිකරණයේ අපි නඩුවක් ගොනු කරලයි තිබුණේ. එසේ තිබියදී තමයි මෙසේ සභාව විසුරුවන්න කටයුතු කළේ. එම නිසා මේ ගත් තීරණය සම්පූර්ණයෙන්ම අප හෙළා දකිනවා.-බදුල්ල මහ නගර සභාවේ විපක්ෂ නායක එම්.ඩී.ඒ. හේමචන්ද්‍ර

ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා විසින් බදුල්ල මහ නගර සභාවේ කටයුතු  අත්හිටුවා තිබේ.

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරයා සභාව අත්හිටුවා ඇති අතර එහි බලතල ක්‍රියාත්මක කිරීමට විශේෂ කොමසාරිස්වරයකු පත් කර ඇත.

බදුල්ල නගර සභාවේ නගරාධිපතිවරයා ගැන මාස තුනක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක්ද කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන්ගේ බහුතරය අහිමි වීම මත සභාවේ කටයුතු අඩාල වී තිබීමද මෙම තත්ත්වයට බලපා ඇත.

නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාට මන්ත්‍රීවරු බහුතරයකගේ සහාය නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරයා  පවසන්නේ. මේ හේතුවෙන් සභාවේ කටයුතු අක්‍රිය වී තිබූ බව ද ආණ්ඩුකාරිවරයා පෙන්වා දෙනවා.

මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් සමන්විත බදුල්ල නගර සභාවේ පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී පාලන බලය පිහිටුවා තිබිණ.

දෙමළ ජාතික සන්ධානයට බලය හිමි යාපනය මහ නගර සභාවේ අයවැය කියවීම  වැඩි

ඡන්ද 3 කින්‌ පරාජයට පත්විය.

යාපනය මහ නගර සභාවේ ආරංචි මාර්ග අනුව අයවැය දෙවන වර කියවීමේදී අයවැයට පක්ෂව

ඡන්ද 21 ක්‌ සහ විපක්ෂව ඡන්ද 24 ක්‌ ලැබී තිබේ.

2021 වර්ෂය සඳහා එම මහ නගර සභාවේ නගරාධිපති  එමානුවෙල්‌ ආර්නෝල්ඩ්‌ මහතා

ඉදිරිපත් ‌ කළ අයවැය පළමු වර කියවීම දෙසැම්බර්‌ 2 වන දා සිදු කළ අනර එහිදී අයවැයට පක්ෂව

ඡන්ද 19 ක්‌ සහ විපක්ෂව ඡන්ද 24 ක්‌ හිමි විය.

අයවැය දෙවන වර කියවීමේදී දෙමළ ජාතික සන්ධාන සභිකයන්‌ 16 දෙනෙක්‌, එක්සත් ‌ ජාතික

පක්ෂ සභිකයින්‌ තිදෙනෙක්‌, දෙමළ නිදහස්‌ පෙරමුණු පක්ෂ සභිකයෙක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌

පක්ෂ සභිකයෙක්‌ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත.

මේ අතර, දෙමළ ජාතික මහජන පෙරමුණු සභිකයන්‌ 13 දෙනෙක්‌, ඊ. පී. ඩී. පී. පක්ෂයේ

සභිකයන්‌ 10 දෙනෙක්‌ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂ සභිකයෙක්‌ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ

කර තිබේ.

මහ නගර සභාවේ අයවැය දෙවරක්‌ පරාජයට පත්වීම සහ මහ නගර සභාවේ තනි පක්ෂයක්‌

වෙත  50% ක තනි බලයක්‌ නොමැතිවීම හේතුවෙන්‌ මහ නගර සභා පනතේ  ප්‍රතිපාදන මත 

පළාත්‌ පාලන කොමසාරිස්වරයා වෙත  නව නගරාධිපතිවරයෙකු පත් ‌ කිරීමට බලය හිමිවන

අතර, අදාළ ක්‍රියාමාර්ග අනුව මහ නගර සභාවේ නගරාධිපති  වෙනස්වූ 

බව විශ්ලේෂකයෝ පවසති.

වී. මනිවන්නන් මහතා යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්කර තිබෙනවා.ඔහු දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයෙකි.යාපනය මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඊ. ආනල්ඩ් මහතා  එම ධූරයෙන් ඉල්ලා අස්විය.

Leave a Reply